"ආයතන" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ප්‍රඥාභාවනාවට හෙවත් විදර්ශනා ඥානය වැඩීමට භූම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ප්‍රඥාභාවනාවට හෙවත් විදර්ශනා ඥානය වැඩීමට භූමිභූත ධර්මයන් අතුරෙහි ලා ගැනෙන චක්ඛු රූප ආදි වූ දොළොස් ධර්මයෝ | + | ප්‍රඥාභාවනාවට හෙවත් විදර්ශනා ඥානය වැඩීමට භූමිභූත ධර්මයන් අතුරෙහි ලා ගැනෙන චක්ඛු රූප ආදි වූ දොළොස් ධර්මයෝ 'ආයතන' නම් වෙති. මෙහි ප්‍රඥා නම් කුසල් සිත හා යෙදුණු විදසුන් නුවණය (කුසල චිත්ත සම්පයුත්තං විපස්සනාඤාණං පඤ්ඤා). රූපාදි ධර්මයන් හැඳින ගැනීම දැන ගැනීම යන දෙආකාරයට වඩා විශිෂ්ට වූ අනිත්‍යාදිය විවිධාකාරයෙන් දැන ගැනීම ප්‍රඥායෙහි ස්වභාවයයි. ගසක් වැඩීමට මහපොළොව ස්ථාන වන්නා සේ, ප්‍රතිෂ්ඨා වන්නා සේ, විදර්ශනා ප්‍රඥාව වැඩීමට ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතීත්‍යසමුත්පාද යනාදි ධර්මයෝ භුමිභාවයෙන් ප්‍රතිෂ්ඨා වන්නාහුය. රූපාදි ධර්මයන්ගේ ස්වලක්ෂණ සාමාන්‍ය ලක්ෂණාදි භාවයෙන් ගන්නා විසින් ප්‍රඥාවගේ පැවැත්මට ස්ථාන වන හෙයිනි. |
− | ප්‍රඥාවට භූමි වූ ධර්මයන් අතුරෙහි ද්වාදශ ආයතනයෝ විශේෂයෙන් රූපධර්මයන් කෙරෙහි | + | ප්‍රඥාවට භූමි වූ ධර්මයන් අතුරෙහි ද්වාදශ ආයතනයෝ විශේෂයෙන් රූපධර්මයන් කෙරෙහි සම්මූඪ වූ සත්ත්වයන් සඳහා ද යළි මධ්‍යම වූ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇති වෛනේයයන් සඳහා ද වදාරන ලද්දාහ. මේ ආයතනයෝ චක්ඛු රූප, සොත සද්ද, ඝාන ගන්ධ, ජිව්හා රස, කාය ඵොට්ඨබ්බ, මන ධම්ම යයි දොළොස් වැදෑරුම් වෙති. 'ආයතන' යනු මේ චක්ඛු ආදී දොළොස් ධර්මයනට සාධාරණ වූ නාමයයි. චක්ඛායතන රූපායතන සොතායතන සද්දායතන ආදි වශයෙනි. |
− | විශේෂයෙන් රූපයන් ආස්වාදනය කරන, රූපයන්ගේ සමවිෂමාදි ස්වභාවය ප්‍රකාශ කරන චක්ඛු විඤ්ඤාණයට ආධාර වූ ප්‍රසාද රූපය චක්ඛු නමි. රාගයෙන් රක්ත වූ ද්වේෂයෙන් දුෂ්ට වූ අවස්ථාදියෙහි වෙන වෙන පැහැ සටහන් ගන්නා | + | විශේෂයෙන් රූපයන් ආස්වාදනය කරන, රූපයන්ගේ සමවිෂමාදි ස්වභාවය ප්‍රකාශ කරන චක්ඛු විඤ්ඤාණයට ආධාර වූ ප්‍රසාද රූපය චක්ඛු නමි. රාගයෙන් රක්ත වූ ද්වේෂයෙන් දුෂ්ට වූ අවස්ථාදියෙහි වෙන වෙන පැහැ සටහන් ගන්නා බොහොඬකු මෙන් ද, රංගපීඨයෙහි නළුවකු මෙන් ද වර්ණ විකාරයට පැමිණෙමින් සිත්කලු බව හඟවන ස්වභාවය ඇත්තේ රූප නමි. සෝත විඤ්ඤාණ සිතට ආධාර වූ කන්සිදුර ඇසුරු කොට පවත්නා ප්‍රසාද රූපය සෝත නමි. ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු බවට පැමිණෙනුයේ සද්ද නමි. ඝානවිඤ්ඤාණයට ආධාර වූ නැහැබිලය ඇසුරු කොට පවත්නා ප්‍රසාදරූපය ඝාන නමි. වැසී සිටිය ද සුගන්ධ දුර්ගන්ධ වශයෙන් තමාගේ වස්තුව ප්‍රකාශ කරනුයේ ගන්ධ නමි. ජිව්හා විඤ්ඤාණ සිතට ආශ්‍රය වූ ජීවිතයාගේ පැවැත්මට කාරණ වූ ආහාර රසය කැඳවන්නාක් මෙන් පවත්නා ප්‍රසාද රූපය ජිව්හා නමි. සත්ත්වයා ආස්වාදනය කරන මධුර තික්තාදිය රස නමි. කුත්සිත වූ පිළිකුල් කටයුතු වූ සාස්‍රවධර්මයන්ට උත්පත්ති ස්ථාන වූයේ කාය නමි. ස්පර්ශ කිරීම ගැටීම ලක්ෂණ කොට ඇති ධර්මස්වභාවය ඵොට්ඨබ්බ නමි. නැළියෙන් මනනුවක්හු මෙන්, තුලායෙන් කිරනුවක්හු මෙන් ඒ ඒ අරමුණු වෙසෙසින් දැන ගන්නා මනෝවිඤ්ඤාණ ධාතුවට ආධාර වූ ධර්මස්වභාවය මන නමි. මනෝගෝචර වූ ධර්මයන් ස්වකීය ලක්ෂණය ධරන්නාහු නුයි ධම්ම නම් වෙත්. |
− | මේ චක්ෂුරාදි දොළොස් ධර්මය ම ස්වකීය පරිච්ඡේද වශයෙන් යත්න කරන හෙයින් ද (ආ යතනතො) ආය සංඛ්‍යාත වූ ස්වභාවධර්මයන් පතුරුවන හෙයින් ද (ආයානං තනනතො) ආයත වූ අක් මුල් නැති | + | මේ චක්ෂුරාදි දොළොස් ධර්මය ම ස්වකීය පරිච්ඡේද වශයෙන් යත්න කරන හෙයින් ද (ආ යතනතො) ආය සංඛ්‍යාත වූ ස්වභාවධර්මයන් පතුරුවන හෙයින් ද (ආයානං තනනතො) ආයත වූ අක් මුල් නැති සංසාරදුඃඛයට සත්ත්වයන් පමුණුවන හෙයින් ද (ආයතස්ස නයනතො) ආයතන නම් වෙත්. |
තවද නිවාසස්ථාන, (වසන තැන) යන අර්ථයෙන් ද ආකර (පැතිර පවත්නා තැන) යන අර්ථයෙන් ද සමෝසරණස්ථාන (රැස්වන තැන) යන අර්ථයෙන් ද උත්පත්ති දේශය යන අර්ථයෙන් ද කාරණාර්ථයෙන් ද යන පස් අරුතින් ද ආයතන නම් විය. | තවද නිවාසස්ථාන, (වසන තැන) යන අර්ථයෙන් ද ආකර (පැතිර පවත්නා තැන) යන අර්ථයෙන් ද සමෝසරණස්ථාන (රැස්වන තැන) යන අර්ථයෙන් ද උත්පත්ති දේශය යන අර්ථයෙන් ද කාරණාර්ථයෙන් ද යන පස් අරුතින් ද ආයතන නම් විය. | ||
− | ලොවැ ඊශ්වර වාසුදේව ආදීන් වසන තැන | + | ලොවැ ඊශ්වර වාසුදේව ආදීන් වසන තැන 'ඉස්සරායතන' 'වාසුදේවායතන' ආදි වශයෙන් ව්‍යවහාර කෙරෙති. එසෙයින් ඒ ඒ චිත්තචෛතසික ධර්මයෝ චක්ඛු ආදියෙහි පවත්නවුන් වැන්නාහු නුයි නිවාසස්ථානාර්ථයෙන් ආයතන නම් වෙති. රන්රුවන් ආදිය වපුරන ලද්දවුන් මෙන් ගැවසී සිටින පෙදෙස ඒ රන් ආදියට ආකර වූයේ නුයි 'සුවණ්ණායතන', 'රතනායතන' යයි කියති. එසේ ම චිත්ත චෛතසිකයෝ ද චක්ෂුරාදීන් කෙරෙහි ආකීර්ණ වූවාහු නුයි ඒ චක්ෂුරාදීහු චිත්ත චෛතසිකයනට ආකර නම් වෙති. ඒ චක්ෂුරාදීන් ඇසුරු කොට ඇති බැවින් හා (තන්නිස්සිතත්තා) ඒ රූපාදීන් අරමුණු කොට ඇති බැවිනි (තදාරම්මණත්තා). යළි "මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විහංගමා" යන තැන්හි රැස්වන ස්ථානය ආයතන යයි කියන ලදි. එපරිද්දෙන් ම පූර්වභාගයෙහි උපතට පෙර අවිද්‍යමානව ප්‍රත්‍යයන්ගේ සාමග්‍රියෙන් උපදනා වූ ද නොඑක් චිත්ත චෛතසිකයෝ චක්ඛු ආදිය වස්තු වශයෙන් හා ද්වාර වශයෙන් ද, රූපාදිය ආරම්මණ වශයෙන් ද එහි ලැබෙන්නාහු රැස්වූවන් බඳු වෙත් නුයි ආයතන නම් වෙති (චක්ඛුද්වාරාරම්මණවසෙන සමො සරණතො). ගවයන් උපදනා දක්ඛිණාපථය ගවයන්ට ආයතනය (දක්ඛිණාපථො ගුන්නං ආයතනං) යන ව්‍යවහාරය මෙන් චිත්ත චෛතසිකයෝ නිශ්‍රයාලම්බන භාවයෙන් චක්ෂුරාදීන් කෙරෙහි ම උපදනා බැවින් සඤ්ජාති දේශාර්ථයෙන් ද ආයතන නම් වෙති. චක්ෂුරාදීහු ම චිත්තචෛතසිකයන්ගේ ඉපදීමට කාරණ වෙයි. චක්ෂුරාදිය නැති කල්හි නූපදනා හෙයිනි. මෙසේ නිවාසස්ථානාදි පස් වැදෑරුම් අර්ථයෙන් චක්ඛු ආදීහු ආයතන යයි කියනු ලැබෙත්. |
− | දොළොස් ආයතනයන් අතුරෙහි චක්ඛු | + | දොළොස් ආයතනයන් අතුරෙහි චක්ඛු සොත ඝාන ජිව්හා කාය මන යන සදෙන අජ්ඣත්ත සංඛ්‍යාත කය ඇසුරු කොට පවත්නාහු නුයි අජ්ඣත්තිකායතන නම් වෙති. ඔහු ඉන්ද්‍රියයන් පිළිබඳ වූවාහුය. රූප සද්ද ගන්ධ රස ඵොට්ඨබ්බ ධම්ම යන සදෙන බාහ්‍යවිෂයෙහි වූවාහු නුයි බාහිරායතන නම් වෙත්. කුමක් හෙයින් ආයතනයෝ අඩු වැඩි නොව දොළොසක් ම වූවාහු ද යත්: චක්ඛුවිඤ්ඤාණාදි සවැදෑරුම් විඥාන කායයන්ට උත්පත්තිද්වාර භාවයෙන් ද ආලම්බන භාවයෙන් ද සනිටුහන් කිරීම් වශයෙන් දොළොසක් ම වෙති. ඒ එසේ මැය. චක්ඛුවිඤ්ඤාණවීථියට ඇතුළත් විඥානකායයට චක්ඛායතනය ම උත්පත්ති ද්වාරය ද රූපායතනය ම ආලම්බන ද වෙයි. සෝතවිඤ්ඤාණ ආදියට සෝතායතනාදිය ද එසේමැයි. සවැනි වූ මනෝවිඤ්ඤාණයට භවාංගචිත්ත සංඛ්‍යාත වූ මනායතනයෙන් ඒකදේශයක් උත්පත්තිද්වාර ද ධම්මායතනය ආලම්බන ද වේ. මෙපරිද්දෙන් ආයතන දොළොසක් ම විය. |
තවද මේ දොළොස් ආයතනයෝ නාම-රූප දෙක්හි සංග්‍රහ කොට දක්වති. එහි මනායතනය හා ධම්මායතනයෙන් ඒකදේශයක් ද නාමයෙහි සංග්‍රහ වෙයි. ඉතිරි චක්ඛාදි දසායතනය හා ධම්මායතනයෙන් ඒකදේශයක් ද රූපයෙහි සංග්‍රහ වේ. විස්තර වශයෙන් අජ්ඣත්තිකායතනයන් අතුරෙහි චක්ඛායතනය චක්ෂුඃප්‍රසාදමාත්‍රයෙක් මය. ප්‍රත්‍යය ගති නිකාය පුද්ගල ප්‍රභේද වශයෙන් අනන්ත භේද වෙයි. සෝත ඝාන ජිව්හා කාය යන සතර ද එසේ ම අනන්ත භේද වේ. මනායතනය කුසල අකුසල විපාක ක්‍රියා යන චිත්තයන්ගේ ප්‍රභේදයෙන් එකුන් අනූවක් (89) හෝ එක්සිය එක්විසි (121) ප්‍රභේද හෝ වෙයි. යළි වස්තු ප්‍රතිපදාදි භේදයෙන් අනන්තයි. රූප සද්ද ගන්ධ රස යන ආයතන සතර විෂභාග ප්‍රත්‍යයාදි භේදයෙන් අනන්ත හේද වෙයි. ඵොට්ඨබ්බායතනය පඨවි තෙජෝ වායෝ යන තුන් ධාතූන්ගේ වශයෙන් තුන් වැදෑරුම්ද ප්‍රත්‍යයාදි භේදයෙන් අනේක ප්‍රභේද ද වේ. ධම්මායතනය වේදනා සඤ්ඤා සංඛාරක්ඛන්ධය, සුඛුමරූපය, නිබ්බානය යන මොවුන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වන්නේයි. | තවද මේ දොළොස් ආයතනයෝ නාම-රූප දෙක්හි සංග්‍රහ කොට දක්වති. එහි මනායතනය හා ධම්මායතනයෙන් ඒකදේශයක් ද නාමයෙහි සංග්‍රහ වෙයි. ඉතිරි චක්ඛාදි දසායතනය හා ධම්මායතනයෙන් ඒකදේශයක් ද රූපයෙහි සංග්‍රහ වේ. විස්තර වශයෙන් අජ්ඣත්තිකායතනයන් අතුරෙහි චක්ඛායතනය චක්ෂුඃප්‍රසාදමාත්‍රයෙක් මය. ප්‍රත්‍යය ගති නිකාය පුද්ගල ප්‍රභේද වශයෙන් අනන්ත භේද වෙයි. සෝත ඝාන ජිව්හා කාය යන සතර ද එසේ ම අනන්ත භේද වේ. මනායතනය කුසල අකුසල විපාක ක්‍රියා යන චිත්තයන්ගේ ප්‍රභේදයෙන් එකුන් අනූවක් (89) හෝ එක්සිය එක්විසි (121) ප්‍රභේද හෝ වෙයි. යළි වස්තු ප්‍රතිපදාදි භේදයෙන් අනන්තයි. රූප සද්ද ගන්ධ රස යන ආයතන සතර විෂභාග ප්‍රත්‍යයාදි භේදයෙන් අනන්ත හේද වෙයි. ඵොට්ඨබ්බායතනය පඨවි තෙජෝ වායෝ යන තුන් ධාතූන්ගේ වශයෙන් තුන් වැදෑරුම්ද ප්‍රත්‍යයාදි භේදයෙන් අනේක ප්‍රභේද ද වේ. ධම්මායතනය වේදනා සඤ්ඤා සංඛාරක්ඛන්ධය, සුඛුමරූපය, නිබ්බානය යන මොවුන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වන්නේයි. | ||
+ | |||
+ | == පොත්පත් == | ||
+ | විසුද්ධිමග්ග; අත්තසාලිනී | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: බෞද්ධ ධර්මපාඨ]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
16:12, 25 සැප්තැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
ප්‍රඥාභාවනාවට හෙවත් විදර්ශනා ඥානය වැඩීමට භූමිභූත ධර්මයන් අතුරෙහි ලා ගැනෙන චක්ඛු රූප ආදි වූ දොළොස් ධර්මයෝ 'ආයතන' නම් වෙති. මෙහි ප්‍රඥා නම් කුසල් සිත හා යෙදුණු විදසුන් නුවණය (කුසල චිත්ත සම්පයුත්තං විපස්සනාඤාණං පඤ්ඤා). රූපාදි ධර්මයන් හැඳින ගැනීම දැන ගැනීම යන දෙආකාරයට වඩා විශිෂ්ට වූ අනිත්‍යාදිය විවිධාකාරයෙන් දැන ගැනීම ප්‍රඥායෙහි ස්වභාවයයි. ගසක් වැඩීමට මහපොළොව ස්ථාන වන්නා සේ, ප්‍රතිෂ්ඨා වන්නා සේ, විදර්ශනා ප්‍රඥාව වැඩීමට ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතීත්‍යසමුත්පාද යනාදි ධර්මයෝ භුමිභාවයෙන් ප්‍රතිෂ්ඨා වන්නාහුය. රූපාදි ධර්මයන්ගේ ස්වලක්ෂණ සාමාන්‍ය ලක්ෂණාදි භාවයෙන් ගන්නා විසින් ප්‍රඥාවගේ පැවැත්මට ස්ථාන වන හෙයිනි.
ප්‍රඥාවට භූමි වූ ධර්මයන් අතුරෙහි ද්වාදශ ආයතනයෝ විශේෂයෙන් රූපධර්මයන් කෙරෙහි සම්මූඪ වූ සත්ත්වයන් සඳහා ද යළි මධ්‍යම වූ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇති වෛනේයයන් සඳහා ද වදාරන ලද්දාහ. මේ ආයතනයෝ චක්ඛු රූප, සොත සද්ද, ඝාන ගන්ධ, ජිව්හා රස, කාය ඵොට්ඨබ්බ, මන ධම්ම යයි දොළොස් වැදෑරුම් වෙති. 'ආයතන' යනු මේ චක්ඛු ආදී දොළොස් ධර්මයනට සාධාරණ වූ නාමයයි. චක්ඛායතන රූපායතන සොතායතන සද්දායතන ආදි වශයෙනි.
විශේෂයෙන් රූපයන් ආස්වාදනය කරන, රූපයන්ගේ සමවිෂමාදි ස්වභාවය ප්‍රකාශ කරන චක්ඛු විඤ්ඤාණයට ආධාර වූ ප්‍රසාද රූපය චක්ඛු නමි. රාගයෙන් රක්ත වූ ද්වේෂයෙන් දුෂ්ට වූ අවස්ථාදියෙහි වෙන වෙන පැහැ සටහන් ගන්නා බොහොඬකු මෙන් ද, රංගපීඨයෙහි නළුවකු මෙන් ද වර්ණ විකාරයට පැමිණෙමින් සිත්කලු බව හඟවන ස්වභාවය ඇත්තේ රූප නමි. සෝත විඤ්ඤාණ සිතට ආධාර වූ කන්සිදුර ඇසුරු කොට පවත්නා ප්‍රසාද රූපය සෝත නමි. ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු බවට පැමිණෙනුයේ සද්ද නමි. ඝානවිඤ්ඤාණයට ආධාර වූ නැහැබිලය ඇසුරු කොට පවත්නා ප්‍රසාදරූපය ඝාන නමි. වැසී සිටිය ද සුගන්ධ දුර්ගන්ධ වශයෙන් තමාගේ වස්තුව ප්‍රකාශ කරනුයේ ගන්ධ නමි. ජිව්හා විඤ්ඤාණ සිතට ආශ්‍රය වූ ජීවිතයාගේ පැවැත්මට කාරණ වූ ආහාර රසය කැඳවන්නාක් මෙන් පවත්නා ප්‍රසාද රූපය ජිව්හා නමි. සත්ත්වයා ආස්වාදනය කරන මධුර තික්තාදිය රස නමි. කුත්සිත වූ පිළිකුල් කටයුතු වූ සාස්‍රවධර්මයන්ට උත්පත්ති ස්ථාන වූයේ කාය නමි. ස්පර්ශ කිරීම ගැටීම ලක්ෂණ කොට ඇති ධර්මස්වභාවය ඵොට්ඨබ්බ නමි. නැළියෙන් මනනුවක්හු මෙන්, තුලායෙන් කිරනුවක්හු මෙන් ඒ ඒ අරමුණු වෙසෙසින් දැන ගන්නා මනෝවිඤ්ඤාණ ධාතුවට ආධාර වූ ධර්මස්වභාවය මන නමි. මනෝගෝචර වූ ධර්මයන් ස්වකීය ලක්ෂණය ධරන්නාහු නුයි ධම්ම නම් වෙත්.
මේ චක්ෂුරාදි දොළොස් ධර්මය ම ස්වකීය පරිච්ඡේද වශයෙන් යත්න කරන හෙයින් ද (ආ යතනතො) ආය සංඛ්‍යාත වූ ස්වභාවධර්මයන් පතුරුවන හෙයින් ද (ආයානං තනනතො) ආයත වූ අක් මුල් නැති සංසාරදුඃඛයට සත්ත්වයන් පමුණුවන හෙයින් ද (ආයතස්ස නයනතො) ආයතන නම් වෙත්.
තවද නිවාසස්ථාන, (වසන තැන) යන අර්ථයෙන් ද ආකර (පැතිර පවත්නා තැන) යන අර්ථයෙන් ද සමෝසරණස්ථාන (රැස්වන තැන) යන අර්ථයෙන් ද උත්පත්ති දේශය යන අර්ථයෙන් ද කාරණාර්ථයෙන් ද යන පස් අරුතින් ද ආයතන නම් විය.
ලොවැ ඊශ්වර වාසුදේව ආදීන් වසන තැන 'ඉස්සරායතන' 'වාසුදේවායතන' ආදි වශයෙන් ව්‍යවහාර කෙරෙති. එසෙයින් ඒ ඒ චිත්තචෛතසික ධර්මයෝ චක්ඛු ආදියෙහි පවත්නවුන් වැන්නාහු නුයි නිවාසස්ථානාර්ථයෙන් ආයතන නම් වෙති. රන්රුවන් ආදිය වපුරන ලද්දවුන් මෙන් ගැවසී සිටින පෙදෙස ඒ රන් ආදියට ආකර වූයේ නුයි 'සුවණ්ණායතන', 'රතනායතන' යයි කියති. එසේ ම චිත්ත චෛතසිකයෝ ද චක්ෂුරාදීන් කෙරෙහි ආකීර්ණ වූවාහු නුයි ඒ චක්ෂුරාදීහු චිත්ත චෛතසිකයනට ආකර නම් වෙති. ඒ චක්ෂුරාදීන් ඇසුරු කොට ඇති බැවින් හා (තන්නිස්සිතත්තා) ඒ රූපාදීන් අරමුණු කොට ඇති බැවිනි (තදාරම්මණත්තා). යළි "මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විහංගමා" යන තැන්හි රැස්වන ස්ථානය ආයතන යයි කියන ලදි. එපරිද්දෙන් ම පූර්වභාගයෙහි උපතට පෙර අවිද්‍යමානව ප්‍රත්‍යයන්ගේ සාමග්‍රියෙන් උපදනා වූ ද නොඑක් චිත්ත චෛතසිකයෝ චක්ඛු ආදිය වස්තු වශයෙන් හා ද්වාර වශයෙන් ද, රූපාදිය ආරම්මණ වශයෙන් ද එහි ලැබෙන්නාහු රැස්වූවන් බඳු වෙත් නුයි ආයතන නම් වෙති (චක්ඛුද්වාරාරම්මණවසෙන සමො සරණතො). ගවයන් උපදනා දක්ඛිණාපථය ගවයන්ට ආයතනය (දක්ඛිණාපථො ගුන්නං ආයතනං) යන ව්‍යවහාරය මෙන් චිත්ත චෛතසිකයෝ නිශ්‍රයාලම්බන භාවයෙන් චක්ෂුරාදීන් කෙරෙහි ම උපදනා බැවින් සඤ්ජාති දේශාර්ථයෙන් ද ආයතන නම් වෙති. චක්ෂුරාදීහු ම චිත්තචෛතසිකයන්ගේ ඉපදීමට කාරණ වෙයි. චක්ෂුරාදිය නැති කල්හි නූපදනා හෙයිනි. මෙසේ නිවාසස්ථානාදි පස් වැදෑරුම් අර්ථයෙන් චක්ඛු ආදීහු ආයතන යයි කියනු ලැබෙත්.
දොළොස් ආයතනයන් අතුරෙහි චක්ඛු සොත ඝාන ජිව්හා කාය මන යන සදෙන අජ්ඣත්ත සංඛ්‍යාත කය ඇසුරු කොට පවත්නාහු නුයි අජ්ඣත්තිකායතන නම් වෙති. ඔහු ඉන්ද්‍රියයන් පිළිබඳ වූවාහුය. රූප සද්ද ගන්ධ රස ඵොට්ඨබ්බ ධම්ම යන සදෙන බාහ්‍යවිෂයෙහි වූවාහු නුයි බාහිරායතන නම් වෙත්. කුමක් හෙයින් ආයතනයෝ අඩු වැඩි නොව දොළොසක් ම වූවාහු ද යත්: චක්ඛුවිඤ්ඤාණාදි සවැදෑරුම් විඥාන කායයන්ට උත්පත්තිද්වාර භාවයෙන් ද ආලම්බන භාවයෙන් ද සනිටුහන් කිරීම් වශයෙන් දොළොසක් ම වෙති. ඒ එසේ මැය. චක්ඛුවිඤ්ඤාණවීථියට ඇතුළත් විඥානකායයට චක්ඛායතනය ම උත්පත්ති ද්වාරය ද රූපායතනය ම ආලම්බන ද වෙයි. සෝතවිඤ්ඤාණ ආදියට සෝතායතනාදිය ද එසේමැයි. සවැනි වූ මනෝවිඤ්ඤාණයට භවාංගචිත්ත සංඛ්‍යාත වූ මනායතනයෙන් ඒකදේශයක් උත්පත්තිද්වාර ද ධම්මායතනය ආලම්බන ද වේ. මෙපරිද්දෙන් ආයතන දොළොසක් ම විය.
තවද මේ දොළොස් ආයතනයෝ නාම-රූප දෙක්හි සංග්‍රහ කොට දක්වති. එහි මනායතනය හා ධම්මායතනයෙන් ඒකදේශයක් ද නාමයෙහි සංග්‍රහ වෙයි. ඉතිරි චක්ඛාදි දසායතනය හා ධම්මායතනයෙන් ඒකදේශයක් ද රූපයෙහි සංග්‍රහ වේ. විස්තර වශයෙන් අජ්ඣත්තිකායතනයන් අතුරෙහි චක්ඛායතනය චක්ෂුඃප්‍රසාදමාත්‍රයෙක් මය. ප්‍රත්‍යය ගති නිකාය පුද්ගල ප්‍රභේද වශයෙන් අනන්ත භේද වෙයි. සෝත ඝාන ජිව්හා කාය යන සතර ද එසේ ම අනන්ත භේද වේ. මනායතනය කුසල අකුසල විපාක ක්‍රියා යන චිත්තයන්ගේ ප්‍රභේදයෙන් එකුන් අනූවක් (89) හෝ එක්සිය එක්විසි (121) ප්‍රභේද හෝ වෙයි. යළි වස්තු ප්‍රතිපදාදි භේදයෙන් අනන්තයි. රූප සද්ද ගන්ධ රස යන ආයතන සතර විෂභාග ප්‍රත්‍යයාදි භේදයෙන් අනන්ත හේද වෙයි. ඵොට්ඨබ්බායතනය පඨවි තෙජෝ වායෝ යන තුන් ධාතූන්ගේ වශයෙන් තුන් වැදෑරුම්ද ප්‍රත්‍යයාදි භේදයෙන් අනේක ප්‍රභේද ද වේ. ධම්මායතනය වේදනා සඤ්ඤා සංඛාරක්ඛන්ධය, සුඛුමරූපය, නිබ්බානය යන මොවුන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වන්නේයි.
පොත්පත්
විසුද්ධිමග්ග; අත්තසාලිනී
(සංස්කරණය: 1965)