"අමෙඩේයෝ අවොගාඩ්‍රෝ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) සුළු (Senasinghe විසින් අමෙඩේයෝ අබොගාඩ්‍රෝ සිට අමෙඩේයෝ අවොගාඩ්‍රෝ වෙත පිටුව ගෙන යන ලදී) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Amedeo | + | (Amedeo Avogadro). (ක්‍රි.ව. 1776–1856). මේ ඉතාලි ජාතික භෞතික විද්‍යාඥයා 1776 දී ටියුරින් නගරයෙහි උපන්නේය. ටියුරින් විශ්වවිද්‍යාලයේ උසස් භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් ඔහු බොහෝ කලක් සේවය කළේය. අවොගාඩ්‍රෝගේ නාමය අනුස්මරණීය වනුයේ ඔහුගේ සුප්‍රකට කල්පිතය (hypothesis) නිසාය. අවොගාඩ්‍රෝගේ කල්පිතයෙහි සඳහන් වන්නේ "එක ම උෂ්ණත්ව සහ පීඩන යටතේ විවිධ වායුවල සමාන පරිමාවන්හි ඇති අණු සංඛ්‍යා සමානය" යනුයි. |
| − | + | පරමාණුවාදය රසායන විද්‍යාවේ ආරුක්කුව නම් අවොගාඩ්‍රෝගේ කල්පිතය එම ආරුක්කුවේ මුදුන් ගල සේ ගිණිය යුතු යයි කියත්. [[ඩෝල්ටන්]] (බ.). බ'සීලියස් (Berzelius) හා [[ගේ-ලුසැක්]] (බ.) ආදි රසායන විද්‍යාඥයන්ගේ සිත් ආකුල කළ නොයෙක් ගැටළු මේ කල්පිතය පැහැදිලි කෙළේය. අණුකභාර නියම කර ගැනීමට පහසුකම් ද මේ කල්පිතයෙන් ලැබුණේය. එහෙත් මුල දී මේ කල්පිතයට වැඩි සැලකිල්ලක් නොදක්වන ලදි. අවුරුදු පනහක් පමණ කාලය තුළ මෙය අමතක වී තිබුණේය. රසායන විද්‍යාඥයන් විසින් නොසලකා හරින ලද මේ වටිනා කල්පිතයට ඔවුන්ගේ සැලකිල්ල 1858 දී යළිත් යොමු කළේ තවත් ඉතාලි ජාතිකයකු වන කනිසාරෝය. | |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
09:22, 14 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය
(Amedeo Avogadro). (ක්‍රි.ව. 1776–1856). මේ ඉතාලි ජාතික භෞතික විද්‍යාඥයා 1776 දී ටියුරින් නගරයෙහි උපන්නේය. ටියුරින් විශ්වවිද්‍යාලයේ උසස් භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් ඔහු බොහෝ කලක් සේවය කළේය. අවොගාඩ්‍රෝගේ නාමය අනුස්මරණීය වනුයේ ඔහුගේ සුප්‍රකට කල්පිතය (hypothesis) නිසාය. අවොගාඩ්‍රෝගේ කල්පිතයෙහි සඳහන් වන්නේ "එක ම උෂ්ණත්ව සහ පීඩන යටතේ විවිධ වායුවල සමාන පරිමාවන්හි ඇති අණු සංඛ්‍යා සමානය" යනුයි.
පරමාණුවාදය රසායන විද්‍යාවේ ආරුක්කුව නම් අවොගාඩ්‍රෝගේ කල්පිතය එම ආරුක්කුවේ මුදුන් ගල සේ ගිණිය යුතු යයි කියත්. ඩෝල්ටන් (බ.). බ'සීලියස් (Berzelius) හා ගේ-ලුසැක් (බ.) ආදි රසායන විද්‍යාඥයන්ගේ සිත් ආකුල කළ නොයෙක් ගැටළු මේ කල්පිතය පැහැදිලි කෙළේය. අණුකභාර නියම කර ගැනීමට පහසුකම් ද මේ කල්පිතයෙන් ලැබුණේය. එහෙත් මුල දී මේ කල්පිතයට වැඩි සැලකිල්ලක් නොදක්වන ලදි. අවුරුදු පනහක් පමණ කාලය තුළ මෙය අමතක වී තිබුණේය. රසායන විද්‍යාඥයන් විසින් නොසලකා හරින ලද මේ වටිනා කල්පිතයට ඔවුන්ගේ සැලකිල්ල 1858 දී යළිත් යොමු කළේ තවත් ඉතාලි ජාතිකයකු වන කනිසාරෝය.
(සංස්කරණය: 1965)