"අෂ්ඨිලා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අෂ්ඨිලා වනාහි මූත්‍රාඝාත නිදානයට අයත් උපද්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:13, 2 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය

අෂ්ඨිලා වනාහි මූත්‍රාඝාත නිදානයට අයත් උපද්‍රවයෙකි. වාතප්‍රකෝපයෙන් උපදනා බැවින් මීට වාතාෂ්ඨිලා යයි කියනු ලැබේ. මූත්‍රා ඝාතය වඩන අපථ්‍යාහාරවිහරණයෙන් ප්‍රකුපිත වූ වායුව ගුදමාර්ගය හා මලමාර්ගය ද අවුරා මල මුත්‍ර බද්ධය උපදවයි. අෂ්ඨිලාව නාභියට පහළින් ද අණ්ඩාකාරයෙන් සෑදේ. උත්තරාපථයෙහි තිබෙන අෂ්ඨිලා නම් දීර්ඝ කවාකාර ගල් විශේෂයක හැඩය ඇති බැවින් ඊට එම නම් ව්‍යවහාර කරනු ලැබේ. අෂ්ඨිලාවට වහිර්මාර්ගාව රෝධිනී යයි කියනුයේ යට කී පරිදි මලමාර්ගය අවුරන බැවිනි. අෂ්ඨිලාවෙහි සෙලවෙනසුලු ගතියක් ද ඇති නියාව කියනු ලැබේ. සුශ්‍රැතසංහිතායෙහි ප්‍රත්‍යෂ්ඨිලා නම් අනුඅෂ්ඨිලාවක් ගැන ද කියැවේ. ප්‍රධාන අෂ්ඨිලාව ළඟ ම දණ්ඩක් මෙන් හරස්ව සැදෙන්නේ ප්‍රත්‍යෂ්ඨිලාවය. ප්‍රත්‍යෂ්ඨිලාව රුජා සහිත වෙයි. අපානවායු ප්‍රශමනයෙන් අෂ්ඨිලා උපද්‍රවය සන්හිඳුවාගත හැකි ය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂ්ඨිලා&oldid=6256" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි