"අව්ව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අව්ව යයි සාමාන්‍යයෙන් කියනු ලබන්නේ පරාවර්තනය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
අව්ව යයි සාමාන්‍යයෙන් කියනු ලබන්නේ පරාවර්තනය හෝ ප්‍රකිරණය හෝ නොවී කෙළින් ම සූර්යයාගෙන් පෘථිවිය මත වැටෙන කිරණවලටය.
 
අව්ව යයි සාමාන්‍යයෙන් කියනු ලබන්නේ පරාවර්තනය හෝ ප්‍රකිරණය හෝ නොවී කෙළින් ම සූර්යයාගෙන් පෘථිවිය මත වැටෙන කිරණවලටය.
 
කෙළින් ම වැටෙන සුර්ය කිරණවලින් ආලෝකය හා උණුසුම ලැබේ. සූර්යවිකිරණයේ ඇසට පෙනෙන කොටස පමණක් නොව ඇසට නොපෙනෙන [[පාරජම්බූල කිරණ]] (ultra violet rays) (බ.) හා [[අධෝරක්ත කිරණ]] (infra-red rays) (බ.) ද අඩංගුය. වායුගෝලය මැදින් ඇතුළු වන අව්වෙන් වැඩි කොටසෙහි තරංග ආයාම 0.29µ (0.00029 මිමී.) සිට 2.5 දක්වා අඩු වැඩි වේ. සාමාන්‍යයෙන් ඉර අව්වෙහි අඩංගු වන කිරණ ලොකු කොටස් තුනකට බෙදනු ලැබේ. එනම් : (1) 0.4µ හා 0.8µ අතර ඇති කොටස, (2) 0.4µ වලට වඩා කොට වූ තරංග ආයාම ඇති කොටස, (3) 0.8µ වලට වඩා දික් වූ තරංග ආයාම ඇති කොටස යනුවෙනි. ඉන් පළමුවැන්න ඇසට පෙනෙනසුලු කොටසයි. දෙවැන්න පාරජම්බූල කොටසයි. තුන්වැන්න අධෝරක්ත කොටසයි. පොළොවට සමාන්තර පෘෂ්ඨයක් මතුපිට වැටෙන අව්වේ ප්‍රමාණය අඩුවැඩි වීම සාධක සතරක් උඩ රඳා පවතී. මේ සාධක නම්: (1) සූර්යයාගෙන් පිටවන විකිරණවල ප්‍රමාණය, (2) සූර්යයා කෙරෙන් ඇති දුර ප්‍රමාණය, (3) තිරස් තලය මත වැටෙන කිරණවල ආසක්තිය, (4) වායුගෝලය මැදින් විකිරණය ගමන් කරන විට එය අඩුවීම යන මේවායි. තුන්වැන්න නිශ්චය කරනු ලබන්නේ අක්ෂාංශය, අවුරුද්දේ කාල විභාගය හා දවසේ වේලාව යනාදිය අනුවය. වායුගෝලය මැදින් අව්ව ගමන් කරන විට එය සාමාන්‍යයෙන් කොටස් තුනකට බෙදී යයි. ඉන් එක් කොටසක තරංග ආයාමය වෙනස් නොවී කෙළින් ගමන් කරන කිරණ කදම්බයෙන් ඉවත් වී සෑම දිසාවකට ම වාගේ පැතිරී යයි. දෙවැනි කොටස අවශෝෂණය කරනු ලැබේ. එය සම්පූර්ණයෙන් ම වාගේ තාප ශක්තියට පරිවර්තනය වෙයි. ඉතිරි කොටසේ තරංග ආයාමය වෙනස් නොවී ප්‍රචාරණය වන්නේය.
+
කෙළින් ම වැටෙන සුර්ය කිරණවලින් ආලෝකය හා උණුසුම ලැබේ. සූර්යවිකිරණයේ ඇසට පෙනෙන කොටස පමණක් නොව ඇසට නොපෙනෙන [[පාරජම්බූල කිරණ]] (ultra violet rays) (බ.) හා [[අධෝරක්ත කිරණ]] (infra-red rays) (බ.) ද අඩංගුය. වායුගෝලය මැදින් ඇතුළු වන අව්වෙන් වැඩි කොටසෙහි තරංග ආයාම 0.29µ (0.00029 මිමී.) සිට 2.දක්වා අඩු වැඩි වේ. සාමාන්‍යයෙන් ඉර අව්වෙහි අඩංගු වන කිරණ ලොකු කොටස් තුනකට බෙදනු ලැබේ. එනම්: (1) 0.4µ හා 0.8µ අතර ඇති කොටස, (2) 0.4µවලට වඩා කොට වූ තරංග ආයාම ඇති කොටස, (3) 0.8µවලට වඩා දික් වූ තරංග ආයාම ඇති කොටස යනුවෙනි. ඉන් පළමුවැන්න ඇසට පෙනෙනසුලු කොටසයි. දෙවැන්න පාරජම්බූල කොටසයි. තුන්වැන්න අධෝරක්ත කොටසයි. පොළොවට සමාන්තර පෘෂ්ඨයක් මතුපිට වැටෙන අව්වේ ප්‍රමාණය අඩුවැඩි වීම සාධක සතරක් උඩ රඳා පවතී. මේ සාධක නම්: (1) සූර්යයාගෙන් පිටවන විකිරණවල ප්‍රමාණය, (2) සූර්යයා කෙරෙන් ඇති දුර ප්‍රමාණය, (3) තිරස් තලය මත වැටෙන කිරණවල ආසක්තිය, (4) වායුගෝලය මැදින් විකිරණය ගමන් කරන විට එය අඩුවීම යන මේවායි. තුන්වැන්න නිශ්චය කරනු ලබන්නේ අක්ෂාංශය, අවුරුද්දේ කාල විභාගය හා දවසේ වේලාව යනාදිය අනුවය. වායුගෝලය මැදින් අව්ව ගමන් කරන විට එය සාමාන්‍යයෙන් කොටස් තුනකට බෙදී යයි. ඉන් එක් කොටසක තරංග ආයාමය වෙනස් නොවී කෙළින් ගමන් කරන කිරණ කදම්බයෙන් ඉවත් වී සෑම දිසාවකට ම වාගේ පැතිරී යයි. දෙවැනි කොටස අවශෝෂණය කරනු ලැබේ. එය සම්පූර්ණයෙන් ම වාගේ තාප ශක්තියට පරිවර්තනය වෙයි. ඉතිරි කොටසේ තරංග ආයාමය වෙනස් නොවී ප්‍රචාරණය වන්නේය.
  
අව්වේ ප්‍රමාණය සටහන් කර ගැනීමට උපකරණ කීප වර්ගයක් යොදනු ලැබේ. ඒ පිණිස ගනු ලබන ප්‍රකට උපකරණ නම් කැම්බල්-ස්ටෝක්ස්, මාවින් හා එප්ලි යන මේවායි.
 
අව්වේ ප්‍රමාණය සටහන් කර ගැනීමට උපකරණ කීප වර්ගයක් යොදනු ලැබේ. ඒ පිණිස ගනු ලබන ප්‍රකට උපකරණ නම් කැම්බල්-ස්ටෝක්ස්, මාවින් හා එප්ලි යන මේවායි.
  
පොළොව මතුපිට වැටෙන අව්වේ ප්‍රමාණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. සාමාන්‍යයෙන් දවසක ඇති අවු පැය ගණන ධ්‍රැවවල සිට උත්තර අක්ෂාංශ 30° කලාපය දක්වා වැඩි වේ. හා 35° අතර තිබෙන ධ්‍රැවවල අව්ව ඇත්තේ අව්ව ඇති විය හැකි මුළු පැය ගණනින් ½ක පමණකි.
+
පොළොව මතුපිට වැටෙන අව්වේ ප්‍රමාණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. සාමාන්‍යයෙන් දවසක ඇති අවු පැය ගණන ධ්‍රැවවල සිට උත්තර අක්ෂාංශ 30° හා 35° අතර තිබෙන කලාපය දක්වා වැඩි වේ. ධ්‍රැවවල අව්ව ඇත්තේ අව්ව ඇති විය හැකි මුළු පැය ගණනින් 1/3ක පමණකි.
  
උත්තර අක්ෂාංශ 30° හා 35° අතර කලාපයේ අව්ව ඇති විය හැකි මුළු පැය ගණනෙන් 50% සිට 90% දක්වා පමණ අව්ව තිබේ. ගොඩ කර ප්‍රදේශවලට වඩා මූදු වෙරළ අසල ප්‍රදේශවලට සාමාන්‍ය වශයෙන් අව්ව ලැබේ. මේ තත්වය ඕස්ට්‍රේලියාවේ නොපවතී. කඳුකර පළාත්වලට සාමාන්‍යයෙන් අව්ව ලැබෙන්නේ අඩු වශයෙනි. ලෝකයේ වෙන කවර කොටසකටත් වැඩි අවු ප්‍රමාණයක් සහරා කාන්තාරයේ ඇතැම් කොටස්වලට ලැබේ. අප්‍රිකාවේ සමකය අසල පිහිටි ප්‍රදේශවලට ලැබෙන අව්වේ සාමාන්‍ය ප්‍රමාණය ඇති විය හැකි මුළු ප්‍රමාණයෙන් 50%ට ස්වල්පයක් වැඩිය.
 
කැම්බල්-ස්ටෝක්ස් උපකරණයෙන් 1955 දී සටහන් කරනු ලැබූ පරිදි කොළඹට හා නුවරඑළියට එක් එක් පැයකට වැටුණු අව්වේ ප්‍රමාණය වැටිය යුතුව තිබුණු මුළු අවු ප්‍රමාණයේ මධ්‍ය ප්‍රතිශතය වශයෙන් පහත සඳහන් චක්‍ර දෙකේ දැක්වේ.
+
කැම්බල්-ස්ටෝක්ස් උපකරණයෙන් 1955 දී සටහන් කරනු ලැබූ පරිදි කොළඹට හා නුවරඑළියට එක් එක් පැයකට වැටුණු අව්වේ ප්‍රමාණය වැටිය යුතුව තිබුණු මුළු අවු ප්‍රමාණයේ මාධ්‍ය ප්‍රතිශතය වශයෙන් පහත සඳහන් චක්‍ර දෙකේ දැක්වේ.
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

12:45, 14 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය

අව්ව යයි සාමාන්‍යයෙන් කියනු ලබන්නේ පරාවර්තනය හෝ ප්‍රකිරණය හෝ නොවී කෙළින් ම සූර්යයාගෙන් පෘථිවිය මත වැටෙන කිරණවලටය.

කෙළින් ම වැටෙන සුර්ය කිරණවලින් ආලෝකය හා උණුසුම ලැබේ. සූර්යවිකිරණයේ ඇසට පෙනෙන කොටස පමණක් නොව ඇසට නොපෙනෙන පාරජම්බූල කිරණ (ultra violet rays) (බ.) හා අධෝරක්ත කිරණ (infra-red rays) (බ.) ද අඩංගුය. වායුගෝලය මැදින් ඇතුළු වන අව්වෙන් වැඩි කොටසෙහි තරංග ආයාම 0.29µ (0.00029 මිමී.) සිට 2.5µ දක්වා අඩු වැඩි වේ. සාමාන්‍යයෙන් ඉර අව්වෙහි අඩංගු වන කිරණ ලොකු කොටස් තුනකට බෙදනු ලැබේ. එනම්: (1) 0.4µ හා 0.8µ අතර ඇති කොටස, (2) 0.4µවලට වඩා කොට වූ තරංග ආයාම ඇති කොටස, (3) 0.8µවලට වඩා දික් වූ තරංග ආයාම ඇති කොටස යනුවෙනි. ඉන් පළමුවැන්න ඇසට පෙනෙනසුලු කොටසයි. දෙවැන්න පාරජම්බූල කොටසයි. තුන්වැන්න අධෝරක්ත කොටසයි. පොළොවට සමාන්තර පෘෂ්ඨයක් මතුපිට වැටෙන අව්වේ ප්‍රමාණය අඩුවැඩි වීම සාධක සතරක් උඩ රඳා පවතී. මේ සාධක නම්: (1) සූර්යයාගෙන් පිටවන විකිරණවල ප්‍රමාණය, (2) සූර්යයා කෙරෙන් ඇති දුර ප්‍රමාණය, (3) තිරස් තලය මත වැටෙන කිරණවල ආසක්තිය, (4) වායුගෝලය මැදින් විකිරණය ගමන් කරන විට එය අඩුවීම යන මේවායි. තුන්වැන්න නිශ්චය කරනු ලබන්නේ අක්ෂාංශය, අවුරුද්දේ කාල විභාගය හා දවසේ වේලාව යනාදිය අනුවය. වායුගෝලය මැදින් අව්ව ගමන් කරන විට එය සාමාන්‍යයෙන් කොටස් තුනකට බෙදී යයි. ඉන් එක් කොටසක තරංග ආයාමය වෙනස් නොවී කෙළින් ගමන් කරන කිරණ කදම්බයෙන් ඉවත් වී සෑම දිසාවකට ම වාගේ පැතිරී යයි. දෙවැනි කොටස අවශෝෂණය කරනු ලැබේ. එය සම්පූර්ණයෙන් ම වාගේ තාප ශක්තියට පරිවර්තනය වෙයි. ඉතිරි කොටසේ තරංග ආයාමය වෙනස් නොවී ප්‍රචාරණය වන්නේය.

අව්වේ ප්‍රමාණය සටහන් කර ගැනීමට උපකරණ කීප වර්ගයක් යොදනු ලැබේ. ඒ පිණිස ගනු ලබන ප්‍රකට උපකරණ නම් කැම්බල්-ස්ටෝක්ස්, මාවින් හා එප්ලි යන මේවායි.

පොළොව මතුපිට වැටෙන අව්වේ ප්‍රමාණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. සාමාන්‍යයෙන් දවසක ඇති අවු පැය ගණන ධ්‍රැවවල සිට උත්තර අක්ෂාංශ 30° හා 35° අතර තිබෙන කලාපය දක්වා වැඩි වේ. ධ්‍රැවවල අව්ව ඇත්තේ අව්ව ඇති විය හැකි මුළු පැය ගණනින් 1/3ක පමණකි.

උත්තර අක්ෂාංශ 30° හා 35° අතර කලාපයේ අව්ව ඇති විය හැකි මුළු පැය ගණනෙන් 50% සිට 90% දක්වා පමණ අව්ව තිබේ. ගොඩ කර ප්‍රදේශවලට වඩා මූදු වෙරළ අසල ප්‍රදේශවලට සාමාන්‍ය වශයෙන් අව්ව ලැබේ. මේ තත්වය ඕස්ට්‍රේලියාවේ නොපවතී. කඳුකර පළාත්වලට සාමාන්‍යයෙන් අව්ව ලැබෙන්නේ අඩු වශයෙනි. ලෝකයේ වෙන කවර කොටසකටත් වැඩි අවු ප්‍රමාණයක් සහරා කාන්තාරයේ ඇතැම් කොටස්වලට ලැබේ. අප්‍රිකාවේ සමකය අසල පිහිටි ප්‍රදේශවලට ලැබෙන අව්වේ සාමාන්‍ය ප්‍රමාණය ඇති විය හැකි මුළු ප්‍රමාණයෙන් 50%ට ස්වල්පයක් වැඩිය.

කැම්බල්-ස්ටෝක්ස් උපකරණයෙන් 1955 දී සටහන් කරනු ලැබූ පරිදි කොළඹට හා නුවරඑළියට එක් එක් පැයකට වැටුණු අව්වේ ප්‍රමාණය වැටිය යුතුව තිබුණු මුළු අවු ප්‍රමාණයේ මාධ්‍ය ප්‍රතිශතය වශයෙන් පහත සඳහන් චක්‍ර දෙකේ දැක්වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අව්ව&oldid=6375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි