"අෂ්ට මහාපුරුෂ විතර්ක" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මහා පුරුෂයකු, ධීරවීර පුරුෂයකු තුළ පහළ වන විතර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | + | මහාපුරුෂයකු, ධීරවීර පුරුෂයකු තුළ පහළ වන විතර්ක අට අෂ්ට මහා පුරුෂ විතර්ක නමි. එනම් 1. මේ ධර්මය අල්පේච්ඡ පුද්ගලයාට මිස මහේච්ඡ පුද්ගලයාට නොවේ; 2. මේ ධර්මය සන්තෝෂයෙන් යුත් පුද්ගලයාට මිස අසන්තෝෂ පුද්ගලයාට නොවේ; 3. මේ ධර්මය කයින් සිතින් කෙලෙසුන්ගෙන් වෙන්ව වසන පුද්ගලයාට මිස කෙලෙස් බහුල වූ සමූහයා අතර රැඳෙන පුද්ගලයාට නොවේ; 4. මේ ධර්මය වීර්යය ආරම්භ කළ පුද්ගලයාට මිස කුසීත පුද්ගලයාට නොවේ; 5. මේ ධර්මය සිහිය එළඹ සිටි පුද්ගලයාට මිස සිහිමුළා වූ පුද්ගලයාට නොවේ; 6. මේ ධර්මය සමාහිත වූ නොහොත් එකඟ වූ සිත් ඇති පුද්ගලයාට මිස අසමාහිත වූ නොහොත් එකඟ නොවූ සිත් ඇති පුද්ගලයාට නොවේ; 7. මේ ධර්මය ප්‍රඥාවන්ත පුද්ගලයාට මිස ප්‍රඥාහීන පුද්ගලයාට නොවේ; 8. මේ ධර්මය තණ්හා මාන දෘෂ්ටි නමැති කෙලෙස් ප්‍රපඤ්ච නැති පුද්ගලයාට මිස ඒ ප්‍රපඤ්ච ඇති පුද්ගලයාට නොවේ යනුයි. | |
| − | යථෝක්ත විතර්කයන්ගෙන් අටවැන්න හැර සෙසු විතර්ක පහළ වූයේ චේතිය රට භාවනාවෙහි යෙදී සිටි අනුරුද්ධ තෙරුන්වහන්සේටය. බුදුරජාණන් වහන්සේ එහි වැඩ මහාපුරුෂ විතර්ක පහළ කළාට අනුරුද්ධ තෙරුන්වහන්සේට ප්‍රශංසා කොට | + | යථෝක්ත විතර්කයන්ගෙන් අටවැන්න හැර සෙසු විතර්ක පහළ වූයේ චේතිය රට භාවනාවෙහි යෙදී සිටි අනුරුද්ධ තෙරුන්වහන්සේටය. බුදුරජාණන් වහන්සේ එහි වැඩ මහාපුරුෂ විතර්ක පහළ කළාට අනුරුද්ධ තෙරුන්වහන්සේට ප්‍රශංසා කොට අටවැන්න ද වදාරා මහාපුරුෂ විතර්ක පහළ කරන භික්ෂුවකට රූපාවචර ධ්‍යාන රිසිසේ සුව සේ ලබා ගත හැකි බවත් නිවන් ලද හැකි බවත් වදාළ බව අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයේ පළ වේ. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: බෞද්ධ ධර්මපාඨ]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: අ]] |
12:15, 26 සැප්තැම්බර් 2024 තෙක් සංශෝධනය
මහාපුරුෂයකු, ධීරවීර පුරුෂයකු තුළ පහළ වන විතර්ක අට අෂ්ට මහා පුරුෂ විතර්ක නමි. එනම් 1. මේ ධර්මය අල්පේච්ඡ පුද්ගලයාට මිස මහේච්ඡ පුද්ගලයාට නොවේ; 2. මේ ධර්මය සන්තෝෂයෙන් යුත් පුද්ගලයාට මිස අසන්තෝෂ පුද්ගලයාට නොවේ; 3. මේ ධර්මය කයින් සිතින් කෙලෙසුන්ගෙන් වෙන්ව වසන පුද්ගලයාට මිස කෙලෙස් බහුල වූ සමූහයා අතර රැඳෙන පුද්ගලයාට නොවේ; 4. මේ ධර්මය වීර්යය ආරම්භ කළ පුද්ගලයාට මිස කුසීත පුද්ගලයාට නොවේ; 5. මේ ධර්මය සිහිය එළඹ සිටි පුද්ගලයාට මිස සිහිමුළා වූ පුද්ගලයාට නොවේ; 6. මේ ධර්මය සමාහිත වූ නොහොත් එකඟ වූ සිත් ඇති පුද්ගලයාට මිස අසමාහිත වූ නොහොත් එකඟ නොවූ සිත් ඇති පුද්ගලයාට නොවේ; 7. මේ ධර්මය ප්‍රඥාවන්ත පුද්ගලයාට මිස ප්‍රඥාහීන පුද්ගලයාට නොවේ; 8. මේ ධර්මය තණ්හා මාන දෘෂ්ටි නමැති කෙලෙස් ප්‍රපඤ්ච නැති පුද්ගලයාට මිස ඒ ප්‍රපඤ්ච ඇති පුද්ගලයාට නොවේ යනුයි.
යථෝක්ත විතර්කයන්ගෙන් අටවැන්න හැර සෙසු විතර්ක පහළ වූයේ චේතිය රට භාවනාවෙහි යෙදී සිටි අනුරුද්ධ තෙරුන්වහන්සේටය. බුදුරජාණන් වහන්සේ එහි වැඩ මහාපුරුෂ විතර්ක පහළ කළාට අනුරුද්ධ තෙරුන්වහන්සේට ප්‍රශංසා කොට අටවැන්න ද වදාරා මහාපුරුෂ විතර්ක පහළ කරන භික්ෂුවකට රූපාවචර ධ්‍යාන රිසිසේ සුව සේ ලබා ගත හැකි බවත් නිවන් ලද හැකි බවත් වදාළ බව අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයේ පළ වේ.
(සංස්කරණය: 1965)