"අල්පොන්සු-XII" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1857–1885). ස්පාඤ්ඤය එක්සත් කරනු ලැබීමෙන් පසු මුළු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:52, 18 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
(1857–1885). ස්පාඤ්ඤය එක්සත් කරනු ලැබීමෙන් පසු මුළු රටේ ම පාලකයා වූ ප්‍රථම රාජයාය. ස්පාඤ්ඤයේ දෙවන ඉසබෙලා බිසවගේ පුත්‍රයාය. 1868 දී ස්පාඤ්ඤයේ ඇති වූ විප්ලවය නිසා රටින් පිටවී යන්නට සිදුවුණ දෙමාපියන් සමග මොහු ද ප්‍රංසයට ගියේය. අල්පොන්සු තමාගේ මූලික අධ්‍යාපනය හා යුද පුහුණුව ලැබූයේ ඕස්ට්‍රියාවේ දී හා එංගලන්තයේ දීය. 1870 දී සිය මව තමා වෙනුවෙන් සිංහාසනය අත්හැර දැමූ නිසා 1874 දෙසැම්බර් මස 28 වන දා මෙතෙමේ ස්පාඤ්ඤයේ රජකමට පත් විය. හවුරුදු එකොළොසකට සීමා වූ කෙටි රාජ්‍ය කාලය තුළ දී මෙතෙමේ ස්පාඤ්ඤ රාජ්‍යයේ සාමය ඇති කොට එහි ආර්ථික තත්ත්වය ද දියුණු කොට පාලන යන්ත්‍රය ද මනාව සංශෝධනය කෙළේය.
(සංස්කරණය: 1965)