"අවශිෂ්ට අංග" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Vestigial Structures). අවශිෂ්ට අංග වනාහි ශරීරයෙහි ඇති, පරිහ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
(Vestigial Structures). අවශිෂ්ට අංග වනාහි ශරීරයෙහි ඇති, පරිහානියට යමින් පවත්නා වූ හෝ පුරා නොවැඩුණා වූ හෝ කුඩා අංග වේ. අතීතයෙහි ඒ ඒ සන්තතියේ වූවන් කෙරෙහි මේවා ක්‍රියාකාරීව හෝ එසේ නැතිව හෝ තිබුණා වීමට පිළිවන. ජිවීන් වෙත අවශිෂ්ට අංග තිබීමෙන් එම වංශ ඉතිහාසයෙහි යම් කාලයක දී පැවති ගතිපැවතුම්වල වෙනසක් පෙන්වයි. අවශිෂ්ට අංග ඇති වීමට ප්‍රධාන හේතුව ඒ ඒ ශරීරාංග ප්‍රයෝජනයට නොගැනීමය.
 
චාල්ස් ඩාවින්,“විශේෂයන්ගේ සම්භවය” (Origin of Species) සහ“මිනිස් පෙළපත”  (The Descent of Man) යන පොත්හි මූලික (rudimentary) අංග නමින් විස්තර කරන ලද මේ අවශිෂ්ට අංගපරිණාමය (බ.) ඔප්පු කිරීම පිණිස ඉතා ප්‍රයෝජනවත්ය.
+
චාල්ස් ඩාවින්, 'විශේෂයන්ගේ සම්භවය' (Origin of Species) සහ 'මිනිස් පෙළපත' (The Descent of Man) යන පොත්හි මූලික (rudimentary) අංග නමින් විස්තර කරන ලද මේ අවශිෂ්ට [[අංගපරිණාමය]] (බ.) ඔප්පු කිරීම පිණිස ඉතා ප්‍රයෝජනවත්ය.
  
තල්මස් ඇටසැකිල්ලෙහි කශේරුවෙන් මුළුමනින් ම වෙන් වූ, කිසි ප්‍රයෝජනයක් නැති ශෝණි (pelvic) අස්ථි කැබැලි දෙකක් ඇත.මේවාට අවශිෂ්ට අංග යැයි කීමට පිළිවන. මෙයින් පෙනෙනුයේ තල්මසුන්ගේ මුතුන්මිත්තන් සිවුපාවුන් වූ බවත් ඔවුන් වාසකොටගත් මුල් ගොඩබිම් පරිසරය හැර දමා ජලයට පැමිණි පසු එහි දී ගමන් කිරීමට පාදයන් ප්‍රයෝජනයට නොගත් බවත්ය. ඒ නිසා පාදයන් පරිහානියට ගොස් අද මේ ඇට කැබැලි දෙක පමණක් අවශිෂ්ට අංගයන් ලෙස ඉතිරි වී තිබේ.
+
තල්මස් ඇටසැකිල්ලෙහි කශේරුවෙන් මුළුමනින් ම වෙන් වූ, කිසි ප්‍රයෝජනයක් නැති ශෝණි (pelvic) අස්ථි කැබැලි දෙකක් ඇත. මේවාට අවශිෂ්ට අංග යැයි කීමට පිළිවන. මෙයින් පෙනෙනුයේ තල්මසුන්ගේ මුතුන්මිත්තන් සිවුපාවුන් වූ බවත් ඔවුන් වාසකොටගත් මුල් ගොඩබිම් පරිසරය හැර දමා ජලයට පැමිණි පසු එහි දී ගමන් කිරීමට පාදයන් ප්‍රයෝජනයට නොගත් බවත්ය. ඒ නිසා පාදයන් පරිහානියට ගොස් අද මේ ඇට කැබැලි දෙක පමණක් අවශිෂ්ට අංගයන් ලෙස ඉතිරි වී තිබේ.
  
තල්මසුන් පමණක් නොව බෙහෙවින් පරිණාමය වී ඇති කවර සතකු පිළිබඳව වුවද කලල විද්‍යාවත් ව්‍යුහ විද්‍යාවත් හැදෑරීමේ දී අවශිෂ්ට අංශ විශාල සංඛ්‍යාවක් පෙනේ. මිනිසාගේ උණ්ඩුක පුච්ඡය, මිනිස් පයෙහි සුළැඟිල්ලේ අන්තිම ඇටය, ක්ෂීරපායී කලලයෙහි කහමදයක් නැති කහමද උරිය (yolk sac), අශ්ව කකුලෙහි පතුරු ඇට, පැස්බර, කිවි ආදී දුවන කුරුල්ලන්ගේ පියාපත්,කුරුලු පියාපත්හි ඇති පළමුවැනි ඇඟිල්ල,ස්පනොඩොනයා ගේ තුන්වැනි ඇස හෙවත් කේතු දේහය (pineal body), පිඹුරන්ගේ ශ්‍රෝණි ඇට, අඳුරු ලෙන් වැසි යුරෝඩිල් (urodele) උභය ජීවීන් ගේ ඇස්. මෝර ආදි කාටිලේජීය (eratilaginous) මාළුන්ගේ ව්‍යාජ කරමල (pseudobranch) හා ශ්වාස රන්ධුය (spiracle), කෘමීන්ගේ නොහැඳිනිය හැකි පමණට අතුරුදන් වී ඇති උදර සලාකය (abdominal segment) ආදිය අවශිෂ්ට අංගයි. මිනිස් සිරුරෙහි අවශිෂ්ට අංග 90ක් තිබේය යනු වීඩර්ස්හයිම්ගේ (Wiedersheim )මතයයි.
+
තල්මසුන් පමණක් නොව බෙහෙවින් පරිණාමය වී ඇති කවර සතකු පිළිබඳව වුවද කලල විද්‍යාවත් ව්‍යුහ විද්‍යාවත් හැදෑරීමේ දී අවශිෂ්ට අංශ විශාල සංඛ්‍යාවක් පෙනේ. මිනිසාගේ උණ්ඩුක පුච්ඡය, මිනිස් පයෙහි සුළැඟිල්ලේ අන්තිම ඇටය, ක්ෂීරපායී කලලයෙහි කහමදයක් නැති කහමද උරිය (yolk sac), අශ්ව කකුලෙහි පතුරු ඇට, පැස්බර, කිවි ආදී දුවන කුරුල්ලන්ගේ පියාපත්, කුරුලු පියාපත්හි ඇති පළමුවැනි ඇඟිල්ල, ස්ෆෙනොඩොනයාගේ තුන්වැනි ඇස හෙවත් කේතු දේහය (pineal body), පිඹුරන්ගේ ශ්‍රෝණි ඇට, අඳුරු ලෙන් වැසි යුරෝඩීල් (urodele) උභය ජීවීන්ගේ ඇස්, මෝර ආදි කාටිලේජීය (cratilaginous) මාළුන්ගේ ව්‍යාජ කරමල (pseudobranch) හා ශ්වාස රන්ධ්‍රය (spiracle), කෘමීන්ගේ නොහැඳිනිය හැකි පමණට අතුරුදන් වී ඇති උදර සලාකය (abdominal segment) ආදිය අවශිෂ්ට අංගයි. මිනිස් සිරුරෙහි අවශිෂ්ට අංග 90ක් තිබේය යනු වීඩර්ස්හයිම්ගේ (Wiedersheim) මතයයි.
  
ශරීරයෙහි සෙසු කොටස් වැඩෙන අතර අවශිෂ්ට අංග නොවැඩී තිබෙන්නේ, ප්‍රවේණි පාලනය පිට ඒවායෙහි වැඩීමේ වේගය ඉතා ස්වල්ප බවට යන හෙයිනි. මේ නිසා කලල අවස්ථාවේ දී පෙනෙන සමහර අංග ජීවියා වැඩුණු පසු ද නොවැඩී පවතී. දෙපත් නයකුගේ ද කටුස්සකුගේ ද කලලවල ගාත්‍ර ආකෘති පෙනේ. එහෙත් වැඩුණු දෙපත් නයකුට ගාත්‍ර නැත. මිනිස් කලලයෙහි ඇති වලිගය ද මෙවැනි ම එකකි.
 
සමහර අවශිෂ්ට අංග විනාශ වෙමින් පවත්නා අතර අලුත් කෘත්‍යයන් සඳහා යොදාගැනීම නිසා සමහරක් ශේෂ වී ඇත. මේවා අතර ඩිම්බවාහිනියෙහි අභ්‍යන්තර විවරය බවට පත් කශේරුක යන්ගේ කලලයෙහි වූ ප්‍රාග්වෘක්ක පුනීලය ද (pronephric funnel) ක්ෂීරපායීන්ගේ මැද කනෙහි ශ්‍රවණ අස්ථිකා (auditory ossicles) බවට පරිවර්තනය වූ උරග කපාලයෙහි යටි හකු ඇට ද ඩිප්ටෙරා (Diptera) ගෝත්‍රයේ කෘමීන්ගේ තුලාකාර (halteres) බවට පත්ව ඇති පිටිපස්සා පියාපත් දෙක ද වේ.  
+
සමහර අවශිෂ්ට අංග විනාශ වෙමින් පවත්නා අතර අලුත් කෘත්‍යයන් සඳහා යොදාගැනීම නිසා සමහරක් ශේෂ වී ඇත. මේවා අතර ඩිම්බ වාහිනියෙහි අභ්‍යන්තර විවරය බවට පත් කශේරුකයන්ගේ කලලයෙහි වූ ප්‍රාග්වෘක්ක පුනීලය ද (pronephric funnel) ක්ෂීරපායීන්ගේ මැද කනෙහි ශ්‍රවණ අස්ථිකා (auditory ossicles) බවට පරිවර්තනය වූ උරග කපාලයෙහි යටි හකු ඇට ද ඩිප්ටෙරා (Diptera) ගෝත්‍රයේ කෘමීන්ගේ තුලාකාර (halteres) බවට පත්ව ඇති පිටිපස්සා පියාපත් දෙක ද වේ.  
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: සත්ත්ව විද්‍යාව - පරිනාමවාදය]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

10:36, 29 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

(Vestigial Structures). අවශිෂ්ට අංග වනාහි ශරීරයෙහි ඇති, පරිහානියට යමින් පවත්නා වූ හෝ පුරා නොවැඩුණා වූ හෝ කුඩා අංග වේ. අතීතයෙහි ඒ ඒ සන්තතියේ වූවන් කෙරෙහි මේවා ක්‍රියාකාරීව හෝ එසේ නැතිව හෝ තිබුණා වීමට පිළිවන. ජිවීන් වෙත අවශිෂ්ට අංග තිබීමෙන් එම වංශ ඉතිහාසයෙහි යම් කාලයක දී පැවති ගතිපැවතුම්වල වෙනසක් පෙන්වයි. අවශිෂ්ට අංග ඇති වීමට ප්‍රධාන හේතුව ඒ ඒ ශරීරාංග ප්‍රයෝජනයට නොගැනීමය.

චාල්ස් ඩාවින්, 'විශේෂයන්ගේ සම්භවය' (Origin of Species) සහ 'මිනිස් පෙළපත' (The Descent of Man) යන පොත්හි මූලික (rudimentary) අංග නමින් විස්තර කරන ලද මේ අවශිෂ්ට අංගපරිණාමය (බ.) ඔප්පු කිරීම පිණිස ඉතා ප්‍රයෝජනවත්ය.

තල්මස් ඇටසැකිල්ලෙහි කශේරුවෙන් මුළුමනින් ම වෙන් වූ, කිසි ප්‍රයෝජනයක් නැති ශෝණි (pelvic) අස්ථි කැබැලි දෙකක් ඇත. මේවාට අවශිෂ්ට අංග යැයි කීමට පිළිවන. මෙයින් පෙනෙනුයේ තල්මසුන්ගේ මුතුන්මිත්තන් සිවුපාවුන් වූ බවත් ඔවුන් වාසකොටගත් මුල් ගොඩබිම් පරිසරය හැර දමා ජලයට පැමිණි පසු එහි දී ගමන් කිරීමට පාදයන් ප්‍රයෝජනයට නොගත් බවත්ය. ඒ නිසා පාදයන් පරිහානියට ගොස් අද මේ ඇට කැබැලි දෙක පමණක් අවශිෂ්ට අංගයන් ලෙස ඉතිරි වී තිබේ.

තල්මසුන් පමණක් නොව බෙහෙවින් පරිණාමය වී ඇති කවර සතකු පිළිබඳව වුවද කලල විද්‍යාවත් ව්‍යුහ විද්‍යාවත් හැදෑරීමේ දී අවශිෂ්ට අංශ විශාල සංඛ්‍යාවක් පෙනේ. මිනිසාගේ උණ්ඩුක පුච්ඡය, මිනිස් පයෙහි සුළැඟිල්ලේ අන්තිම ඇටය, ක්ෂීරපායී කලලයෙහි කහමදයක් නැති කහමද උරිය (yolk sac), අශ්ව කකුලෙහි පතුරු ඇට, පැස්බර, කිවි ආදී දුවන කුරුල්ලන්ගේ පියාපත්, කුරුලු පියාපත්හි ඇති පළමුවැනි ඇඟිල්ල, ස්ෆෙනොඩොනයාගේ තුන්වැනි ඇස හෙවත් කේතු දේහය (pineal body), පිඹුරන්ගේ ශ්‍රෝණි ඇට, අඳුරු ලෙන් වැසි යුරෝඩීල් (urodele) උභය ජීවීන්ගේ ඇස්, මෝර ආදි කාටිලේජීය (cratilaginous) මාළුන්ගේ ව්‍යාජ කරමල (pseudobranch) හා ශ්වාස රන්ධ්‍රය (spiracle), කෘමීන්ගේ නොහැඳිනිය හැකි පමණට අතුරුදන් වී ඇති උදර සලාකය (abdominal segment) ආදිය අවශිෂ්ට අංගයි. මිනිස් සිරුරෙහි අවශිෂ්ට අංග 90ක් තිබේය යනු වීඩර්ස්හයිම්ගේ (Wiedersheim) මතයයි.

ශරීරයෙහි සෙසු කොටස් වැඩෙන අතර අවශිෂ්ට අංග නොවැඩී තිබෙන්නේ, ප්‍රවේණි පාලනය පිට ඒවායෙහි වැඩීමේ වේගය ඉතා ස්වල්ප බවට යන හෙයිනි. මේ නිසා කලල අවස්ථාවේ දී පෙනෙන සමහර අංග ජීවියා වැඩුණු පසු ද නොවැඩී පවතී. දෙපත් නයකුගේ ද කටුස්සකුගේ ද කලලවල ගාත්‍ර ආකෘති පෙනේ. එහෙත් වැඩුණු දෙපත් නයකුට ගාත්‍ර නැත. මිනිස් කලලයෙහි ඇති වලිගය ද මෙවැනි ම එකකි.

සමහර අවශිෂ්ට අංග විනාශ වෙමින් පවත්නා අතර අලුත් කෘත්‍යයන් සඳහා යොදාගැනීම නිසා සමහරක් ශේෂ වී ඇත. මේවා අතර ඩිම්බ වාහිනියෙහි අභ්‍යන්තර විවරය බවට පත් කශේරුකයන්ගේ කලලයෙහි වූ ප්‍රාග්වෘක්ක පුනීලය ද (pronephric funnel) ක්ෂීරපායීන්ගේ මැද කනෙහි ශ්‍රවණ අස්ථිකා (auditory ossicles) බවට පරිවර්තනය වූ උරග කපාලයෙහි යටි හකු ඇට ද ඩිප්ටෙරා (Diptera) ගෝත්‍රයේ කෘමීන්ගේ තුලාකාර (halteres) බවට පත්ව ඇති පිටිපස්සා පියාපත් දෙක ද වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවශිෂ්ට_අංග&oldid=6123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි