"අෂ්ටයෝගිනී" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඒ ඒ තිථි උදාව පවත්නා කල පූර්වාදි දිශාවන්හි ඇතැ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
ඒ ඒ තිථි උදාව පවත්නා කල පූර්වාදි දිශාවන්හි ඇතැයි විශ්වාස කරනු ලබන යෝගිනීහු අට දෙනෙක් වෙති. බ්‍රාහ්මී, මහේෂ්වරී, කෞමාරි, වෛෂ්ණවී, වාරාහී, ඉන්ද්‍රාණී, චාමුන්ඩා, මහාලක්ෂ්මි යන නාමයන්ගෙන් මොවුහු හැඳින්වෙති. මොවුනට තිථියෝගිනි යන නම ද ව්‍යවහාර කරති. පෑළවිය නවවක තිථි උදාව පවත්නා කල බ්‍රාහ්මී නමැති යෝගිනිය බටහිරට මුහුණ ලා පෙරදිග ද දියවක දසවක තිථිවල මහේශ්වරිය දකුණට මුහුණ ලා උතුරෙහි ද තියවක එකොළොස්වක තිථිවල කෞමාරී යෝගිනිය වයඹට මුහුණ ලා ගිනිකොන ද ජලවක දොළොස්වක තිථිවල වෛෂ්ණවිය ඊශානට මුහුණ ලා නිරිත දිග ද විසේනිය තෙළෙස්වක තිථිවල වාරාහිය උතුරට මුහුණ ලා දකුණෙහි ද සැටවක තුදුස්වක තිථිවල ඉන්ද්‍රාණිය ඉඳුරු දිගට මුහුණ ලා බටහිර ද සතවක පසළොස්වක තිථිවල චාමුණ්ඩා යෝගිනිය ගිනිකොනට මුහුණ ලා වයඹදිග ද අටවක අමාවක තිථිවල මහා ලක්ෂ්මිය නිරිතට මුහුණ ලා ඊශාන දිග ද සිටින්නාහ.  
+
ඒ ඒ තිථි උදාව පවත්නා කල පූර්වාදි දිශාවන්හි ඇතැයි විශ්වාස කරනු ලබන යෝගිනීහු අට දෙනෙක් වෙති. බ්‍රාහ්මී, මහේෂ්වරී, කෞමාරී, වෛෂ්ණවී, වාරාහී, ඉන්ද්‍රාණී, චාමුන්ඩා, මහාලක්ෂ්මී යන නාමයන්ගෙන් මොවුහු හැඳින්වෙති. මොවුනට තිථියෝගිනි යන නම ද ව්‍යවහාර කරති. පෑළවිය නවවක තිථි උදාව පවත්නා කල බ්‍රාහ්මී නමැති යෝගිනිය බටහිරට මුහුණ ලා පෙරදිග ද දියවක දසවක තිථිවල මහේශ්වරිය දකුණට මුහුණ ලා උතුරෙහි ද තියවක එකොළොස්වක තිථිවල කෞමාරී යෝගිනිය වයඹට මුහුණ ලා ගිනිකොන ද ජලවක දොළොස්වක තිථිවල වෛෂ්ණවිය ඊශානට මුහුණ ලා නිරිත දිග ද විසේනිය තෙළෙස්වක තිථිවල වාරාහිය උතුරට මුහුණ ලා දකුණෙහි ද සැටවක තුදුස්වක තිථිවල ඉන්ද්‍රාණිය ඉඳුරු දිගට මුහුණ ලා බටහිර ද සතවක පසළොස්වක තිථිවල චාමුණ්ඩා යෝගිනිය ගිනිකොනට මුහුණ ලා වයඹදිග ද අටවක අමාවක තිථිවල මහා ලක්ෂ්මිය නිරිතට මුහුණ ලා ඊශාන දිග ද සිටින්නාහ.  
  
මෙපරිද්දෙන් උදා වූ යෝගිනීහු යාමාර්ධයකට (ඔර්ලෝසු පැය එකහමාරකට) වරක් බැගින් පුර්ව දිශාවේ පටන් භ්‍රමණය කරති. එබැවින් එක් දිශාවක රැදි සිටින කාලය ඔර්ලෝසු පැය එක හමාරකි. මෙය තත්කාලයෝගිනි නමින් නරපති ජයචර්යාවෙහි දැක් වේ. යෝගිනිය පිටිපස්සට හෝ වමට ලා ගමන් යෑමෙන් ශුභ ඵල ගෙන දේ.  
 
11:24, 12 සැප්තැම්බර් 2024 තෙක් සංශෝධනය

යෝගිනී නමින් හැඳින්වෙන දශාවක් ද ජ්‍යෝතිෂ ග්‍රන්ථවල සඳහන්ය. ඊට සම්බන්ධ යෝගිනීන් අටදෙන මංගලා, පිංගලා, ධාන්‍යා, හ්‍රාමරී, භද්‍රිකා, උල්කා, සිද්ධා, සංකටා නම්වලින් හැඳින්වෙති.මෙකී දශාවන්ට පිළිවෙළින් සඳු, රවි, ගුරු, කුජ, බුධ, ශනි, කිවි,රාහු යන ග්‍රහයෝ අධිපති වෙති.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂ්ටයෝගිනී&oldid=6177" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි