"අල්බස්රී අල්හාසන්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(642-728). අරාබි ජාතික පඬිවරයෙකි, දේශකයෙකි, ඉස්ලාමික...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:36, 19 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
(642-728). අරාබි ජාතික පඬිවරයෙකි, දේශකයෙකි, ඉස්ලාමික භක්තිමතෙකි. වාඩි අල්-කුරාවේ හැදුණු වැඩුණු හෙතෙම පසු කලෙක බස්රාව ස්ථිර වාස භූමිය කොට ගත්තේය. ස්වෛරී කල්පනාවෙන් යුතුව සිය අදහස් නොබා පළ කළ හෙතෙම සූෆීවාදයේ දියුණුවට බොහෝ සෙයින් රුකුල් දුන්නේය.
ඔහුගේ ආගමික උපදේශ සූෆීවාදීන් අතර මෙන්ම, පැරැණි මතධාරී සුන්නිවාදීන් අතර ද බෙහෙවින් ප්‍රචලිත විය. මුටසිලාවාදය ඇරැඹූවන් මොහුගේ ගෝලයන් වූ නිසාත් ඒ වාදයත් නිදහස් චින්තනය අගය කොට සලකන්නක් වූ නිසාත් ඒ මතධාරීහු ද මොහුට ගෞරව කරති.
(සංස්කරණය: 1965)