"මීර් උස්මාන් අලි" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1886— ). හයිදරබාද් ප්‍රදේශය පාලනය කළ අවසාන නිසාම්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (1886— ). හයිදරබාද් ප්‍රදේශය පාලනය කළ අවසාන නිසාම්වරයා වූ මොහු ලෝකයේ මහාධන කුවේරයා හැටියට ප්‍රසිද්ධව සිටියේය. ක්‍රි.ව. 1886 අප්‍රියෙල් මස 6 වැනි දින | + | (1886— ). හයිදරබාද් ප්‍රදේශය පාලනය කළ අවසාන නිසාම්වරයා වූ මොහු ලෝකයේ මහාධන කුවේරයා හැටියට ප්‍රසිද්ධව සිටියේය. ක්‍රි.ව. 1886 අප්‍රියෙල් මස 6 වැනි දින භයිද්රබාද්හි උපන් උස්මාන් අලි ස්වකීය පියා වූ මහ්බුබ් අලිගේ ඇවෑමෙන් ක්‍රි.ව. 1911 අගෝස්තු මස 29 වැනි දින නිසාම් පදවියට පත්විය. සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා සිටි මේ නිසාම්වරයා ක්‍රි.ව. 1918 දී ඔස්මානියා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී පුරෝගාමීව ක්‍රියා කෙළේය. ලොව උසස් ම ධනවතාව සිටිය ද සකසුරුවම් සහිත චාම් ජීවිතයක් ගත කළ හෙතෙමේ අසල්වැසි සාමන්තයන්ට ඉඳුරා විරුද්ධ ක්‍රියා මාර්ගයක් අනුගමනය කරමින් වැඩවසම් ක්‍රමය අනුව ස්වකීය රාජ්‍යය පාලනය කෙළේය. රට වැසියන්ගෙන් බහුතර සංඛ්‍යාවක් වූ හින්දුවරුන් කෙරෙහි ඔහු වැඩි සැලකිලි නොදැක්වී යයි කියත්. මජ්ලිස්ඉත්ති-භාද් අල්-මුස්ලිමින් නමින් එක්සත් මුස්ලිම් ව්‍යාපාරයක් ඇරඹූ හෙතෙමේ ඊට ම සීමා වූ හමුදාවක් ද සංවිධානය කර ගත්තේය. |
− | උස්මාන් අලි නිසාම්වරයා සතුව පැවති ධනය ඩොලර් විසිඅටකෝටියක් පමණ විය. ලියකියමන් සුළඟට යාම වැළැක්වීම සඳහා ඔහුගේ ලියන මේසය මත තබා තිබුණේ කැරට් 182, 1/ | + | උස්මාන් අලි නිසාම්වරයා සතුව පැවති ධනය ඩොලර් විසිඅටකෝටියක් පමණ විය. ලියකියමන් සුළඟට යාම වැළැක්වීම සඳහා ඔහුගේ ලියන මේසය මත තබා තිබුණේ කැරට් 182,1/2ක් බර දියමන්තියකි. බ්‍රිතාන්‍යයන්ගේ විශ්වාස කටයුතු මිත්‍රයකු හැටියට ක්‍රියා කළ හෙතෙමේ පළමුවන ජගත් සංග්‍රාමයේ දී පවුම් විසිලක්ෂයක් ද දෙවන ජගත් සංග්‍රාමයේ දී එමෙන් තුන් ගුණයක් ද මිත්‍ර පක්ෂයට පරිත්‍යාග කෙළේය. මේ නිසා පස්වන ජෝජ් රජතුමා ඔහුට නම්බුනාම කීපයක් ප්‍රදානය කිරීමෙන් ගෞරව කෙළේය. ඔහුට පළමු වන භාර්යාවගෙන් ලැබුණ පුතුන් දෙදෙනකු හා දුවක් ද වෙනත් භාර්යාවන්ගෙන් ලැබුණ විශාල දරු මුනුබුරු පිරිසක් ද වූහ. ඉංග්‍රීසින් ඉන්දියාවෙන් ගිය පසු නිදහස් රජකු වීමේ භාග්‍යය උදා වේ යයි ඔහු බලාපොරොත්තු වූ නමුත් සිදු වූයේ අනෙකකි. බ්‍රිතාන්‍යයන් ඉන්දියාව හැර ගොස් දින කීපයක් ඇතුළත ඉන්දියා හමුදා හයිදරබාද් රාජ්‍යය ආක්‍රමණය කෙළෙන් ඔහුට යටත්වීමට සිදුවිය. ඉන්පසු ඉන්දියා ආණ්ඩුව මගින් හෙතෙමේ හයිදරබාද්හි රාජප්‍රමුඛ පදවියට පත් කරන ලදි. කාව්‍ය රචනයෙහි නිපුණ යයි කියනු ලබන මොහු විසින් රචිත කාව්‍යයෝ ද විශාල සංඛ්‍යාවකි. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය: | + | [[ප්‍රවර්ගය: ඉන්දීය ඉතිහාසය-චරිත]] |
[[ප්‍රවර්ගය: අ]] | [[ප්‍රවර්ගය: අ]] |
16:04, 11 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
(1886— ). හයිදරබාද් ප්‍රදේශය පාලනය කළ අවසාන නිසාම්වරයා වූ මොහු ලෝකයේ මහාධන කුවේරයා හැටියට ප්‍රසිද්ධව සිටියේය. ක්‍රි.ව. 1886 අප්‍රියෙල් මස 6 වැනි දින භයිද්රබාද්හි උපන් උස්මාන් අලි ස්වකීය පියා වූ මහ්බුබ් අලිගේ ඇවෑමෙන් ක්‍රි.ව. 1911 අගෝස්තු මස 29 වැනි දින නිසාම් පදවියට පත්විය. සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා සිටි මේ නිසාම්වරයා ක්‍රි.ව. 1918 දී ඔස්මානියා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී පුරෝගාමීව ක්‍රියා කෙළේය. ලොව උසස් ම ධනවතාව සිටිය ද සකසුරුවම් සහිත චාම් ජීවිතයක් ගත කළ හෙතෙමේ අසල්වැසි සාමන්තයන්ට ඉඳුරා විරුද්ධ ක්‍රියා මාර්ගයක් අනුගමනය කරමින් වැඩවසම් ක්‍රමය අනුව ස්වකීය රාජ්‍යය පාලනය කෙළේය. රට වැසියන්ගෙන් බහුතර සංඛ්‍යාවක් වූ හින්දුවරුන් කෙරෙහි ඔහු වැඩි සැලකිලි නොදැක්වී යයි කියත්. මජ්ලිස්ඉත්ති-භාද් අල්-මුස්ලිමින් නමින් එක්සත් මුස්ලිම් ව්‍යාපාරයක් ඇරඹූ හෙතෙමේ ඊට ම සීමා වූ හමුදාවක් ද සංවිධානය කර ගත්තේය.
උස්මාන් අලි නිසාම්වරයා සතුව පැවති ධනය ඩොලර් විසිඅටකෝටියක් පමණ විය. ලියකියමන් සුළඟට යාම වැළැක්වීම සඳහා ඔහුගේ ලියන මේසය මත තබා තිබුණේ කැරට් 182,1/2ක් බර දියමන්තියකි. බ්‍රිතාන්‍යයන්ගේ විශ්වාස කටයුතු මිත්‍රයකු හැටියට ක්‍රියා කළ හෙතෙමේ පළමුවන ජගත් සංග්‍රාමයේ දී පවුම් විසිලක්ෂයක් ද දෙවන ජගත් සංග්‍රාමයේ දී එමෙන් තුන් ගුණයක් ද මිත්‍ර පක්ෂයට පරිත්‍යාග කෙළේය. මේ නිසා පස්වන ජෝජ් රජතුමා ඔහුට නම්බුනාම කීපයක් ප්‍රදානය කිරීමෙන් ගෞරව කෙළේය. ඔහුට පළමු වන භාර්යාවගෙන් ලැබුණ පුතුන් දෙදෙනකු හා දුවක් ද වෙනත් භාර්යාවන්ගෙන් ලැබුණ විශාල දරු මුනුබුරු පිරිසක් ද වූහ. ඉංග්‍රීසින් ඉන්දියාවෙන් ගිය පසු නිදහස් රජකු වීමේ භාග්‍යය උදා වේ යයි ඔහු බලාපොරොත්තු වූ නමුත් සිදු වූයේ අනෙකකි. බ්‍රිතාන්‍යයන් ඉන්දියාව හැර ගොස් දින කීපයක් ඇතුළත ඉන්දියා හමුදා හයිදරබාද් රාජ්‍යය ආක්‍රමණය කෙළෙන් ඔහුට යටත්වීමට සිදුවිය. ඉන්පසු ඉන්දියා ආණ්ඩුව මගින් හෙතෙමේ හයිදරබාද්හි රාජප්‍රමුඛ පදවියට පත් කරන ලදි. කාව්‍ය රචනයෙහි නිපුණ යයි කියනු ලබන මොහු විසින් රචිත කාව්‍යයෝ ද විශාල සංඛ්‍යාවකි.
(සංස්කරණය: 1965)