"ආණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
31 පේළිය: 31 පේළිය:
 
බටහිර රටවල ජනතාව අතර මෙවැනි ප්‍රබෝධයක් ඇති වී එමගින් ආණ්ඩුක්‍රමවල විපර්යාස සිදුවෙද්දී පෙරදිග රටවල ජනයා උදාසීනව ම සිටියේය. එකල ද ඒකාධිපති පාලනය පෙරදිග රටවල ආණ්ඩුක්‍රමය වශයෙන් එහි දිගට ම පැවතිණ. අවරදිගින් පෙරදිගට කිසි ම බලපෑමක් නොවීය. රාජාණ්ඩුව හුවා දැක්වීම හැර ආණ්ඩුක්‍රම විකාසනය උදෙසා පෙරදිගින් කිසිදු සේවයක් ඉටු වී යයි ද කිව නොහේ.  
 
බටහිර රටවල ජනතාව අතර මෙවැනි ප්‍රබෝධයක් ඇති වී එමගින් ආණ්ඩුක්‍රමවල විපර්යාස සිදුවෙද්දී පෙරදිග රටවල ජනයා උදාසීනව ම සිටියේය. එකල ද ඒකාධිපති පාලනය පෙරදිග රටවල ආණ්ඩුක්‍රමය වශයෙන් එහි දිගට ම පැවතිණ. අවරදිගින් පෙරදිගට කිසි ම බලපෑමක් නොවීය. රාජාණ්ඩුව හුවා දැක්වීම හැර ආණ්ඩුක්‍රම විකාසනය උදෙසා පෙරදිගින් කිසිදු සේවයක් ඉටු වී යයි ද කිව නොහේ.  
  
 +
== මනු ==
 +
ශ්‍රෙෂ්ඨතම නීති විශාරදයකු වශයෙන් මනු මුළු පෙරදිගට ම ආඩම්බරයකි. එහෙත් ඔහුගේ සැලකිල්ලට භාජන වූ ප්‍රධානතම විෂය නම් රාජාණ්ඩු ක්‍රමයයි. ඔහුගෙන් සිදු වූයේ, රජකුගේ කාරුණික පාලනය යටතේ රටේ තිබිය යුතු ආචාර විධි පිළිබඳ නියමයන් දැක්වීම පමණකි. සැම පුද්ගලයකුට ම තම ජන්මය අනුව සමාජයේ කිසියම් ස්ථානයක් හිමි විය. පෞද්ගලික ජීවිතයේ දී මෙන් ම සමාජ ජීවිතයේ දීත් ඔහුට යම් යම්  ආචාරධර්ම පිළිපදින්නට සිදු විය. කෞටිල්‍ය සිය අර්ථශාස්ත්‍රයෙන් රජවාසල කටයුතු හා මුළු රටේ ම කටයුතු ගෙනයෑමට රජුට උවදෙස් දීමෙන් තවත් පියවරක් ඉදිරියට තැබීය. කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රය වූකලි රජයේ මුදල් පරිපාලනය හා රාජ්‍යපාලන කටයුතු පිළිබඳ නීති සම්පාදනය කරනු සඳහා ඒ සා පැරණි යුගයක දී දරන ලද ප්‍රයත්නයක් වශයෙන් අපූර්ව ග්‍රන්ථයක් ලෙස
 +
සැලකිය හැක්කකි. පූර්වෝක්ත විචාරකයන් දෙදෙනා ම රාජාණ්ඩුව සිද්ධාන්ත සත්‍යය කොට ගත්හ. මොවුන් ආණ්ඩුක්‍රම විභාග කිරීමට කිසිදු ප්‍රයත්නයක් දරා නැත.
  
 +
සැතැපුම් දහස් ගණනක් ඈත චීනයේ විසූ කොන්ෆියුසියස් හා මෑත භාගයෙහි ජීවත් වූ ඔහුගේ ශිෂ්‍ය මෙන්සියස් ද පෞද්ගලික වශයෙනුත් මහජන කටයුතුවල දීත් ප්‍රමාණ වශයෙන් ගතයුතු ආචාරවිධි පිළිබඳව යට කී අදහස්වලට සමාන වූ අදහස් පළකිරීම අහම්බෙන් ම සිදු වී යයි සිතිය නොහේ. එහෙත් ඔවුහු ද රාජාණ්ඩු පදනම අවිවාදයෙන් පිළිගත්හ. කොන්‍ෆියුසියස්ගේ සිතැඟිවලට සරිලන දාර්ශනික රජකු පහළ නුවූයෙන් ඔහු මිය ගියේ බලාපොරොත්තු සුන්වීමේ දුකෙනි. එහෙත් ඔහු මෙන්ම ඔහුගේ අනුගාමිකයෝ ද රාජාණ්ඩු පදනමෙන් කිසි විටෙක ඉවත් නොවූහ. බටහිර දේශපාලන විචාර පෙරදිග දේශපාලන චින්තාවන් කෙරෙහි බල පානා තුරු ඒතාක් මුල් බැසගෙන ප්‍රබලව පැවති රාජාණ්ඩු සංකල්පය දුබල නොවීය. ප්‍රාග්බෞද්ධ සමයන්හි ඉන්දියාවේ ජනපදයන්හි කලින් කල බලයට පැමිණි කතිපයාධිපති ආණ්ඩු සමහරක් 'සමූහාණ්ඩු' ලක්ෂණ හා 'නියෝජ්‍ය ආණ්ඩු' ලක්ෂණ ගත් බවක් දැක්වීමට ඇතැම් දේශපාලන චින්තකයන් වෙහෙස ගෙන ඇති බව සැබෑ වුව ද ඒ ආයතන කිසිකලක පුරෝහිත උපදේශක මණ්ඩලවලට වැඩි යම්කිසිවක ලක්ෂණ දැරුවේ ද යන්න සැක සහිතය. අවාසනාවකට මෙන් මේ යුගයේ ආයතන ගැන දැනගත හැකිව ඇති තොරතුරු ඉතා අල්ප බැවින් ඒ සම්බන්ධයෙන් නිර්භයව ස්ථීර ප්‍රකාශයක් කළ නොහැකිව ඇත. නූතන දේශපාලන චින්තනයෙහි නිශ්චිත අර්ථවත් 'සමූහාණ්ඩුව' 'නියෝජ්‍ය ආණ්ඩුව' වැනි පද මෙහි ලා නිසැකව යෙදිය හැකි වීමට තරම් එම ආයතන පිළිබඳව ලබාගත හැකි තොරතුරු පැහැදිලි හෝ තීරණාත්මක හෝ නොවේ. මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්විය යුතුව ඇත. මෙම චිත්තාකර්ෂණීය විෂය ගැන විශේෂයෙන් හැදෑරිය යුතු වුවද මෙය එබන්දකට තැන නොවේ.
  
 +
වර්තමාන යුගය ආර්ථික බලවේගයන්ගේ සංඝට්ටනය ඉස්මතු කෙළේය. පැහැදිලි ලෙස නොපෙනුණ ද ඒකාන්තයෙන් ම ඇතිවුණු මධ්‍යම පන්තියේ උදාව ඊට අනතුරුව ආණ්ඩුක්‍රම සම්බන්ධයෙන් ඇති වූ අත්‍යන්ත විපර්යාසයන්ට අසහාය කාරණය විය. මෙවක පැවති වැඩවසම් ක්‍රමය යටතේ රදල නායකයෝ අතිශයින් අහංකාර වූහ; එසේම බලසම්පන්න ද වූහ. ඔවුහු රජවරුන් පහකොට බලයට පැමිණීමට නොහැකි වූ විට රජුන්ගේ බලය මඳින් මඳ සිඳ දැමීමට තැත් කළහ. මේ රදල නායකයන්ට විරුද්ධව ක්‍රියා කිරීමට මෙහි දී රජුන්ට ලැබුණු අනියම් සහායක පිරිස නම් නැඟී ආ මධ්‍යම පන්තියයි. මේ අලුත් පන්තියේ ශක්තිය කෙබඳු වී ද යන්න එංගලන්තයේ ක්‍රොම්වෙල්ගේ අන්තර්රාජ්‍ය සමයෙන් පැහැදිලිව පෙනුණේය. යළිත් රාජාණ්ඩුව ඇතිවීම හුදෙක් තාවකාලික පසුබැසීමක් විය. “මහජන නියෝජනයක් නොමැතිව බදු අය නොකළ යුතුය” යන උද්ඝෝෂණය ප්‍රබල වී යෑම හේතුකොටගෙන තවදුරටත් නොසලකා සිටිය නොහැකි නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල පහළ විය. එවැනි දේශපාලන සංස්ථා ඉබේ ම ඇති වී යයි කිව නොහේ. වඩා ශක්තිමත් නොවුවද ඒවා එම යුගයේ දිගට ම පැවති සැලකිය යුතු දේශපාලන විචාර සමූහයක ප්‍රතිඵලයි. පුරාණ ග්‍රීසියෙන් ලැබුණ මහත් ඥානසම්භාරය පිළිබඳව නව ප්‍රබෝධයක් මුද්‍රණ යන්ත්‍රය නිපැදවීම කරණකොට ගෙන ඇති විය. රාජ්‍යයේ ස්වභාවය, ආණ්ඩුක්‍රම හා ආණ්ඩු සංස්ථා, පුද්ගලයන්ගේ අයිතිවාසිකම් යනාදි නොයෙක් කරුණු පිළිබඳ විවිධ මත චිත්තාකර්ෂණීය සාකච්ඡාවන්ට විෂය විය. එම සාකච්ඡා මිනිසුන්ගේ අදහස් හැඩගැස්වීමට උපකාරී වීමෙන් නොනැවතී ඒතාක් කල් පැතිර පැවති ආණ්ඩු සංස්ථා සහමුලින් වෙනස් කළ මහා විප්ලව දෙකකට ද මඟ පෑදුවේය.
  
 +
== ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ මුල ==
 +
මහජන මතය කෙරෙහි වැඩි වැඩියෙන් සැලකිල්ල දක්වන අයුරු කරන ලද ආණ්ඩු ප්‍රතිසංස්කරණ එංගලන්තයේ ආරම්භ වී දේශපාලන අරගළයක් පාසා ක්‍රමයෙන් පුළුල් වී ගිය ද නියම මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වී යයි කිවහැකි ප්‍රජාතන්ත්‍රවාදී මන්ත්‍රී මණ්ඩල පළමුවෙන් ඇති වූයේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේය; ඊළඟට ප්‍රංසයේය. ඇත්තවශයෙන් ම එංගලන්තය සර්වජන ඡන්ද බලය සහිත නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් වූයේ එහි වයස 21න් ඉහළ ස්ත්‍රීන්ට ඡන්‍ද බලය ලැබුණු වර්ෂය වූ 1927 දීය. හුදු උද්ඝෝෂණ පාඨ වශයෙන් පැවති නිදහස හා සමානාත්මතාව 1774 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේත් 1789 දී ප්‍රංසයේත් ක්‍රියාත්මකභාවයකට පෙරළිණ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථා ඇති කළ පසු ඇමෙරිකාව නොපැකිල ඉදිරියට ම ගිය නමුදු ප්‍රංසයේ ප්‍රජාතන්ත්‍රවාදය නැඟීම් වැටීම් දෙකට ම භාජන විය. ප්‍රංසය ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආඥාදායකත්වයටත් ඒකාධිපත්‍යයටත් මාරුවී නැවත ප්‍රජාතන්ත්‍රවාදයට ම පෙරළිණ. අනෙක් බටහිර යුරෝපීය රාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයට පරිවර්තනය වූයේ නොයෙක් අවධිවල දීය. ඕලන්දය මුල දී ම එංගලන්තය අනුගමනය කළේය. එහෙත් ජර්මනිය, ඉතාලිය‚ ඕස්ට්‍රියාව, රුසියාව ආදි රටවල් දේශපාලන ඉදිරි ගමනට යොමු වූයේ බොහෝ කලකට පසුවය. 1917 දක්වා ම රුසියාවේ වැඩවසම් ක්‍රමය හා ඒකාධිපත්‍යය ද ඉතා දරුණුව පැවතිණ. ජර්මනිය 1918 වන තෙක් ම රාජාණ්ඩුව පෙරළා නොදැම්මේය. ‍පසුව එරට හිට්ලර්(නාට්සි)වාදය හා ‍ෆැසිස්ට්වාදය ත‍ෙක් පිරිහී ගියේය. 1945 දී හිට්ලර්වාදය පැරද වූ පසුය, එරටෙහි ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සැලසුණේ.
 +
 +
මෙසේ 18 වන ශතවර්ෂයේ අවසාන කොටසේ දී ඇමෙරිකාවේ හා ප්‍රංසයේ ඇති වූ විප්ලව ලෝකයේ සමාජ හා දේශපාලන ඉතිහාසය පිළිබඳව කැපී පෙනෙන ඉතා වැදගත් සිද්ධීන් වුව ද ඒවායේ බලපෑම් ඒ විගස ම හෝ නොපමාව ඇති වී යයි සිතීම මුළාවකි. මේ විප්ලවයන්ගෙන් සැලසුණු උදාර ඵල කිසිවිටකත් භුක්ති නොවිඳි ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් ද තවමත් යුරෝපයේ ඇත.
 +
 +
ඒ කෙසේ වුව ද පසුකාලයේ දේශපාලන විචාර කෙරෙහි විශේෂයෙන් ප්‍රංස මහාවිප්ලවයේ බලපෑම ඉමහත් විය. ඒ මහාවිප්ලවයට ජනයා පොලඹවා ලූ නිදහස හා සමානාත්මතාව පිළිබඳ සංකල්ප කෙරෙහි සිත් නොමෙහෙයූ පෙර අපර දෙදිග රටවල් ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. ඒ විප්ලවය නිසා පොදු ජනයාගේ තත්වය උසස් වී ගියේය. එසේම සාමාන්‍ය ජනයාට තම රටේ දේශපාලන ජීවිතයෙහි මෙතෙක් අත් නොවූ තැනක් හිමි විය. එහෙයින් යථෝක්ත සංකල්පයන්ගේ ආභාසය ආණ්ඩු ක්‍රමයන්හි යම්තමින් හෝ පිළිබිඹු විය.
 +
 +
== රුසියානු විප්ලවය ==
 +
ලෝක දේශපාලන ඉතිහාසයේ ඊළඟ වැදගත් සිද්ධිය වනුයේ 1917 රුසියානු මහා විප්ලවයයි. ප්‍රංස මහාවිප්ලවය ඇරඹූ ගමන මේ විප්ලවය මගින් අවස්ථා කීපයක් ඉදිරියට ගෙන යන ලදි. ඒ අතර ම පාලන කාර්යය විෂයෙහි ලා ගොවීන්ට හා කම්කරුවන්ට තීරණාත්මක අයිතියක් ලැබෙන සේ පාලන තන්ත්‍රය සකස් විය. කම්කරු ප්‍රජාතන්ත්‍රික රටවල පිළිගත් පාලන රටාව වූයේ වක්‍ර මැතිවරණ ක්‍රමය හා නියමිත කාලය ඉකුත් වන්නට පෙර නියෝජිතයන් අස්කිරීමේ බලය (right of recall) සහිත සෝවියට් සහාය.
 +
කලින් දක්වන ලද පරිදි රටක ආණ්ඩුව වශයෙන් ගැනෙන සංස්ථාවන්ගේ ආකෘතියෙහි හා ව්‍යුහයෙහි නියමිත රටාවක් නොවීය. එක් එක් රටක උවමනාවන්ට ද සම්ප්‍රදායයන්ට හා සංකල්පයන්ට ද ගැළපෙන්නා වූ, ඒ රටට ම විශේෂ වූ සංස්ථා කීපයක් වෙයි. විමර්ශනය සඳහා (ලේඛනගත ) ආණ්ඩුව්‍යවස්ථාවක් කවදාවත් නොතිබීම ආණ්ඩුව පිළිබඳ ඉතිහාසය අතින් එංගලන්තයට විශේෂයයි කිවයුතු අනන්‍යසාධාරණ ලක්ෂණයකි. එරට දේශපාලන සංස්ථා ශතවර්ෂ ගණනාවක් තිස්සේ වැඩි විත් ඇත. එහි ආණ්ඩුව්‍යවස්ථාව ව්‍යවස්ථා ග්‍රන්ථයේ ගිණිය නොහැකි තරම් පිටුවල ද ගිණිය නොහැකි තරම්  අධිකරණ තීන්දුවල ද ලේඛනගත නොවු ගිණිය නොහැකි තරම් පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්හි හා පූර්වාදර්ශයන්හි ද විහිද පවතී.
 +
 +
== වර්ගීකරණය ==
 +
ආණ්ඩු වර්ග කිරීම සුකර නොවුව ද, ඒවායේ කැපී පෙනෙන යම් යම් පොදු ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැකිය. මහජන නියෝජිතයන්ගෙන් සමන්විත නීති පනවන මණ්ඩලයක් සෑම රටකම ඇත. ස්විට්සර්ලන්තය හැරෙන්නට අනික් රටවල වයස් සම්පූර්ණ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම අය නියමිත කාලසීමාවකට තම ව්‍යවස්ථාදායකයන් තෝරා ගනිති. ස්විට්සර්ලන්තයේ මේ හිමිකම ඇත්තේ පුරුෂ පක්ෂයට පමණි. විධායක කටයුතු කෙරෙන්නේ මුළු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් නොව ව්‍යවස්ථා සම්පාදක සභාවට අයත් වූ හෝ නුවූ හෝ කුඩා මණ්ඩලයක් විසින්ය.
 +
අධිකරණය වූ කලි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙනුත් විධායක මණ්ඩලයෙනුත් බාහිර වූ එකකි.නීතිය විවරණය කිරීම අධිකරණ මණ්ඩලයට අයත් කාර්‍ය්‍යයකි. මේ මූලික ලක්ෂණ හැම රටක ම ආණ්ඩුවක දක්නා ලැබේ.
 +
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ඒවායේ නම්‍යතාව හෝ දෘඪතාව අනුව හෝ ලේඛනගතවීම හෝ නොවීම අනුව හෝ එබඳු අන්කිසි ලක්ෂණයක් අනුව හෝ වර්ග කිරීම සිරිතකි. එහෙත් එවැනි වර්ග කිරීමකින් එතරම් ප්‍රයෝජනයක් ඇතැයි කිව නොහැකිය. ආණ්ඩුව්‍යවස්ථා ඉතිහාසයෙහි විශේෂ වූවක් හැටියට එංගලන්තය බැහැර කළ විට අනික් ආණ්ඩුව්‍යවස්ථා සියල්ල ම ලේඛනගත වූත් අනම්‍ය වූත් ඒවා බව පෙනී යන බැවිනි.
 +
එංගලන්තයට ආණ්ඩුව්‍යවස්ථාවක් නැත. එබැවින් එයට ආණ්ඩුව්‍යවස්ථාව යයි කිව හැකි ලේඛනයක් හෝ ලේඛන සමූහයක් හෝ නොමැත. මේ හේතු කොටගෙන එරට “ ආණ්ඩුව්‍යවස්ථාවේ ”නම්‍යතාව එහි විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණයයි. ආණ්ඩුව්‍යවස්ථාවේ කොටසකැයි සැලකිය හැකි කිසි ම අණපනතක් වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට විශේෂ ක්‍රියා පිළිවෙළක්ද අවශ්‍ය නැත.
 +
අනික් අතට සෙසු සෑම රටක ම ආණ්ඩුවේ විවිධ ආයතනවල ස්වභාවය හා කාර්යයන් පැහැදිලි ලෙස ම ලියවිලි එකක හෝ කීපයක ලේඛනගත කොටඇත. ආණ්ඩුව්‍යවස්ථාගත මේ නීති සාමාන්‍යනීති සම්බන්ධයෙන් පවත්නා සරල ක්‍රමයෙන් සංශෝධනය කළ නොහේ. ඒ සඳහා මන්ත්‍රණ සභා එකකින් හෝ දෙකින්ම හෝ සැදුණු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂ බහුතර සංඛ්‍යාවකගේ ඡන්දය අවශ්‍යය. . ‍‍ෆෙ‍ඩරල්‍‍‍‍ ( සන්ධීය)  රාජ්‍යයන්හි එම කාර්යය පිණිස අවයව (constituent) රාජ්‍යයන්ගේ කැමැත්ත ලබාගැනීම ද සමහර විටක ජනමත විචාරණයක් (referendum) මගින් ඡන්‍ද බලය ඇති ජනතාවගේ කැමැත්ත ලබාගැනීම ද අවශ්‍ය විය හැකිය. ආණ්ඩුව්‍යවස්ථා සංශෝධනය  සම්බන්ධයෙන් එක් එක් රටකට ඇත්තේ ඊට ම විශේෂ වූ ක්‍රියාමාර්ගයකි. ආණ්ඩුව්‍යවස්ථා සංශෝධනය අතින් දක්නා පොදු ලක්ෂණය නම් එය දැඩි වූ ද අනික් සාමාන්‍ය නීති පැනවීමේ කාර්යයට වඩා දුෂ්කර වූ ද කරුණක් වීමයි.
 +
ඒකීය රාජ්‍ය හා ‍ෆෙ‍ඩරල් රාජ්‍ය අතර ඇති වෙනස වඩා අර්ථවත් එකකි. ආරම්භයේ දී සෑම රාජ්‍යයක්ම ඒකීය රාජ්‍යයක් වූ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. සමහර රටවලට වෙන් වෙන්ව නොසිට එකතු වී සංයුක්ත රාජ්‍යයක් සේ සිටීම වඩා යෝග්‍ය බව කයෑමේ දී හැඟී ගියේය. මෙම රාජ්‍ය එසේ මෙහෙයවනු ලැබීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ භූගෝලීය වූත් යුද්ධෝපායට අදාළ වූත් කරුණු වුව ද ඇතැම් ආර්ථික වූත් මනෝ විද්‍යාත්මක වූත් කරුණු වලින් ද යම්බඳු බලපෑමක් නොවී යයි කිව නොහැකිය. පොදු සතුරකුට විරුද්ධව ගෙන ගිය සටනක දී ඇති වූ ඒකීයභාවය පිළිබඳ හැඟීම වෙන් වෙන් රාජ්‍යයන් වශයෙන් බෙදීයනසුලු ගතිය මැඬලීමට උපකාරී විය. 3වැනි ජෝජ් රජුගේ කාලයේ දී බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ඉමහත් බලයට උතුරු ඇමෙරිකාවේ විවිධ රාජ්‍යයන්ට මුහුණ පෑමට සිදු වූ අවස්ථාවේ දී ප්‍රථම සංයුක්ත රාජ්‍යය අත්හදා බැලීමට මෙන් ආරම්භ විය. අන්‍යෝන්‍ය සම්බන්ධය අතින් දුර්වලව බැඳුණු එම සංයුක්තය කාර්‍ය්‍යක්ෂම ලෙස යුද කටයුතු ගෙන යෑමට පවා අපොහොසත් විය. මේ සංවිධානය ප්‍රථම ෆෙ‍ඩරල් රාජ්‍යය වන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට මං පෑදුවේය.
 +
එවක් පටන් වෙනත් බොහෝ රටවල් මේ ෆෙ‍ඩරල් ක්‍රමය අනුගමනය කෙළේය. ඒවා නම් ස්විට්සර්ලන්තය, කැනඩාව, ඕස්ට්‍රියාව, ජර්මනිය, දකුණු අප්‍රිකාව, සෝවියට් රුසියාව, යුගෝස්ලාවියාව හා ඉන්දියාවය. මේ රාජ්‍ය හැර අනිකුත් සියලු ම රාජ්‍ය ඒකීය රාජ්‍යයෝයි. එනම් එංගලන්තය, ප්‍රංසය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕලන්දය, බෙල්ජියම, ඉතාලිය, බ්‍රසීලය, ආජන්ටිනාව, චිලි, ඝානාව, සුඩානය, ඊශ්‍රායලය, එක්සත් අරාබි සමූහාණ්ඩුව, ලංකාව, බුරුමය, ජපානය හා නවසීලන්තය යනාදියයි.
 +
රටපුරා පැතිරී ගිය බලය සහිත එක ම ස්වාධීන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පමණක් තිබීම ඒකීය රාජ්‍යයන්හි විශේෂ ලක්ෂණයයි. ෆෙ‍ඩරල් රාජ්‍යයන්ගේ බලය ෆෙ‍ඩරල් මහා ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් ඒ ඒ ෆෙ‍ඩරල් ඒකකයන්ගේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලත් අතර බෙදී පවතී. මහා ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ක්‍රියා කළ හැක්කේ කොතෙක් දුරට ද නොහොත් කවර සීමාවන් ඇතුළත ද යනු සන්ධි වන රාජ්‍යයන් විසින් පැහැදිලි ලෙස නියම කළ යුතුය යන්න ෆෙ‍ඩරල්වාදය නමැති සංකල්පයේම ගැබ්වී ඇත්තකි. ක්‍රියාවෙහි යොදවන විට යම් යම් දුෂ්කරතාවන් ඇති වෙතත් යථෝක්ත සීමාවන් පැහැදිලි ලෙස ම දක්වා ඇත. මෑතක සිට මහා ආණ්ඩුව සිය බලය පුළුල් කර ගනිමින් ප්‍රාදේශික රාජ්‍යයන්හි ආඥා ක්ෂේත්‍රයට පවා වැදගැනීමට සැරසෙන බවක් දක්නට ලැබේ. ෆෙ‍ඩරල් ඒකක ආණ්ඩුවලට මේ තත්වය කොතෙක් අනභිමත වුව ද කාලය හා දුරපතර අතින් පවත්නා වූ පරතරය දුරු කෙරෙමින් කේන්ද්‍ර ස්ථානය කරා දිවෙන බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වය සිද්ධීන්ගේ නයින් පිළිගන්නට වී තිබේ.
 +
කැනඩාවෙහි ශේෂ බලතල මහජනයා කෙරෙහි රැඳී පවතී. මහා ආණ්ඩුවේ හා ෆෙඩරල් ඒකක ආණ්ඩුවල බලතල 1867 බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකා පනතින් විග්‍රහ කොට දක්වා ඇත. මේ ක්‍රමය සතුටුදායක ලෙස ක්‍රියාවේ යෙදී නැත. හුදෙක් ආරාවුල් අධික වී නඩු හබ වැඩි වීමට එය රුකුලක් වී තිබේ.
 +
ආණ්ඩුව්‍යවස්ථා නීතිය විවරණය කිරීම සඳහාත් ආණ්ඩුව්‍යවස්ථාවේ නියම කොට ඇති සීමාවන් ෆෙඩරල් ආණ්ඩුව උල්ලංඝනය කළ අවස්ථාවන් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වූ විටෙක විනිශ්චයක් කරලීම සඳහාත් ෆ‍ෙඩරල් අධිකරණයක් හෙවත් උත්තරීතර අධිකරණයක් තිබිය යුතු බව ‍ෆ‍ෙඩරල් ආණ්ඩු සැලැස්මක ආවේණික ලක්ෂණයකි. එවැනි වූ උත්තරීතර ඇපැල් අධිකරණයක් පිහිටු වීම සඳහා විධිවිධාන සෑම ෆෙඩරල් ආණ්ඩුව්‍යවස්ථාවකම යොදා ඇත. කැනඩාවේ ඇපැල් අධිකරණය නම් උත්තර රාජාධිකරණයේ ( ප්‍රිවි කවුන්සලයේ) අධිකරණ කාරක සභාවයි.
 +
ඇත්ත වශයෙන් කියතොත් ආණ්ඩුව්‍යවස්ථා නීති විවරණය කිරීම සඳහා ශ්‍රෙෂ්ඨාධිකරණයක් ඇතිවීම ෆෙඩරල් රාජ්‍යයන්ට පමණක් විශේෂ වූවක් නොවේ.යම් ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව්‍යවස්ථා බලය ඉක්ම වූවක් ද නැද්දැයි ආරාවුල් ඇති වූ විටක ආණ්ඩුව්‍යවස්ථාව විවරණය කොට පහදාලීම සඳහා ඇපැල් අධිකරණ මණ්ඩලයක් ඇති කිරීමට විධිවිධාන සෑම ලේඛනගත ආණ්ඩු ව්‍යවස්ථාවකම සලසා ඇත. එංගලන්තයේ හැර අන් හැම රටකම ආණ්ඩුව්‍යවස්ථාව ලේඛනගත බැවිනුත් අනම්‍ය බැවිනුත් ආරාවුල් ඇතිවනු නියතය. මහජනයාට අහිමි කළ නොහැකි වූ ඔවුන් සතු මූලික අයිතිවාසිකම්වලට ඒකීය රාජ්‍යයක ආණ්ඩුවකින් හානි පැමිණීමට ද හොඳට ම ඉඩ තිබේ. යට කී අයුරු ඇපැල් අධිකරණයක් උදෙසා විධිවිධාන සලසා නොමැති රටවල් කීපය අතුරෙන් ලංකාව ද එකකි. වරින් වර පනවන ලද විවිධ අණපනත්වලින් හිරිහැරයට පත් අය අතරෙහි මේ සම්බන්ධයෙන් මහත් සැකක් හා බියක් මේ රටවල ඇති වී තිබේ. එවැනි ඇපැල් අධිකරණයක් ඇති කළ යුතු යයි ප්‍රබල මතයක් ද පවතී.
 +
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල පිළිබඳව කළ හැකි තවත් අර්ථාන්විත ප්‍රභේදයක් නම් ඒකමාණ්ඩලික හා ද්විමාණ්ඩලික වශයෙන් ගෙනහැර දැක්වීමයි. ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය උත්තර මන්ත්‍රී සභාව හා මහජන මන්ත්‍රී සභාව යයි සභා දෙකකින් සමන්විත රාජ්‍ය ද්විමාණ්ඩලික යයි ද තනි ව්‍යවස්ථාදායක මණ්ඩලයක් සහිත රටවල් ඒකමාණ්ඩලික යයි ද කියනු ලැබේ.
 +
තව ස්වල්පයක් දුරට කරුණු පිරික්සීමේ දී සෑම ෆ‍ෙඩරල් රාජ්‍යයක් ම සැලැස්ම අතින් ද්විමාණ්ඩලික රාජ්‍යයක් බව පෙනී යයි. මෙය මෙසේ වීමට හේතුව පහසුවෙන් සලකා ගත හැකිය. සංයුක්ත රාජ්‍යයට (federation ) බැඳීමට ගිවිස ගත් අවයව රාජ්‍ය ‍ෆ‍ෙඩරල් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙහි තමන් වෙන් වෙන් වශයෙන් පිළිගත යුතු බව තරයේ කියා සිටිනු නිසැකය. එමතු ද නොව ‍ෆ‍ෙඩරල් ඒකකයන් එකිනෙකට සමාන බව ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හා ඕස්ට්‍රෙලියාවේ උත්තර මන්ත්‍රී සභාවෙහි මැනැවින් පිළිබිඹු වෙයි. එක්සත් ජනපදයේ සැනෙට් (උත්තර මන්ත්‍රී) සභාව මන්ත්‍රීවරුන් 100 දෙනකුගෙන් සෑදී ඇත. එක් එක් ‍ෆ‍ෙඩරල් ඒකකයකින් නියෝජිතයන් දෙදෙනා බැගින් තෝරා ගෙන තිබේ. ඕස්ට්‍රෙලියාවේ උත්තර මන්ත්‍රී සභාවෙහි අවයව රාජ්‍යයකින් නියෝජිතයන් හයදෙනා බැගින් සිටිති. මේ සමානාත්මතා ප්‍රතිපත්තිය අනික් ‍ෆ‍ෙඩරල් රාජ්‍යයන්හි පිළිගෙන නැත.
 +
එවැනි සමානාත්මතාවක් ලැබී ඇතත් නැතත් ෆෙඩරල් හෙවත් සංයුක්ත රාජ්‍යය මගින් ‍‍ෆ‍ෙඩරල් ඒකකයන්ගේ අයිතිය පැහැර ගැනීමක් වුවහොත් එබන්දකින් ආරක්ෂාව ලබා ගැනීම සඳහා ‍ෆෙඩරල් ඒකක ස්වකීය රාජ්‍යයන් වෙන් වෙන් වශයෙන් නියෝජනය කළ යුතු බව තරයේ කියා සිටීම සිරිති. ‍
 +
පාර්ලිමේන්තුවට කෙළින් ම වගකිවයුතු ආණ්ඩු හා එබඳු වගකීමක් නොමැති ආණ්ඩු හැටියට ද ආණ්ඩු දෙකොටසකට වර්ග කිරීමට ඉඩ තිබේ. මෙහි මුලින් කී වර්ගයට කදිම නිදර්ශනය නම් පාර්ලිමේන්තුවට කෙළින් ම වගකිවයුතු ආණ්ඩු හා එබඳු වගකීමක් නොමැති ආණ්ඩු හැටියට ද ආණ්ඩු දෙකොටසකට වර්ග කිරීමට ඉඩ තිබේ. මෙහි මුලින් කී වර්ගයට කදිම නිදර්ශනය නම් මහා බ්‍රිතාන්‍යයයි. ඓතිහාසික හේතූන් නිසා එරට කැබිනට් ක්‍රමය අවිච්ඡින්නව යෙහෙන් සංවර්ධනය විය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකවරුම කැබිනට් මණ්ඩලයේ සාමාජිකවරු ද වෙති. අනික් ප්‍රභේදයට කැපී පෙනෙන නිදසුන නම් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයයි.
 +
 +
== බ්‍රිතාන්‍යය ==
 +
අවිශේෂයෙන් සලකා බලන විට මහා බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව නම් අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයය. එක් විධියකට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ ම කාරක සභාවකි. එය පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන්නක් නොව අගමැතිවරයා විසින් තෝරාගනු ලබන්නකි. අගමැතිවරයා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සම්ප්‍රදායානුකූලව අගමැතිවරයා මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයකු විය යුතුය. හැමදෙන ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් බැවින් ඔවුහු තනි තනිව ද සාමූහිකව ද ඔවුන්ගේ සෑම ක්‍රියාවක් ගැන ම පාර්ලිමේන්තුවට වගකිව යුත්තෝය. මේ ක්‍රමයට පාර්ලිමේන්තු විධායක ක්‍රමය යයි ද කියනු ලැබේ.
 +
බ්‍රිතාන්‍ය ආදර්ශය ම අනුගමනට කළ සෑම පොදු රාජ්‍යමණ්ඩල රටක ම ඇති විශේෂත්වය නම් ‍වගකිවයුතු කැබ්නට් මණ්ඩලයක් ඇතිවීමයි .ඉන්දියාව හැර අනිකුත් පොදු රාජ්‍ය රටවල එක් මන්ත්‍රී මණ්ඩලයකින් තෝරාගත් ඇමතිවරයකුට අනික් මණ්ඩලයේ සභාරැස්වීමකට සභභාගි විය න‍ොහැකිය . පාර්ලිමේන්තු විධායක ක්‍රමය බ්‍රිතාන්‍ය පොදු රාජ්‍යමණ්ඩලයට ම විශේෂ වුවක් නොවේ. බ්‍රිතාන්‍ය ක්‍රමයේ ආභාසය ලබා ඇතැයි සාමාන්‍යයෙන් කිවහැකි යුරෝපිය හා ආසියානු රටවල් කීපයක ම වගකිවයුතු කැබිනට් ක්‍රමය පවතී.ප්‍රංසය‚ජර්මනිය,ඉතාලිය,ඔිලන්දය‚බෙල්ජීයම‚නෝර්වේ‚ස්ව්ඩනය‚පින්ලන්තය,ජපානය හා බුරුමය එබදූ රටවල් අතර ගැණේ . මේ හැම රටක ම ඇමතිවරයකුට සහාද්වයේ ම සාකච්ජාවලට  සභභාගි විය හැකිය. එහෙත් ඔහුට ජන්දය දිය හැක්කේ තමා මන්ත්‍රී පදවිය දරන සභාවේ දී පමණකි.
 +
 +
== ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ==
 +
මෙහි පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය හෙවත් පාර්ලිමේන්තු සාම්ප්‍රදායික නුවූ විධායක ක්‍රමය මීට ඉඳුරා වෙනස් වූවකි. මෙහි ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානයා වශයෙන් අගමැතිවරයකු සතු කාර්ය ද ඉටු කරයි. ඔහු තෝරා ගනු ලබන්නේ ඡන්දදායක ගණය (electoral college) මගින් වුවත් නොවූවත් ඡන්දබලය ඇති අය විසින් කෙළින්ම තෝරා ගනු ලබන තැනැත්තා ඔහුය. මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය දකුණු ඇමෙරිකානු රටවල් කීපයකට ද අභිමතව ඇත.
 +
මේ ක්‍රමයේ ආණ්ඩුවල ඇති සැලකිය යුතු විශේෂ ලක්ෂණය නම් විධායක මණ්ඩලය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් වෙන්ව පැවැත්මයි. ජනාධිපතිවරයා හෝ ඔහුගේ කැබිනට් ඇමතිවරු හෝ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෝ නොවෙති. ඇමතිවරු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබති. එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් නාමයෝජනා කරන ඕනෑම කෙනකුට විරුද්ධව නිෂේධ බලය පාවිච්චි කිරීමට එහි සැනේට් සභාවට අයිතිය ඇත. එහි කථා කිරීමට හෝ ඡන්දය දීමට තබා පූර්ණ සභා වාරයකට සහභාගි වීමට වත් ඔවුන්ට අයිතියක් නැත. ජනාධිපතිවරයාට ස්වකීය වාර්ෂික සන්දේශය ඉදිරිපත් කිරීමේ දී හෝ කිසියම් හදිසි අවස්ථාවක් උද්ගත වූ විටක දී හෝ සැනේට් සභාව ඇමතීමට පුළුවන. ඇමතිවරුන්ට එහි ස්ථාවර කාරක සභාවල හෝ විශේෂ කාරක සභාවල රැස්වීම්වලට සහභාගි වීමට බලය ඇත. එසේ ම ඔවුහු ඒවාට පැමිණෙති. මන්ත්‍රී මණ්ඩලයේ දී අමාත්‍යවරුන්ට අවාසි වන ඡන්දය විමසීමකින් ඔවුන් නිලයෙන් පහ කළ නොහැකිය.
 +
 +
== සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය ==
 +
මෙහි පවත්නා සෝවියට් ක්‍රමය කවරාකාර වූවක් ද එය සම්පුර්ණයෙන් අලුත් ක්‍රමයක් ද එසේ නැතිව ජනාධිපති ක්‍රමයට කිට්ටු වූවක් ද නැත්නම් කැබිනට් ආණ්ඩු ක්‍රමයට කිට්ටු වූවක් දැයි යනු මෙහි දී පැන නඟින ප්‍රශ්නයකි. කැබිනට් ආණ්ඩු ක්‍රමයන්හි දක්නා ලක්ෂණ රාශියක් ම එහි ද දක්නා ලැබෙතත් එය අලුත් ක්‍රමයක් හැටියට ගැනීම වඩා යෝග්‍යය. සෝවියට් සමූහාණ්ඩු රාජ්‍යයෙහි ඇමතිවරු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට වගකිවයුතු වූ එහි ම සාමාජිකයෝය. එහෙත් එංගලන්තයේ මෙන් අග්‍රාමාත්‍යවරයා විසින් මේ අය පෞද්ගලිකව තෝරාගනු නොලැබෙති. උත්තරීතර සෝවියට් සභාව විසින් පත් කරනු ලැබුවාවූ ද එම සභාවේ සභාවාර නොපවත්නා කාලය අතරතුර කටයුතු කරන්නා වූ ද උත්තරීතර සෝවියට් සභාවේ ප්‍රෙසීඩියම හෙවත් සභාපති මණ්ඩලය විසින් අමාත්‍යවරු පත්කරනු ලැබෙත්. අමාත්‍ය මණ්ඩලය ඒකාන්තයෙන් නොකඩවාම සභාපති මණ්ඩලයට වග කිවයුතුය. ඒ එසේ වනුයේ උත්තරීතර සෝවියට් සභාව වර්ෂයක් තුළ දී රැස්වන්නේ දෙවරක් පමණක් බැවිනුත් එය ද ඉතා කෙටි කාලයකට බැවිනුත්ය.
 +
සෝවියට් ක්‍රමය හැඳින ගැනීමට කොමියුනිස්ට් පක්ෂ සංවිධානය හැඳින ගැනීම උපකාරී වේ. සෝවියට් ආණ්ඩුව්‍යවස්ථාවේ නොයෙක් අංගයන් එකට පුරුද්දන්නේ කොමියුනිස්ට් පක්ෂයයි. පක්ෂයේ සර්වබලධාරී තත්වය ඉවත් කළහොත් සෝවියට් පාලන යන්ත්‍රය සිඳී බිඳී යනු හෝ එසේ නැතහොත් එය හිර වී ක්‍රියාවිරහිත තත්වයකට පත්වනු නොඅනුමානය.
 +
සෝවියට් ක්‍රමය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය තරම්වත් ඒකාධිපති ස්වරූපයක් නොදරන බවක් බැලූ බැල්මට පෙනී යා හැකිය. එහි කැබිනට් මණ්ඩලය හෙවත් අමාත්‍ය මණ්ඩලය වරින් වර නොව නොකඩවා දිගටම ඡන්දයෙන් තේරුණු පාර්ලිමේන්තු මණ්ඩලයකට නැතහොත් උත්තරීතර සෝවියට් සභාවට ඉඳුරා වගකිව යුතු බැවිනි. එහෙත් සිදු වන්නේ අනිකකි. ප්‍රෙසිඩියමේ හෙවත් සභාපති මණ්ඩලයේ ප්‍රධානීහු අමාත්‍ය මණ්ඩලයේ ද ප්‍රධානීහු වෙති. ඒ දෙගොල්ල ම නායකයාට (ස්ටාලින්, ක්රුෂෙෆ් ආදින්ට ) යටත්ය. මේ නායකයා කොමියුනිස්ට් පක්ෂ සංවිධානය ද පාලනය කරන හෙයින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයාට කිසි කලෙකත් අත් කරගත නොහැකි විධියේ ඒකාධිපති බලයක් දරන්නේය.
 +
මේ නයින් සලකා බලන විට ආණ්ඩුව පිළිබඳ මූලික සංකල්පයෙන් අද ලෝකය බොහෝ ඈත් වී ඇති බව පෙනේ. අතීතයේ පැවති ඒකාධිපති නායකත්වය හා වැඩවසම් ක්‍රමය නැති වී ගොස් රාජ්‍ය නිර්බාධ ක්‍රමය හෙවත් වන්නාට වාදය (laissez faire) ප්‍රතිපත්තිය කොට ගත් නිෂ්ක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට අයත් කර්තව්‍ය වශයෙන් සලකන ලද්දේ නීතිය හා යථා පැවැත්ම ආරක්ෂා කර ගැනීමය. රටවැසියන්ගේ ආර්ථික කටයුතුවලට ඇඟිලි ගැසීම එයට අයත් වැඩක් නොවීය. දුප්පතුන් හා අසරණයන් සුරා කෑම හා  වහල් මෙහෙය පැවතියේ නම් ඒවායේ අනිෂ්ට විපාක ඒ දුගී දුප්පතුන් ම වින්දා විනා ඔවුන්ට අන් පිළිසරණක් නොවීය.
 +
මේ අතින් 19 වන ශත වර්ෂයේ මධ්‍ය භාගයේ දී ලෝකයාගේ සිත් සතන් කැළඹෙන්නට විය. වහල් මෙහෙය තහනම් කිරීම හා වහලුන් නිදහස් කිරීම පිළිබඳ සටන සමඟ ම, වැඩෙමින් ආ ධනවාදය යටතේ කම්කරුවන් හුන් වහල් තත්වය නැති කරනු සඳහා සටනක් ද පැන නැංගේය. කම්කරු පන්තියේ තත්වය දියුණු කිරීමට පමණක් ම ආණ්ඩුවේ නීති සම්පාදන කටයුතු සීමාකිරීමට තවදුරටත් නුපුළුවන් විය.
 +
නිෂ්ක්‍රිය රාජ්‍ය පිළිබඳ සංකල්පය ලොවින් තුරන්ව යෑමට බොහෝ කල් ගත වුව ද අවසානයේදී එය නැතිවී ගියේය. ධනවාදය වැඩීම පමා වු රටවලට යන්ත්‍ර සූත්‍ර මගින් භාණ්ඩ නිෂ්පාදනය මුලින් ම පටන් ගත් මහා බ්‍රිතාන්‍යයත් සමඟ ආර්ථික තරඟයකට මුහුණ දෙන්නට සිදු විය. ඒ රටවල් පෞද්ගලික ව්‍යාපාර අංශය දියුණු කිරීම සඳහා රාජ්‍යානුග්‍රහය ඉඳුරා ලැබිය යුතු යයි උද්ඝෝෂණය කොට එය ලබාගත්තේය. ආර්ථික හා දේශපාලන බලය අත්පත් කොට ගෙන හුන් සමාජ කොට්ඨාස මගින් ආරක්ෂක බදු, ණය මුදල්. රාජ්‍ය ආධාර, විශේෂ රාජ්‍යාධාර, වරණ සැලකිලි ආදී පහසුකම් රාශියක් සලස්වා ගන්නා ලදි.
 +
විසිවන ශත වර්ෂය ආරම්භ වන විට සැබවින් ම සක්‍රිය වූ රාජ්‍ය පහළ වී තිබිණ. සංවිධාන වූ කම්කරුවන් වෘත්තීය සංගමයන් හා ඔවුන්ගේ සමාජවාදී පක්ෂ මඟින්, පඩි වැඩිකිරීම, වැඩ පැය ගණන අඩු කිරීම, වඩා හොඳ සෞඛ්‍ය සේවා සැලසීම ආදිය ගැන නීති සම්පාදනය කරන ලෙස තම ආණ්ඩුවලට එක් අතකින් බලපෑ අතර අනික් අතින් පැරණි ක්‍රම ගරු කළ අය ද තම ආර්ථික ව්‍යාපාරයන්ගේ වැඩි දියුණුව උදෙසා රාජ්‍යානුග්‍රහය දීමෙන් තමන්ට ආධාර කරන ලෙස උද්ඝෝෂණය කිරීමට පසුබට නුවූහ. 1917 රුසියානු විප්ලවය මේ ඉදිරි ගමන සම්බන්ධයෙන් වඩාත් උද්‍යෝගයක් දැනවිය. සමාජවාදී සංවර්ධන වැඩ සැලැස්මවල බලපෑම ලොව පුරා ම දනිණ. ඒ මහා සමාජ විප්ලවය නිසා මතු වුණු අදහස් හා සංකල්ප සෙසු රටවල අඩු වැඩි වශයෙන් පිළිරැව් දෙන්නට විය. අද ලෝකයෙන් තුනෙන් පංගුවකට අධික ප්‍රමාණයක් වූ ආසියාවේ හා යුරෝපයේ රටවල් ගණනක පැරණි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම දුරලා තිබේ. අද සෑම ආණ්ඩුවක්ම තම රටේ ආර්ථික ජීවිතය සම්බන්ධයෙන් කෙළින්ම මැදහත් වෙයි. එකකුගේ දිළිඳු බව හා දුගීබව කෙරෙහි සියල්ලෝ ම සිත යොමු කරති. අසරණාධාර දීමනා ඇතිකිරීම, මහල්ලන්ට පැන්ෂන් (විශ්‍රාම වැටුප්) ගෙවීම, ගැබිනි මවුන්ට හා රෝගීන්ට ආධාර දීමනා සැලසීම, සෞඛ්‍ය ඉන්ෂුවරන්ස් ක්‍රම ඇතිකිරීම, රක්ෂා නොමැත්තන්ට සහනාධාර දීම ආදී නොයෙකුත් විධි වලින් අද ආණ්ඩු සිය රටවැසියන්ට පියකු මෙන් ක්‍රියා කරයි. පෞද්ගලික ව්‍යාපාර මුල් තැන ගන්නා රටවල් පවා අවශ්‍ය මහජන සේවාවන් රජයට ගැනීමට හෝ යම් යම් මූලික ව්‍යාපාර ජාතිය සතු කිරීමට හෝ පසුබට නොවීය. රටක මූලධනයේ සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීමට අනුබල දීමේ අභිලාෂයෙන් හැම රටකම ආණ්ඩුව කෙළින් ම ක්‍රියා කර තිබේ.මේ පිණිස ගවේෂණ මධ්‍යස්ථාන පිහිටුවීම, විශේෂඥ උපදෙස් ලබාදීම ආදි සෑම ආධාරයක් ම දෙනු ලැබේ. වර්තමාන ආණ්ඩු සිය රටවල එක් එක් රටවැසියාගේ ජීවිතය හා ශුභසිද්ධිය ගැන අත්‍යන්තයෙන් සැලකිලිමත්ව සිටී.
 +
 +
== ලෝක ආණ්ඩුව ==
 +
යටකී සක්‍රිය ආණ්ඩුක්‍රමය නොකඩවා ම දියුණු වී ගොස් අද ක්‍රමයෙන් සකල ලෝකයා ම එක් ප්‍රජාවක් සේ සලකනු ලබන තැනට කරුණු සැලසී ගෙන යන බව දක්නට ලැබේ. 1914-18 ප්‍රථම ලෝක සංග්‍රාමය අවසන් වූ විගස ජාතීන්ගේ සංගමය පිහිටුවීමෙන් මේ සම්බන්ධ මුල් පියවර ගන්නා ලදි. එහි ආදි කර්තෘවරුන්ගේ බලාපොරොත්තුව කඩ වී ගියේය. එය කිසිවිටෙක අභිප්‍රේත කාර්යයන් සපුරා ලීමෙහි සමත් නොවීය. එහෙත් එය පිහිටුවනු ලැබීම ම මිනිසුන්ගේ සිත් තුළ කලක් තිස්සේ පැවති උදාර අදහස්වලට දෙස් දෙයි. 1939 දී දෙවන ලෝක සංග්‍රාමය ඇතිවන විටත් ජාතීන්ගේ සංගමය අභාවයට පත්ව තිබුණි.
 +
ඒ මහා ළැව්ගින්න නිසා ඇති වූ විනාශයත් පාළුවත් අප ඇස් හමුයේ පෙනෙන්නට තිබිය දී ම වාගේ එක්සත් ජාතීන්ගේ ආයතනය ගොඩනැඟිණ. එය පිහිටුවීමේ දී ජාතීන්ගේ සංගමයෙන් උගත් පාඩම් නොඅඩුව ප්‍රයෝජනයට ගන්නා ලදී. මිනිසුන්ගේ සිත් සතන්හි පැවති අත්‍යුදාර පරමාර්ථයන් මුදුන්පත් කරවීමට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා අතින් එදිනෙදා ඇති වන අතිශයින් පැටලිලි සහිත ගැටලු විසඳීමට ඉවහල් වන ආයතනයක් වශයෙන් එය හැඩගස්වන ලදී. ආණ්ඩුවල ස්වාධිපත්‍යයට ඉඳුරා පහර ගැසීමක් මින් සිදු නොවීය. ආරක්ෂක සභාව මගින් පස් මහා ජාතීන්ට නිෂේධ බලය දීමෙන් එකී ස්වාධිපත්‍යය පැහැදිලිව පිළිගෙන ඇති බව පෙනේ. එහෙත් යම් යම් විවාදශීලී ප්‍රශ්න නිරාකරණය කිරීමේ දී ආණ්ඩු තම ස්වාධිපත්‍යය අත්හළ අවස්ථා ද ඇත. එසේ කරන ලද්දේ ලෝකයේ මහජන මතයට ගරුකිරීමක් වශයෙන් විය හැකිය. අනාගතය සම්බන්ධයෙන් මෙහි වැදගත්කම සුළු කොට තැකිය නොහැක.
 +
එක්සත් ජාතීන්ගේ සංවිධානය සර්වසම්පූර්ණ යයි කිව නොහේ. බලාපොරොත්තු වූ පරිදි, විශේෂයෙන්ම කුඩා රටවල් බලාපොරොත්තු ඇතිකර ගත් පරිදි, කර ගත් පරිදි, වැඩි වැඩක් එයින් නොවීය යනු බොහෝ දෙනාගේ ප්‍රකාශයයි. කෙසේ වුව ද එය අවුරුදු ගණනාවක් මුළුල්ලේ බිඳ නොහැළී පැවත එයි. මේ කාලය තුළ ඉතා භාරදුර දුෂ්කර අවස්ථා කීපයක දී එහි සවිශක්තිය උරගා බලන ලදි. එය පැකිලි පැකිලී චකිතව ඒ මේ අත වැනෙමින් සිටි අවස්ථා ද විය. එහෙත් එය නැති නම් වඩා හොඳ යයි කියන කිසිවෙක් නැත.
 +
විශේෂයෙන් එයට සම්බන්ධව ඇති ජාත්‍යන්තර කම්කරු කාර්යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානය, අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වැනි ශාඛා සංවිධාන ඒ ඒ ජාතීන් එකිනෙකට ළංකරවීමෙන් ද පොදු ප්‍රශ්න හැදෑරීමෙන් හා වඩා දුප්පත් රටවලට ආධාර කිරීමෙන් ද ඉතා වැදගත් සේවයක් ඉටු කොට තිබේ. මේ ශාඛා ආයතන ජාතීන් අතර එකඟ බව හා සුහදතාව දියුණු කිරීමෙහි ලා මුඛ්‍ය දේශපාලන සංවිධානය වන එක්සත් ජාතික සංවිධානයට ද වඩා වැදගත් සේවයක් කර ඇතැයි කියන්ට පුළුවන.
 +
එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාගතයේ දී වඩ වඩා ශක්තිමත්ව වැඩෙතැයි සිතීමට ඉඩ තිබේ.එය වඩා සාර්ථක මණ්ඩලයක් බවට පත් කිරීම පිණිස එහි  සංස්ථාගත දෝෂ ක්‍රමයෙන් පහකර දමනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මිනිස් සමාජය ප්‍රාර්ථනය කළ ලෝක පාර්ලිමේන්තුව බවට හැඩ ගැසේද නැද්දැයි යනු කාලය විසින්ම විසඳිය යුත්තකි.
  
ආගමික ප්‍රතිසංස්කරණය හේතුකොටගෙන ජාති රාජ්‍ය සංකල්පය කැපී පෙනෙන්නට වූ බව නිසැකය. ඒ සමඟ ම ආර්ථික කරුණු බලපෑවේ ද ඒ දෙසටමය . වෙළඳාම වැඩි පැතිරෙත්ම, ශිල්ප ශ්‍රෙණි වෙනුවට ආදී ම කර්මාන්ත ඇතිවේගෙන ආ නගර කෙමෙන් පහළවත් ම, චිරාගත ද්‍රව්‍ය හුවමාරුව වෙනුවට මුදල් සම්බන්ධය (money nexus) නොපැකිල ව්‍යවහාරයට එත් ම, නවයුගය කරා මාරු වී යන ගමනට හා ආණ්ඩුව පිළිබඳ වර්තමාන සංකල්පයේ විකාසනයට ද මඟ පෑදිණ. 
 
  
බටහිර රටවල ජනතාව අතර මෙවැනි ප්‍රබෝධයක් ඇති වී එමගින් ආණ්ඩුක්‍රමවල විපර්යාස සිදුවෙද්දී පෙරදිග රටවල ජනයා උදාසීනව ම සිටියේය. එකල ද ඒකාධිපති පාලනය පෙරදිග රටවල ආණ්ඩුක්‍රමය වශයෙන් එහි දිගට ම පැවතිණ. අවරදිගින් පෙරදිගට කිසි ම බලපෑමක් නොවීය. රාජාණ්ඩුව හුවා දැක්වීම හැර ආණ්ඩුක්‍රම විකාසනය උදෙසා පෙරදිගින් කිසිදු සේවයක් ඉටු වී යයි ද කිව නොහේ.
 
  
සාධාරණ අභිමතාර්ථයන් මුදුන්පත්කර ගත හැකි වන අන්දමේ සමාජ, ආර්ථික, අධ්‍යාපනික හා සංස්කෘතික තත්වයක් ඇති කරලීමට පාවිච්චි කළයුතු වූ ද බලෝත්පාදක සංකල්පයකැයි දිල්ලි
 
ප්‍රකාශනය (1959) හා ලාගොස් නීතිය (1961) මගින් නීති ශාස්ත්‍රඥයන්ගේ අන්තර්ජාතික කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලදි. පුද්ගල යාගේ අයිතිවාසිකම් රැකීම ද එම අයිතිවාසිකම් අත්තනෝමතිකව පැහැර ගැනීමට යත්න දරන පාලන ක්‍රියා දෝෂ දර්ශනයට ලක් කිරීම ද අපේ අධිකරණ ශාලා සම්බන්ධ සම්ප්‍රදායයෙන් බිඳකි. සුප්‍රසිද්ධ බ්‍රෙස්ග' නඩුවේ දී (1937, 39 නිව් ලෝ රිපෝට්ස්, 193 පිට) ඒබ්‍රහම්ස් විනිශ්චය කාරතුමා විසින් පෙන්වා දෙන ලද පරිදි, යටත් වැසියාගේ නිදහසට හානි පමුණුවා ඇතැයි කියනු ලබන අවස්ථාවන් කෙරෙහි විනිශ්චයකරුවන් විසින් කවදත් බලවත් සැලකිල්ල යොමුකරනු ලැබේ. විධායකයේ නීතිවිරෝධී ක්‍රියාවලට විරුද්ධව වැසි- යාට බොහෝ විට ඇති එක ම ආරක්ෂාව විනිශ්චය කාරවරුන් සතු අධිකරණ බලය යයි ඔහු කීය. පිළිගත් නීතිරීතිවලට අනුකූලව ප්‍රසිද්ධියේ පැවැත් වෙන නඩු විභාගයකින් පසුව සාමාන්‍ය අධිකරණ ශාලාවක් මගින් විනා කිසිවකු ශාරීරික වශයෙන් හෝ දේපළ සම්බන්ධයෙන් හෝ පීඩාවට පත් නොවීය යුතුය යන මූලධර්මයෙන් ද නීතියේ ආධිපත්‍යය පිළිබඳ සංකල්පයේ ඉතා ම ප්‍රකට පක්ෂය දැක්වෙතැයි ද අත්තනෝමතික විධායක ක්‍රියාවනට අවකාශය නොදෙන, නිශ්චිත වූ, සුප්‍රකට නෛතික මූලධර්ම සමුදායයක් ඇතැයි ද යන විසින් ප්‍රකාශය උගත් අග්‍රවිනිශ්චයකාරතුමා අනුමත කිරීම් ස්වරූපයෙන් උපුටා දක්වන ලදි.
 
  
පැනෙව්වාවූ හෝ නීති සම්පාදකයා වශයෙන් ක්‍රියා කළාවූ හෝ තනි පුද්ගලයකු එසේ නැතහොත් පුද්ගලයන් සමූහයක් නිතර ම සිටින්නට ඇත. සදාචාර නීතිරීති පවුලේ උදවිය හා ලේ නෑ පිරිස සතුව තිබෙන්නට ඇත. එවක චාරිත්‍රචාරිත්‍ර වශයෙන් කිසිවක් පැහැදිලි ලෙස ප්‍රකාශිත නොවුව ද කුලදෙටුවාට අභිමත පරිදි පනවනු ලැබූ " මේ දේ කළ යුතුය. මේ දේ නොකළ යන විධානයන්හි සියල්ලන් විසින් යුතුය''
 
  
දුරාතීතයෙහි පවා කුලදෙටුවා විසින් පනවන ලද පිළිපැදිය යුතු වූ සදාචාර නීති ගැබ් විය. තමාහට වටහාගත නොහැකි වූ විවිධ ස්වාභාවික සිද්ධීන්ගෙන් ප්‍රකාශ වෙතැයි සිතූ නොඑක් දෙවිවරුන්ගේ චිත්තාරාධනය කෙරෙමින් සිය නෑදෑ පිරිස ආරක්ෂා කර ගැනීම පිණිස කුල දෙටුවාට මඟ පෙන්වූයේ ඔහුගේ සහජ බුද්ධියයි.
 
  
ආණ්ඩුව යන නාමයෙන් අද අප දන්නේ එබඳු පාලන ක්‍රමයක් නොවේ. එහෙත් ආණ්ඩුව පිළිබඳ මූලික සංකල්පය, එනම්, රටේ යථා පැවැත්ම රැකගැන්ම, රටේ පිළිගත් සදාචාර නියමයන් අනුගමනය කරවීම, ඒවා කඩකරන්නවුන්ට දඬුවම් පැමිණවීම යන මේවා එහි ගැබ් විය. මිනිසුන් විශාල ජනපද වශයෙන් රාශිභූත වත් ම, විද්‍යා ඥානය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් විවිධ සංකීර්ණතාවන්ගෙන් යුත් වූ
 
  
 
(කර්තෘ: [[ඇන්.ඇම්. පෙරේරා]])
 
(කර්තෘ: [[ඇන්.ඇම්. පෙරේරා]])

12:48, 15 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය

මිනිසුන් තම තමන්ට රුචි පරිදි නිදැල්ලේ හැසුරුණා වූ ද සංවිධානය වූ පැවැත්මක් පිළිබඳ සිතිවිලි මාත්‍රයක්වත් මිනිසුන්ගේ සිත් තුළ පහළ වී යයි සිතීම උගහට වූ ද ඉතිහාසයේ මුල් ම යුගයේ දී හැර ඉන් පසු කාලයෙහි සදාචාර නීති පැනෙව්වාවූ හෝ නීති සම්පාදකයා වශයෙන් ක්‍රියා කළාවූ හෝ තනි පුද්ගලයකු එසේ නැතහොත් පුද්ගලයන් සමූහයක් නිතර ම සිටින්නට ඇත. දුරාතීතයෙහි පවා කුලදෙටුවා විසින් පනවන ලද සදාචාර නීතිරීති පවුලේ උදවිය හා ලේ නෑ පිරිස සතුව තිබෙන්නට ඇත. එවක චාරිත්‍රවාරිත්‍ර වශයෙන් කිසිවක් පැහැදිලි ලෙස ප්‍රකාශිත නොවූව ද කුලදෙටුවාට අභිමත පරිදි පනවනු ලැබූ “මේ දේ කළ යුතුය”‚ “මේ දේ නොකළ යුතුය” යන විධානයන්හි සියල්ලන් විසින් පිළිපැදිය යුතු වූ සදාචාර නීති ගැබ් විය. තමාහට වටහාගත නොහැකි වූ විවිධ ස්වාභාවික සිද්ධීන්ගෙන් ප්‍රකාශ වෙතැයි සිතූ නොඑක් දෙවිවරුන්ගේ චිත්තාරාධනය කෙරෙමින් සිය නෑදෑ පිරිස ආරක්ෂා කර ගැනීම පිණිස කුල දෙටුවාට මඟ පෙන්වූයේ ඔහුගේ සහජ බුද්ධියයි.

ආණ්ඩුව යන නාමයෙන් අද අප දන්නේ එබඳු පාලන ක්‍රමයක් නොවේ. එහෙත් ආණ්ඩුව පිළිබඳ මූලික සංකල්පය, එනම්, රටේ යථාපැවැත්ම රැකගැන්ම, රටේ පිළිගත් සදාචාර නියමයන් අනුගමනය කරවීම, ඒවා කඩකරන්නවුන්ට දඬුවම් පැමිණවීම යන මේවා එහි ගැබ් විය. මිනිසුන් විශාල ජනපද වශයෙන් රාශිභූත වත් ම, විද්‍යා ඥානය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් විවිධ සංකීර්ණතාවන්ගෙන් යුත් වූ සමාජය ද සංවිධානය වී යත්ම, අද අප දන්නා අර්ථයෙන් ආණ්ඩුව යන්න හැඩ ගැසෙන්නට වන.

ආණ්ඩුවක් නොමැතිව සංවිධානයවුණු සමාජයක් ඇති වෙතැයි සිතිය නොහැක. ආණ්ඩුව යනුවෙන් අදහස් කෙරෙන්නේ සමාජයේ සියල්ලන්ගේ ම හැසිරීම පිළිබඳව අණපනත් පනවන යම්කිසි අධිකාරියකි. එවැනි අණපනත් නොපිළිපැදීමෙන් කෙනෙකුට යම් යම් හානි සිදුවිය යුත්තේ මය. නීති යහපත් හෝ අයහපත් වන්නට පුළුවන. අධිකාරිය එක් තැනැත්තකුගෙන් හෝ කීපදෙනකුගෙන් හෝ සමන්විත විය හැකිය. ඒ අධිකාරිය දුෂ්ට, අදක්ෂ, ආත්මාර්ථකාමී එකක් වන්නට පුළුවන. එසේ නැතිනම් අවංක, යුක්තිගරුක, විචාරවත් එකක් වන්නට පුළුවන. ඒ කෙසේ වෙතත් ආණ්ඩුවක ක්‍රියා පිළිවෙළ හොඳ ද නරක ද යන්න විමසීම මින් බැහැර කාර්යයක් බැවින් එය වෙන් වශයෙන් කල්පනාවට භාජන විය යුත්තකි.

ආණ්ඩුවක් නැතිව සමාජයක් ඇති විය නොහැකි බවත් සමාජයක් නැතිව ආණ්ඩුවක් ඇති විය නොහැකි බවත් තරයේ කියා සිටීම මෙහි ලා ප්‍රමාණවත් වේ.

මාක්ස්වාදී දාර්ශනිකයන් අරමුණු කරන සමාජ ක්‍රමයක් පිළිබඳ විමර්ශනයක් මේ ලිපියෙන් අදහස් කරනු නොලැබෙයි. පරිපූර්ණ කොමියුනිස්ට් සමාජයක් ලොව පහළ වන දිනයක් මතු උදාවන්නට පිළිවන. පන්තිභේද තුරන්ව ගොස් පුද්ගලයන්ගේ ශක්තිය හා දක්ෂතා එක සමාන වී සැමදෙනා ම සියලු අතින් ආඪ්‍ය වී හීනදීනකම්, ආත්මාර්ථකාමීකම්, වැරදි හැඟීම් හා බලාපොරොත්තු සුන්වීම් යනාදිය ඇතිවීමට හේතුවක් නැති වී සියලු දෙය ම හරියට මිස වැරදියට සිදු නොවන විට අපට ආණ්ඩුවක් අවශ්‍ය නොවිය හැකිය. ඒ භාග්‍යසම්පන්න වකවානුව උදාවන තුරු සංවිධානය වූ සමාජයක පැවැත්මට ආණ්ඩුවක් නැතුව බැරි බව අප විසින් පිළිගත යුතුය.

පුරාතන කාලයේ සිට වර්තමාන කාලය දක්වා ආණ්ඩු ක්‍රමයන්ගේ විකාසනය නියමිත ක්‍රමයකට හෝ රටාවකට අනුව සිදු වූ බවක් නොපෙනේ. සාමාන්‍ය වශයෙන් කියතොත් කායබලය, ධෛර්ය්‍යය හා එඩිතරබව නිසා තෝරා ගන්නා ලද ගෝත්‍රයේ නායකයා පාලකයා විය. ආණ්ඩුව ද ඔහු ම විය. ඔහුගේ ආඥා නීති බවට පත් විය. යුක්තිය පසිඳ දඬුවම් නියම කෙළේත් ඔහු මය.

පෙර අපර දෙදිග ම මේ ගෝත්‍රනායකයාගේ ක්‍රම විකාසයක් වශයෙන් පාරම්පරික රාජයා හෙවත් ඒකාධිපති පාලකයා පහළ විය. මෙබඳු පාලකයන් අතුරෙහි වූ වික්‍රමවත් නිර්භීත අය විසින් නොයෙක් විට කරන ලද ආක්‍රමණ නිසාත් ඒවායින් ඇති වූ වහල් මෙහෙයයන් නිසාත් එම රාජත්වය වඩා තහවුරු විය. සෑම ජයග්‍රහණයක් ම රජුගේ හිතුමනාපයට වහලුන්ගෙන් මෙන් වැඩගත හැකි යුද සිරකරුවන්ගේ සංඛ්‍යාව වැඩි වීමට හේතුවක් විය.

ස්වෛරී පාලනය

පුරාතන ලෝකයේ පැවැති ආණ්ඩුක්‍රමය නම් ස්වෛරී පාලනයයි. එබඳු ස්වෛරී පාලනක්‍රම යටතේ සුමේරියානු, මිසර, ඇසිරියානු, පර්සියානු හා මැසිඩෝනියානු යන බලසම්පන්න අධිරාජ්‍යයෝ බැබළුණහ. සමහර විට මේ පාලකයෝ අතිශයින් දරණු වූහ; නපුරු, ක්‍රෑර අය වූහ. ඒ අතර ම අන් සමහරු තිරසරව ක්‍රියා කිරීමේ දී පවා කාරුණික වූහ. එහෙත් ඒකාධිපති පාලන ක්‍රමයේ මූල ස්වරූපය නොවෙනස්ව පැවතිණි. ඇතැම් විට රජුහට උපදේශකවරුන් ද සිටින්නට ඇතත් ඔවුන් රජු විසින් ඇති කරන ලද්දවුන් වූයෙන් රජුගේ කැමැත්තෙන් දෙන ලද බලයක් විනා අන් කිසිදු බලයක් ඔවුන්ට අයත් ‍නොවීය.

මෙම යුගයේ පැවති දේශපාලන විචාර පිළිබඳ කිසිදු තොරතුරක් අද අපට දැනගන්නට නැත. එහෙත් සුළු ආසියාවේ ද ග්‍රීසියේ හා රෝමයේ ද පෞර රාජ්‍යයන්ගේ පහළ වීමත් සමඟ පාලනයෙහි වෙනස් සැලැස්මක් දක්නා ලදි. මේවා විස්තීර්ණ නොවූ කුඩා රාජ්‍යයෝ වූහ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හැටියට මේවා පාලනය විය. වර්තමාන චින්තකයන්ගේ පවා විමසිල්ලට භාජන වන ආණ්ඩුක්‍රම පිළිබඳ යම් යම් ප්‍රශ්න හා සාකච්ඡා එම රාජ්‍යයන් මගින් ඇති කරන ලදි. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන දෙදෙන විසින් විධිමත් දේශපාලන සාකච්ඡා සැලැස්ම සපයන ලදි. ප්ලේටෝ සිය 'සමූහාණ්ඩුව' නමැති ග්‍රන්ථයෙන් ද ඇරිස්ටෝටල් සිය 'දේශපාලන විද්‍යාව' නමැති ග්‍රන්ථයෙන් ද ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳ විභාගයක් ආරම්භ කරන ලදි. පසුකාලයෙහි ඇති වූ දේශපාලන විචාර සියල්ලකම පදනම බවට පත් වූයේ මේවායි.

මේ දෙදෙන ඇතුළු ග්‍රීක දාර්ශනිකයන්ට ලෝකයා බෙහෙවින් ණය ගැතිය. එම දාර්ශනිකයන් විසින් විවිධාකාර ආණ්ඩුක්‍රම, ආණ්ඩුවේ පරමාර්ථ, ආණ්ඩුවිධි ආදිය පරීක්ෂා කොට බලා විග්‍රහ කරන ලදි. තවද රාජාණ්ඩු ප්‍රජාපීඩන ආණ්ඩුවල තත්වයට පිරිහුණේත්, ප්‍රභූතන්ත්‍රය අල්පතන්ත්‍රය හෙවත් කතිපයාධිපති ආණ්ඩුව දක්වා පිරිහුණේත් රාජ්‍ය සංස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය බවට පත් වුණේත් කෙසේ ද කවර තත්වයන් යටතේ දැයි පිරික්සා බලන ලදි. රාජ්‍යයන්ගෙන් ඉටු වූ පරමාර්ථයන්ට අනුව එම රාජ්‍ය යහපත් හෝ අයහපත් හැටියට වර්ග කරන ලදි. අධිකරණ ක්‍රමය හා පාලන යන්ත්‍රයෙහි ඊට හිමි විය යුතු තැනත් සලකා බලන ලදී. ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට මහඟු නිදසුනක් වශයෙන් අද පවා අතීතයෙන් අපට සිහිපත් වනුයේ රටවැසියන් කෙළින් ම ව්‍යවස්ථාදායකයන් වශයෙන් ක්‍රියා කළ ඇතන්ස් පෞර රාජ්‍යයයි.

රෝම දායාදය

දේශපාලන විචාරයට හෝ ප්‍රායෝගික දේශපාලනයට රෝම නගරයෙන් එතරම් අමුතු ලාභයක් නොලැබුණ ද නීති විද්‍යාව අතින් වැදගත් වූ ද වටිනා වූ ද දායාදයක් එනුවරින් අත් විය. ඒ නීති සංකල්ප අද දක්වාත් බොහෝ යුරෝපීය රටවල නීතික්‍රමවලට ඇතුළත්ව පවතී. රෝම-ලන්දේසි නීතිය ලංකාවේ තවමත් වලංගුව ඇත්තේය. ලෝකයේ නීතික්‍රමයට රෝමයෙන් ලැබුණු දායාදය තරම් ම, රෝම අධිරාජ්‍යය පුරා පැවති “කිවිස් රෝමානුස් සුම්” (මම රෝම පුරවැසියෙක්මි) යන සංකල්පය ද වැදගත්ය. රෝම අධිරාජ්‍යය වූකලි පොදු අධිකාරියක් යටතේ පැවතුණා වූ ද පිළිගත් රෝම නීති ක්‍රමයට යටත් වූද නොයෙක් ජාතීන්ගෙන් සමන්විත වූ ද අතිව්‍යාප්ත අධිරාජ්‍යයක් විය. මේ අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශවල විසූවන්ගෙන් විශාල කොටසකට ස්වකීය වහල් තත්වය නිසා මේ රෝම නීතියේ වරප්‍රසාදය අහිමි වූ බව ඇත්තක් වුව ද නිදහස් රටවැසියාට පොදු රටවැසිකමේ හිමිකම් වශයෙන් සෑම සුබසෙතක් ම සැලසිණ.

රෝම අධිරාජ්‍යයේ පරිහානියත් සමඟ කිසියම් ස්ථීර ආණ්ඩු සංස්ථාවක් ඇති නොවීය. ඒ වෙනුවට පෙරදිගින් පැමිණි ස්වෛරීපාලකයෝ ද ආක්‍රමණිකයෝ ද බලයට පත් වූහ. එය මහත් වියවුල් සහිත යුගයක් විය. එහෙත් මේ අවුල් ජාලාව ඇතුළතින් ජාතිරාජ්‍ය (nation states) හෙමිහිට බිහි වූ බව දක්නට ලැබෙයි. මෙය සිදුවූයේ ශුද්ධ වූ රෝම සභාව විසින් පාලකයන්ගේ ලෞකික නීති යටපත් කොට ආගමික නීති බලපානා පූජක අධිරාජ්‍යයක් ගොඩනැඟීමට ගන්නා ලද ප්‍රයත්න මැඬලමිනි.

ශුද්ධ වූ රෝම සභාව බොහෝ රජවරුන් එය යටතට ගැනීම සඳහා ආගමික දණ්ඩනයේ බලය යොදා නොගත්තේ යයි කිව නොහැකිය. ස්වකීය පාලනය යටතේ පැවති රටවලට මේ රජුන්ගෙන් ඉටු විය යුතු වූ යුතුකම්වලට වඩා ස්වකීය ආගමික පිතෘවරයා (පාප්වහන්සේ) කෙරෙහි වූ මේ රජවරුන්ගේ පක්ෂපාතකම ඉස්මතු විය. එයින් ජාතිරාජ්‍යයන්ගේ වර්ධනයට තරමක් බාධා පැමිණියේය. එහෙත් රෝමයේ කතෝලික සභාව කෙරෙහි පක්ෂපාතකම දැඩිතරව බලෙන් ම ඇති කරවීමට ගත් උත්සාහය නිසා ඊට ඉඳුරා ම වෙනස් වූ ප්‍රතිඵලයක් ඇති විය. ආත්මාරක්ෂාව පිළිබඳව රජුන් තුළ වූ සහජ හැඟීම පරලොව දී ලැබිය හැකි දඬුවම්වලට වැඩියෙන් ඔවුන් තුළ බලපාන්නට විය. කතෝලික සභාවට හා සාර්වභෞම ආගමික නීතියට පටහැනිව හටගත් අප්‍රසාදය ප්‍රකටව ම කැරැල්ලක් බවට පෙරළිණ. මේ සෑම කැරැල්ලකින් ම ජාතියක් වශයෙන් පෙනී සිටීමේ ආශාව හා ජාත්‍යාලය වැඩෙන්නට විය. පාප්වහන්සේගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම එංගලන්තයෙන් පටන් ගෙන බටහිර යුරෝපීය රාජ්‍යයන්හි ද පැතිර යෑමෙන් ආගමික ප්‍රතිසංස්කරණයට (Reformation) මඟ පෑදුණි.

ආගමික ප්‍රතිසංස්කරණය හේතුකොටගෙන ජාතිරාජ්‍ය සංකල්පය කැපී පෙනෙන්නට වූ බව නිසැකය. ඒ සමඟ ම ආර්ථික කරුණු බලපෑවේ ද ඒ දෙසටමය. වෙළෙඳාම වැඩී පැතිරෙත්ම, ශිල්ප ශ්‍රෙණි වෙනුවට ආදි ම කර්මාන්ත ඇතිවේගෙන ආ නගර කෙමෙන් පහළවත් ම, චිරාගත ද්‍රව්‍ය හුවමාරුව වෙනුවට මුදල් සම්බන්ධය (money nexus) නොපැකිල ව්‍යවහාරයට එත් ම, නවයුගය කරා මාරු වී යන ගමනට හා ආණ්ඩුව පිළිබඳ වර්තමාන සංකල්පයේ විකාසනයට ද මඟ පෑදිණ.

බටහිර රටවල ජනතාව අතර මෙවැනි ප්‍රබෝධයක් ඇති වී එමගින් ආණ්ඩුක්‍රමවල විපර්යාස සිදුවෙද්දී පෙරදිග රටවල ජනයා උදාසීනව ම සිටියේය. එකල ද ඒකාධිපති පාලනය පෙරදිග රටවල ආණ්ඩුක්‍රමය වශයෙන් එහි දිගට ම පැවතිණ. අවරදිගින් පෙරදිගට කිසි ම බලපෑමක් නොවීය. රාජාණ්ඩුව හුවා දැක්වීම හැර ආණ්ඩුක්‍රම විකාසනය උදෙසා පෙරදිගින් කිසිදු සේවයක් ඉටු වී යයි ද කිව නොහේ.

මනු

ශ්‍රෙෂ්ඨතම නීති විශාරදයකු වශයෙන් මනු මුළු පෙරදිගට ම ආඩම්බරයකි. එහෙත් ඔහුගේ සැලකිල්ලට භාජන වූ ප්‍රධානතම විෂය නම් රාජාණ්ඩු ක්‍රමයයි. ඔහුගෙන් සිදු වූයේ, රජකුගේ කාරුණික පාලනය යටතේ රටේ තිබිය යුතු ආචාර විධි පිළිබඳ නියමයන් දැක්වීම පමණකි. සැම පුද්ගලයකුට ම තම ජන්මය අනුව සමාජයේ කිසියම් ස්ථානයක් හිමි විය. පෞද්ගලික ජීවිතයේ දී මෙන් ම සමාජ ජීවිතයේ දීත් ඔහුට යම් යම් ආචාරධර්ම පිළිපදින්නට සිදු විය. කෞටිල්‍ය සිය අර්ථශාස්ත්‍රයෙන් රජවාසල කටයුතු හා මුළු රටේ ම කටයුතු ගෙනයෑමට රජුට උවදෙස් දීමෙන් තවත් පියවරක් ඉදිරියට තැබීය. කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රය වූකලි රජයේ මුදල් පරිපාලනය හා රාජ්‍යපාලන කටයුතු පිළිබඳ නීති සම්පාදනය කරනු සඳහා ඒ සා පැරණි යුගයක දී දරන ලද ප්‍රයත්නයක් වශයෙන් අපූර්ව ග්‍රන්ථයක් ලෙස සැලකිය හැක්කකි. පූර්වෝක්ත විචාරකයන් දෙදෙනා ම රාජාණ්ඩුව සිද්ධාන්ත සත්‍යය කොට ගත්හ. මොවුන් ආණ්ඩුක්‍රම විභාග කිරීමට කිසිදු ප්‍රයත්නයක් දරා නැත.

සැතැපුම් දහස් ගණනක් ඈත චීනයේ විසූ කොන්ෆියුසියස් හා මෑත භාගයෙහි ජීවත් වූ ඔහුගේ ශිෂ්‍ය මෙන්සියස් ද පෞද්ගලික වශයෙනුත් මහජන කටයුතුවල දීත් ප්‍රමාණ වශයෙන් ගතයුතු ආචාරවිධි පිළිබඳව යට කී අදහස්වලට සමාන වූ අදහස් පළකිරීම අහම්බෙන් ම සිදු වී යයි සිතිය නොහේ. එහෙත් ඔවුහු ද රාජාණ්ඩු පදනම අවිවාදයෙන් පිළිගත්හ. කොන්‍ෆියුසියස්ගේ සිතැඟිවලට සරිලන දාර්ශනික රජකු පහළ නුවූයෙන් ඔහු මිය ගියේ බලාපොරොත්තු සුන්වීමේ දුකෙනි. එහෙත් ඔහු මෙන්ම ඔහුගේ අනුගාමිකයෝ ද රාජාණ්ඩු පදනමෙන් කිසි විටෙක ඉවත් නොවූහ. බටහිර දේශපාලන විචාර පෙරදිග දේශපාලන චින්තාවන් කෙරෙහි බල පානා තුරු ඒතාක් මුල් බැසගෙන ප්‍රබලව පැවති රාජාණ්ඩු සංකල්පය දුබල නොවීය. ප්‍රාග්බෞද්ධ සමයන්හි ඉන්දියාවේ ජනපදයන්හි කලින් කල බලයට පැමිණි කතිපයාධිපති ආණ්ඩු සමහරක් 'සමූහාණ්ඩු' ලක්ෂණ හා 'නියෝජ්‍ය ආණ්ඩු' ලක්ෂණ ගත් බවක් දැක්වීමට ඇතැම් දේශපාලන චින්තකයන් වෙහෙස ගෙන ඇති බව සැබෑ වුව ද ඒ ආයතන කිසිකලක පුරෝහිත උපදේශක මණ්ඩලවලට වැඩි යම්කිසිවක ලක්ෂණ දැරුවේ ද යන්න සැක සහිතය. අවාසනාවකට මෙන් මේ යුගයේ ආයතන ගැන දැනගත හැකිව ඇති තොරතුරු ඉතා අල්ප බැවින් ඒ සම්බන්ධයෙන් නිර්භයව ස්ථීර ප්‍රකාශයක් කළ නොහැකිව ඇත. නූතන දේශපාලන චින්තනයෙහි නිශ්චිත අර්ථවත් 'සමූහාණ්ඩුව' 'නියෝජ්‍ය ආණ්ඩුව' වැනි පද මෙහි ලා නිසැකව යෙදිය හැකි වීමට තරම් එම ආයතන පිළිබඳව ලබාගත හැකි තොරතුරු පැහැදිලි හෝ තීරණාත්මක හෝ නොවේ. මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්විය යුතුව ඇත. මෙම චිත්තාකර්ෂණීය විෂය ගැන විශේෂයෙන් හැදෑරිය යුතු වුවද මෙය එබන්දකට තැන නොවේ.

වර්තමාන යුගය ආර්ථික බලවේගයන්ගේ සංඝට්ටනය ඉස්මතු කෙළේය. පැහැදිලි ලෙස නොපෙනුණ ද ඒකාන්තයෙන් ම ඇතිවුණු මධ්‍යම පන්තියේ උදාව ඊට අනතුරුව ආණ්ඩුක්‍රම සම්බන්ධයෙන් ඇති වූ අත්‍යන්ත විපර්යාසයන්ට අසහාය කාරණය විය. මෙවක පැවති වැඩවසම් ක්‍රමය යටතේ රදල නායකයෝ අතිශයින් අහංකාර වූහ; එසේම බලසම්පන්න ද වූහ. ඔවුහු රජවරුන් පහකොට බලයට පැමිණීමට නොහැකි වූ විට රජුන්ගේ බලය මඳින් මඳ සිඳ දැමීමට තැත් කළහ. මේ රදල නායකයන්ට විරුද්ධව ක්‍රියා කිරීමට මෙහි දී රජුන්ට ලැබුණු අනියම් සහායක පිරිස නම් නැඟී ආ මධ්‍යම පන්තියයි. මේ අලුත් පන්තියේ ශක්තිය කෙබඳු වී ද යන්න එංගලන්තයේ ක්‍රොම්වෙල්ගේ අන්තර්රාජ්‍ය සමයෙන් පැහැදිලිව පෙනුණේය. යළිත් රාජාණ්ඩුව ඇතිවීම හුදෙක් තාවකාලික පසුබැසීමක් විය. “මහජන නියෝජනයක් නොමැතිව බදු අය නොකළ යුතුය” යන උද්ඝෝෂණය ප්‍රබල වී යෑම හේතුකොටගෙන තවදුරටත් නොසලකා සිටිය නොහැකි නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල පහළ විය. එවැනි දේශපාලන සංස්ථා ඉබේ ම ඇති වී යයි කිව නොහේ. වඩා ශක්තිමත් නොවුවද ඒවා එම යුගයේ දිගට ම පැවති සැලකිය යුතු දේශපාලන විචාර සමූහයක ප්‍රතිඵලයි. පුරාණ ග්‍රීසියෙන් ලැබුණ මහත් ඥානසම්භාරය පිළිබඳව නව ප්‍රබෝධයක් මුද්‍රණ යන්ත්‍රය නිපැදවීම කරණකොට ගෙන ඇති විය. රාජ්‍යයේ ස්වභාවය, ආණ්ඩුක්‍රම හා ආණ්ඩු සංස්ථා, පුද්ගලයන්ගේ අයිතිවාසිකම් යනාදි නොයෙක් කරුණු පිළිබඳ විවිධ මත චිත්තාකර්ෂණීය සාකච්ඡාවන්ට විෂය විය. එම සාකච්ඡා මිනිසුන්ගේ අදහස් හැඩගැස්වීමට උපකාරී වීමෙන් නොනැවතී ඒතාක් කල් පැතිර පැවති ආණ්ඩු සංස්ථා සහමුලින් වෙනස් කළ මහා විප්ලව දෙකකට ද මඟ පෑදුවේය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ මුල

මහජන මතය කෙරෙහි වැඩි වැඩියෙන් සැලකිල්ල දක්වන අයුරු කරන ලද ආණ්ඩු ප්‍රතිසංස්කරණ එංගලන්තයේ ආරම්භ වී දේශපාලන අරගළයක් පාසා ක්‍රමයෙන් පුළුල් වී ගිය ද නියම මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වී යයි කිවහැකි ප්‍රජාතන්ත්‍රවාදී මන්ත්‍රී මණ්ඩල පළමුවෙන් ඇති වූයේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේය; ඊළඟට ප්‍රංසයේය. ඇත්තවශයෙන් ම එංගලන්තය සර්වජන ඡන්ද බලය සහිත නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් වූයේ එහි වයස 21න් ඉහළ ස්ත්‍රීන්ට ඡන්‍ද බලය ලැබුණු වර්ෂය වූ 1927 දීය. හුදු උද්ඝෝෂණ පාඨ වශයෙන් පැවති නිදහස හා සමානාත්මතාව 1774 දී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේත් 1789 දී ප්‍රංසයේත් ක්‍රියාත්මකභාවයකට පෙරළිණ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථා ඇති කළ පසු ඇමෙරිකාව නොපැකිල ඉදිරියට ම ගිය නමුදු ප්‍රංසයේ ප්‍රජාතන්ත්‍රවාදය නැඟීම් වැටීම් දෙකට ම භාජන විය. ප්‍රංසය ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආඥාදායකත්වයටත් ඒකාධිපත්‍යයටත් මාරුවී නැවත ප්‍රජාතන්ත්‍රවාදයට ම පෙරළිණ. අනෙක් බටහිර යුරෝපීය රාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයට පරිවර්තනය වූයේ නොයෙක් අවධිවල දීය. ඕලන්දය මුල දී ම එංගලන්තය අනුගමනය කළේය. එහෙත් ජර්මනිය, ඉතාලිය‚ ඕස්ට්‍රියාව, රුසියාව ආදි රටවල් දේශපාලන ඉදිරි ගමනට යොමු වූයේ බොහෝ කලකට පසුවය. 1917 දක්වා ම රුසියාවේ වැඩවසම් ක්‍රමය හා ඒකාධිපත්‍යය ද ඉතා දරුණුව පැවතිණ. ජර්මනිය 1918 වන තෙක් ම රාජාණ්ඩුව පෙරළා නොදැම්මේය. ‍පසුව එරට හිට්ලර්(නාට්සි)වාදය හා ‍ෆැසිස්ට්වාදය ත‍ෙක් පිරිහී ගියේය. 1945 දී හිට්ලර්වාදය පැරද වූ පසුය, එරටෙහි ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සැලසුණේ.

මෙසේ 18 වන ශතවර්ෂයේ අවසාන කොටසේ දී ඇමෙරිකාවේ හා ප්‍රංසයේ ඇති වූ විප්ලව ලෝකයේ සමාජ හා දේශපාලන ඉතිහාසය පිළිබඳව කැපී පෙනෙන ඉතා වැදගත් සිද්ධීන් වුව ද ඒවායේ බලපෑම් ඒ විගස ම හෝ නොපමාව ඇති වී යයි සිතීම මුළාවකි. මේ විප්ලවයන්ගෙන් සැලසුණු උදාර ඵල කිසිවිටකත් භුක්ති නොවිඳි ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් ද තවමත් යුරෝපයේ ඇත.

ඒ කෙසේ වුව ද පසුකාලයේ දේශපාලන විචාර කෙරෙහි විශේෂයෙන් ප්‍රංස මහාවිප්ලවයේ බලපෑම ඉමහත් විය. ඒ මහාවිප්ලවයට ජනයා පොලඹවා ලූ නිදහස හා සමානාත්මතාව පිළිබඳ සංකල්ප කෙරෙහි සිත් නොමෙහෙයූ පෙර අපර දෙදිග රටවල් ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. ඒ විප්ලවය නිසා පොදු ජනයාගේ තත්වය උසස් වී ගියේය. එසේම සාමාන්‍ය ජනයාට තම රටේ දේශපාලන ජීවිතයෙහි මෙතෙක් අත් නොවූ තැනක් හිමි විය. එහෙයින් යථෝක්ත සංකල්පයන්ගේ ආභාසය ආණ්ඩු ක්‍රමයන්හි යම්තමින් හෝ පිළිබිඹු විය.

රුසියානු විප්ලවය

ලෝක දේශපාලන ඉතිහාසයේ ඊළඟ වැදගත් සිද්ධිය වනුයේ 1917 රුසියානු මහා විප්ලවයයි. ප්‍රංස මහාවිප්ලවය ඇරඹූ ගමන මේ විප්ලවය මගින් අවස්ථා කීපයක් ඉදිරියට ගෙන යන ලදි. ඒ අතර ම පාලන කාර්යය විෂයෙහි ලා ගොවීන්ට හා කම්කරුවන්ට තීරණාත්මක අයිතියක් ලැබෙන සේ පාලන තන්ත්‍රය සකස් විය. කම්කරු ප්‍රජාතන්ත්‍රික රටවල පිළිගත් පාලන රටාව වූයේ වක්‍ර මැතිවරණ ක්‍රමය හා නියමිත කාලය ඉකුත් වන්නට පෙර නියෝජිතයන් අස්කිරීමේ බලය (right of recall) සහිත සෝවියට් සහාය. කලින් දක්වන ලද පරිදි රටක ආණ්ඩුව වශයෙන් ගැනෙන සංස්ථාවන්ගේ ආකෘතියෙහි හා ව්‍යුහයෙහි නියමිත රටාවක් නොවීය. එක් එක් රටක උවමනාවන්ට ද සම්ප්‍රදායයන්ට හා සංකල්පයන්ට ද ගැළපෙන්නා වූ, ඒ රටට ම විශේෂ වූ සංස්ථා කීපයක් වෙයි. විමර්ශනය සඳහා (ලේඛනගත ) ආණ්ඩුව්‍යවස්ථාවක් කවදාවත් නොතිබීම ආණ්ඩුව පිළිබඳ ඉතිහාසය අතින් එංගලන්තයට විශේෂයයි කිවයුතු අනන්‍යසාධාරණ ලක්ෂණයකි. එරට දේශපාලන සංස්ථා ශතවර්ෂ ගණනාවක් තිස්සේ වැඩි විත් ඇත. එහි ආණ්ඩුව්‍යවස්ථාව ව්‍යවස්ථා ග්‍රන්ථයේ ගිණිය නොහැකි තරම් පිටුවල ද ගිණිය නොහැකි තරම් අධිකරණ තීන්දුවල ද ලේඛනගත නොවු ගිණිය නොහැකි තරම් පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්හි හා පූර්වාදර්ශයන්හි ද විහිද පවතී.

වර්ගීකරණය

ආණ්ඩු වර්ග කිරීම සුකර නොවුව ද, ඒවායේ කැපී පෙනෙන යම් යම් පොදු ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැකිය. මහජන නියෝජිතයන්ගෙන් සමන්විත නීති පනවන මණ්ඩලයක් සෑම රටකම ඇත. ස්විට්සර්ලන්තය හැරෙන්නට අනික් රටවල වයස් සම්පූර්ණ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම අය නියමිත කාලසීමාවකට තම ව්‍යවස්ථාදායකයන් තෝරා ගනිති. ස්විට්සර්ලන්තයේ මේ හිමිකම ඇත්තේ පුරුෂ පක්ෂයට පමණි. විධායක කටයුතු කෙරෙන්නේ මුළු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් නොව ව්‍යවස්ථා සම්පාදක සභාවට අයත් වූ හෝ නුවූ හෝ කුඩා මණ්ඩලයක් විසින්ය. අධිකරණය වූ කලි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙනුත් විධායක මණ්ඩලයෙනුත් බාහිර වූ එකකි.නීතිය විවරණය කිරීම අධිකරණ මණ්ඩලයට අයත් කාර්‍ය්‍යයකි. මේ මූලික ලක්ෂණ හැම රටක ම ආණ්ඩුවක දක්නා ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ඒවායේ නම්‍යතාව හෝ දෘඪතාව අනුව හෝ ලේඛනගතවීම හෝ නොවීම අනුව හෝ එබඳු අන්කිසි ලක්ෂණයක් අනුව හෝ වර්ග කිරීම සිරිතකි. එහෙත් එවැනි වර්ග කිරීමකින් එතරම් ප්‍රයෝජනයක් ඇතැයි කිව නොහැකිය. ආණ්ඩුව්‍යවස්ථා ඉතිහාසයෙහි විශේෂ වූවක් හැටියට එංගලන්තය බැහැර කළ විට අනික් ආණ්ඩුව්‍යවස්ථා සියල්ල ම ලේඛනගත වූත් අනම්‍ය වූත් ඒවා බව පෙනී යන බැවිනි.

එංගලන්තයට ආණ්ඩුව්‍යවස්ථාවක් නැත. එබැවින් එයට ආණ්ඩුව්‍යවස්ථාව යයි කිව හැකි ලේඛනයක් හෝ ලේඛන සමූහයක් හෝ නොමැත. මේ හේතු කොටගෙන එරට “ ආණ්ඩුව්‍යවස්ථාවේ ”නම්‍යතාව එහි විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණයයි. ආණ්ඩුව්‍යවස්ථාවේ කොටසකැයි සැලකිය හැකි කිසි ම අණපනතක් වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට විශේෂ ක්‍රියා පිළිවෙළක්ද අවශ්‍ය නැත.

අනික් අතට සෙසු සෑම රටක ම ආණ්ඩුවේ විවිධ ආයතනවල ස්වභාවය හා කාර්යයන් පැහැදිලි ලෙස ම ලියවිලි එකක හෝ කීපයක ලේඛනගත කොටඇත. ආණ්ඩුව්‍යවස්ථාගත මේ නීති සාමාන්‍යනීති සම්බන්ධයෙන් පවත්නා සරල ක්‍රමයෙන් සංශෝධනය කළ නොහේ. ඒ සඳහා මන්ත්‍රණ සභා එකකින් හෝ දෙකින්ම හෝ සැදුණු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂ බහුතර සංඛ්‍යාවකගේ ඡන්දය අවශ්‍යය. . ‍‍ෆෙ‍ඩරල්‍‍‍‍ ( සන්ධීය) රාජ්‍යයන්හි එම කාර්යය පිණිස අවයව (constituent) රාජ්‍යයන්ගේ කැමැත්ත ලබාගැනීම ද සමහර විටක ජනමත විචාරණයක් (referendum) මගින් ඡන්‍ද බලය ඇති ජනතාවගේ කැමැත්ත ලබාගැනීම ද අවශ්‍ය විය හැකිය. ආණ්ඩුව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක් එක් රටකට ඇත්තේ ඊට ම විශේෂ වූ ක්‍රියාමාර්ගයකි. ආණ්ඩුව්‍යවස්ථා සංශෝධනය අතින් දක්නා පොදු ලක්ෂණය නම් එය දැඩි වූ ද අනික් සාමාන්‍ය නීති පැනවීමේ කාර්යයට වඩා දුෂ්කර වූ ද කරුණක් වීමයි. ඒකීය රාජ්‍ය හා ‍ෆෙ‍ඩරල් රාජ්‍ය අතර ඇති වෙනස වඩා අර්ථවත් එකකි. ආරම්භයේ දී සෑම රාජ්‍යයක්ම ඒකීය රාජ්‍යයක් වූ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. සමහර රටවලට වෙන් වෙන්ව නොසිට එකතු වී සංයුක්ත රාජ්‍යයක් සේ සිටීම වඩා යෝග්‍ය බව කයෑමේ දී හැඟී ගියේය. මෙම රාජ්‍ය එසේ මෙහෙයවනු ලැබීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ භූගෝලීය වූත් යුද්ධෝපායට අදාළ වූත් කරුණු වුව ද ඇතැම් ආර්ථික වූත් මනෝ විද්‍යාත්මක වූත් කරුණු වලින් ද යම්බඳු බලපෑමක් නොවී යයි කිව නොහැකිය. පොදු සතුරකුට විරුද්ධව ගෙන ගිය සටනක දී ඇති වූ ඒකීයභාවය පිළිබඳ හැඟීම වෙන් වෙන් රාජ්‍යයන් වශයෙන් බෙදීයනසුලු ගතිය මැඬලීමට උපකාරී විය. 3වැනි ජෝජ් රජුගේ කාලයේ දී බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ඉමහත් බලයට උතුරු ඇමෙරිකාවේ විවිධ රාජ්‍යයන්ට මුහුණ පෑමට සිදු වූ අවස්ථාවේ දී ප්‍රථම සංයුක්ත රාජ්‍යය අත්හදා බැලීමට මෙන් ආරම්භ විය. අන්‍යෝන්‍ය සම්බන්ධය අතින් දුර්වලව බැඳුණු එම සංයුක්තය කාර්‍ය්‍යක්ෂම ලෙස යුද කටයුතු ගෙන යෑමට පවා අපොහොසත් විය. මේ සංවිධානය ප්‍රථම ෆෙ‍ඩරල් රාජ්‍යය වන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට මං පෑදුවේය. එවක් පටන් වෙනත් බොහෝ රටවල් මේ ෆෙ‍ඩරල් ක්‍රමය අනුගමනය කෙළේය. ඒවා නම් ස්විට්සර්ලන්තය, කැනඩාව, ඕස්ට්‍රියාව, ජර්මනිය, දකුණු අප්‍රිකාව, සෝවියට් රුසියාව, යුගෝස්ලාවියාව හා ඉන්දියාවය. මේ රාජ්‍ය හැර අනිකුත් සියලු ම රාජ්‍ය ඒකීය රාජ්‍යයෝයි. එනම් එංගලන්තය, ප්‍රංසය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕලන්දය, බෙල්ජියම, ඉතාලිය, බ්‍රසීලය, ආජන්ටිනාව, චිලි, ඝානාව, සුඩානය, ඊශ්‍රායලය, එක්සත් අරාබි සමූහාණ්ඩුව, ලංකාව, බුරුමය, ජපානය හා නවසීලන්තය යනාදියයි. රටපුරා පැතිරී ගිය බලය සහිත එක ම ස්වාධීන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පමණක් තිබීම ඒකීය රාජ්‍යයන්හි විශේෂ ලක්ෂණයයි. ෆෙ‍ඩරල් රාජ්‍යයන්ගේ බලය ෆෙ‍ඩරල් මහා ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් ඒ ඒ ෆෙ‍ඩරල් ඒකකයන්ගේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලත් අතර බෙදී පවතී. මහා ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ක්‍රියා කළ හැක්කේ කොතෙක් දුරට ද නොහොත් කවර සීමාවන් ඇතුළත ද යනු සන්ධි වන රාජ්‍යයන් විසින් පැහැදිලි ලෙස නියම කළ යුතුය යන්න ෆෙ‍ඩරල්වාදය නමැති සංකල්පයේම ගැබ්වී ඇත්තකි. ක්‍රියාවෙහි යොදවන විට යම් යම් දුෂ්කරතාවන් ඇති වෙතත් යථෝක්ත සීමාවන් පැහැදිලි ලෙස ම දක්වා ඇත. මෑතක සිට මහා ආණ්ඩුව සිය බලය පුළුල් කර ගනිමින් ප්‍රාදේශික රාජ්‍යයන්හි ආඥා ක්ෂේත්‍රයට පවා වැදගැනීමට සැරසෙන බවක් දක්නට ලැබේ. ෆෙ‍ඩරල් ඒකක ආණ්ඩුවලට මේ තත්වය කොතෙක් අනභිමත වුව ද කාලය හා දුරපතර අතින් පවත්නා වූ පරතරය දුරු කෙරෙමින් කේන්ද්‍ර ස්ථානය කරා දිවෙන බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වය සිද්ධීන්ගේ නයින් පිළිගන්නට වී තිබේ. කැනඩාවෙහි ශේෂ බලතල මහජනයා කෙරෙහි රැඳී පවතී. මහා ආණ්ඩුවේ හා ෆෙඩරල් ඒකක ආණ්ඩුවල බලතල 1867 බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකා පනතින් විග්‍රහ කොට දක්වා ඇත. මේ ක්‍රමය සතුටුදායක ලෙස ක්‍රියාවේ යෙදී නැත. හුදෙක් ආරාවුල් අධික වී නඩු හබ වැඩි වීමට එය රුකුලක් වී තිබේ. ආණ්ඩුව්‍යවස්ථා නීතිය විවරණය කිරීම සඳහාත් ආණ්ඩුව්‍යවස්ථාවේ නියම කොට ඇති සීමාවන් ෆෙඩරල් ආණ්ඩුව උල්ලංඝනය කළ අවස්ථාවන් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වූ විටෙක විනිශ්චයක් කරලීම සඳහාත් ෆ‍ෙඩරල් අධිකරණයක් හෙවත් උත්තරීතර අධිකරණයක් තිබිය යුතු බව ‍ෆ‍ෙඩරල් ආණ්ඩු සැලැස්මක ආවේණික ලක්ෂණයකි. එවැනි වූ උත්තරීතර ඇපැල් අධිකරණයක් පිහිටු වීම සඳහා විධිවිධාන සෑම ෆෙඩරල් ආණ්ඩුව්‍යවස්ථාවකම යොදා ඇත. කැනඩාවේ ඇපැල් අධිකරණය නම් උත්තර රාජාධිකරණයේ ( ප්‍රිවි කවුන්සලයේ) අධිකරණ කාරක සභාවයි. ඇත්ත වශයෙන් කියතොත් ආණ්ඩුව්‍යවස්ථා නීති විවරණය කිරීම සඳහා ශ්‍රෙෂ්ඨාධිකරණයක් ඇතිවීම ෆෙඩරල් රාජ්‍යයන්ට පමණක් විශේෂ වූවක් නොවේ.යම් ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව්‍යවස්ථා බලය ඉක්ම වූවක් ද නැද්දැයි ආරාවුල් ඇති වූ විටක ආණ්ඩුව්‍යවස්ථාව විවරණය කොට පහදාලීම සඳහා ඇපැල් අධිකරණ මණ්ඩලයක් ඇති කිරීමට විධිවිධාන සෑම ලේඛනගත ආණ්ඩු ව්‍යවස්ථාවකම සලසා ඇත. එංගලන්තයේ හැර අන් හැම රටකම ආණ්ඩුව්‍යවස්ථාව ලේඛනගත බැවිනුත් අනම්‍ය බැවිනුත් ආරාවුල් ඇතිවනු නියතය. මහජනයාට අහිමි කළ නොහැකි වූ ඔවුන් සතු මූලික අයිතිවාසිකම්වලට ඒකීය රාජ්‍යයක ආණ්ඩුවකින් හානි පැමිණීමට ද හොඳට ම ඉඩ තිබේ. යට කී අයුරු ඇපැල් අධිකරණයක් උදෙසා විධිවිධාන සලසා නොමැති රටවල් කීපය අතුරෙන් ලංකාව ද එකකි. වරින් වර පනවන ලද විවිධ අණපනත්වලින් හිරිහැරයට පත් අය අතරෙහි මේ සම්බන්ධයෙන් මහත් සැකක් හා බියක් මේ රටවල ඇති වී තිබේ. එවැනි ඇපැල් අධිකරණයක් ඇති කළ යුතු යයි ප්‍රබල මතයක් ද පවතී. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල පිළිබඳව කළ හැකි තවත් අර්ථාන්විත ප්‍රභේදයක් නම් ඒකමාණ්ඩලික හා ද්විමාණ්ඩලික වශයෙන් ගෙනහැර දැක්වීමයි. ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය උත්තර මන්ත්‍රී සභාව හා මහජන මන්ත්‍රී සභාව යයි සභා දෙකකින් සමන්විත රාජ්‍ය ද්විමාණ්ඩලික යයි ද තනි ව්‍යවස්ථාදායක මණ්ඩලයක් සහිත රටවල් ඒකමාණ්ඩලික යයි ද කියනු ලැබේ. තව ස්වල්පයක් දුරට කරුණු පිරික්සීමේ දී සෑම ෆ‍ෙඩරල් රාජ්‍යයක් ම සැලැස්ම අතින් ද්විමාණ්ඩලික රාජ්‍යයක් බව පෙනී යයි. මෙය මෙසේ වීමට හේතුව පහසුවෙන් සලකා ගත හැකිය. සංයුක්ත රාජ්‍යයට (federation ) බැඳීමට ගිවිස ගත් අවයව රාජ්‍ය ‍ෆ‍ෙඩරල් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙහි තමන් වෙන් වෙන් වශයෙන් පිළිගත යුතු බව තරයේ කියා සිටිනු නිසැකය. එමතු ද නොව ‍ෆ‍ෙඩරල් ඒකකයන් එකිනෙකට සමාන බව ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හා ඕස්ට්‍රෙලියාවේ උත්තර මන්ත්‍රී සභාවෙහි මැනැවින් පිළිබිඹු වෙයි. එක්සත් ජනපදයේ සැනෙට් (උත්තර මන්ත්‍රී) සභාව මන්ත්‍රීවරුන් 100 දෙනකුගෙන් සෑදී ඇත. එක් එක් ‍ෆ‍ෙඩරල් ඒකකයකින් නියෝජිතයන් දෙදෙනා බැගින් තෝරා ගෙන තිබේ. ඕස්ට්‍රෙලියාවේ උත්තර මන්ත්‍රී සභාවෙහි අවයව රාජ්‍යයකින් නියෝජිතයන් හයදෙනා බැගින් සිටිති. මේ සමානාත්මතා ප්‍රතිපත්තිය අනික් ‍ෆ‍ෙඩරල් රාජ්‍යයන්හි පිළිගෙන නැත. එවැනි සමානාත්මතාවක් ලැබී ඇතත් නැතත් ෆෙඩරල් හෙවත් සංයුක්ත රාජ්‍යය මගින් ‍‍ෆ‍ෙඩරල් ඒකකයන්ගේ අයිතිය පැහැර ගැනීමක් වුවහොත් එබන්දකින් ආරක්ෂාව ලබා ගැනීම සඳහා ‍ෆෙඩරල් ඒකක ස්වකීය රාජ්‍යයන් වෙන් වෙන් වශයෙන් නියෝජනය කළ යුතු බව තරයේ කියා සිටීම සිරිති. ‍ පාර්ලිමේන්තුවට කෙළින් ම වගකිවයුතු ආණ්ඩු හා එබඳු වගකීමක් නොමැති ආණ්ඩු හැටියට ද ආණ්ඩු දෙකොටසකට වර්ග කිරීමට ඉඩ තිබේ. මෙහි මුලින් කී වර්ගයට කදිම නිදර්ශනය නම් පාර්ලිමේන්තුවට කෙළින් ම වගකිවයුතු ආණ්ඩු හා එබඳු වගකීමක් නොමැති ආණ්ඩු හැටියට ද ආණ්ඩු දෙකොටසකට වර්ග කිරීමට ඉඩ තිබේ. මෙහි මුලින් කී වර්ගයට කදිම නිදර්ශනය නම් මහා බ්‍රිතාන්‍යයයි. ඓතිහාසික හේතූන් නිසා එරට කැබිනට් ක්‍රමය අවිච්ඡින්නව යෙහෙන් සංවර්ධනය විය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකවරුම කැබිනට් මණ්ඩලයේ සාමාජිකවරු ද වෙති. අනික් ප්‍රභේදයට කැපී පෙනෙන නිදසුන නම් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයයි.

බ්‍රිතාන්‍යය

අවිශේෂයෙන් සලකා බලන විට මහා බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව නම් අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයය. එක් විධියකට කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවේ ම කාරක සභාවකි. එය පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන්නක් නොව අගමැතිවරයා විසින් තෝරාගනු ලබන්නකි. අගමැතිවරයා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සම්ප්‍රදායානුකූලව අගමැතිවරයා මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයකු විය යුතුය. හැමදෙන ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් බැවින් ඔවුහු තනි තනිව ද සාමූහිකව ද ඔවුන්ගේ සෑම ක්‍රියාවක් ගැන ම පාර්ලිමේන්තුවට වගකිව යුත්තෝය. මේ ක්‍රමයට පාර්ලිමේන්තු විධායක ක්‍රමය යයි ද කියනු ලැබේ. බ්‍රිතාන්‍ය ආදර්ශය ම අනුගමනට කළ සෑම පොදු රාජ්‍යමණ්ඩල රටක ම ඇති විශේෂත්වය නම් ‍වගකිවයුතු කැබ්නට් මණ්ඩලයක් ඇතිවීමයි .ඉන්දියාව හැර අනිකුත් පොදු රාජ්‍ය රටවල එක් මන්ත්‍රී මණ්ඩලයකින් තෝරාගත් ඇමතිවරයකුට අනික් මණ්ඩලයේ සභාරැස්වීමකට සභභාගි විය න‍ොහැකිය . පාර්ලිමේන්තු විධායක ක්‍රමය බ්‍රිතාන්‍ය පොදු රාජ්‍යමණ්ඩලයට ම විශේෂ වුවක් නොවේ. බ්‍රිතාන්‍ය ක්‍රමයේ ආභාසය ලබා ඇතැයි සාමාන්‍යයෙන් කිවහැකි යුරෝපිය හා ආසියානු රටවල් කීපයක ම වගකිවයුතු කැබිනට් ක්‍රමය පවතී.ප්‍රංසය‚ජර්මනිය,ඉතාලිය,ඔිලන්දය‚බෙල්ජීයම‚නෝර්වේ‚ස්ව්ඩනය‚පින්ලන්තය,ජපානය හා බුරුමය එබදූ රටවල් අතර ගැණේ . මේ හැම රටක ම ඇමතිවරයකුට සහාද්වයේ ම සාකච්ජාවලට සභභාගි විය හැකිය. එහෙත් ඔහුට ජන්දය දිය හැක්කේ තමා මන්ත්‍රී පදවිය දරන සභාවේ දී පමණකි.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය

මෙහි පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය හෙවත් පාර්ලිමේන්තු සාම්ප්‍රදායික නුවූ විධායක ක්‍රමය මීට ඉඳුරා වෙනස් වූවකි. මෙහි ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානයා වශයෙන් අගමැතිවරයකු සතු කාර්ය ද ඉටු කරයි. ඔහු තෝරා ගනු ලබන්නේ ඡන්දදායක ගණය (electoral college) මගින් වුවත් නොවූවත් ඡන්දබලය ඇති අය විසින් කෙළින්ම තෝරා ගනු ලබන තැනැත්තා ඔහුය. මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය දකුණු ඇමෙරිකානු රටවල් කීපයකට ද අභිමතව ඇත. මේ ක්‍රමයේ ආණ්ඩුවල ඇති සැලකිය යුතු විශේෂ ලක්ෂණය නම් විධායක මණ්ඩලය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් වෙන්ව පැවැත්මයි. ජනාධිපතිවරයා හෝ ඔහුගේ කැබිනට් ඇමතිවරු හෝ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෝ නොවෙති. ඇමතිවරු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබති. එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් නාමයෝජනා කරන ඕනෑම කෙනකුට විරුද්ධව නිෂේධ බලය පාවිච්චි කිරීමට එහි සැනේට් සභාවට අයිතිය ඇත. එහි කථා කිරීමට හෝ ඡන්දය දීමට තබා පූර්ණ සභා වාරයකට සහභාගි වීමට වත් ඔවුන්ට අයිතියක් නැත. ජනාධිපතිවරයාට ස්වකීය වාර්ෂික සන්දේශය ඉදිරිපත් කිරීමේ දී හෝ කිසියම් හදිසි අවස්ථාවක් උද්ගත වූ විටක දී හෝ සැනේට් සභාව ඇමතීමට පුළුවන. ඇමතිවරුන්ට එහි ස්ථාවර කාරක සභාවල හෝ විශේෂ කාරක සභාවල රැස්වීම්වලට සහභාගි වීමට බලය ඇත. එසේ ම ඔවුහු ඒවාට පැමිණෙති. මන්ත්‍රී මණ්ඩලයේ දී අමාත්‍යවරුන්ට අවාසි වන ඡන්දය විමසීමකින් ඔවුන් නිලයෙන් පහ කළ නොහැකිය.

සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය

මෙහි පවත්නා සෝවියට් ක්‍රමය කවරාකාර වූවක් ද එය සම්පුර්ණයෙන් අලුත් ක්‍රමයක් ද එසේ නැතිව ජනාධිපති ක්‍රමයට කිට්ටු වූවක් ද නැත්නම් කැබිනට් ආණ්ඩු ක්‍රමයට කිට්ටු වූවක් දැයි යනු මෙහි දී පැන නඟින ප්‍රශ්නයකි. කැබිනට් ආණ්ඩු ක්‍රමයන්හි දක්නා ලක්ෂණ රාශියක් ම එහි ද දක්නා ලැබෙතත් එය අලුත් ක්‍රමයක් හැටියට ගැනීම වඩා යෝග්‍යය. සෝවියට් සමූහාණ්ඩු රාජ්‍යයෙහි ඇමතිවරු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට වගකිවයුතු වූ එහි ම සාමාජිකයෝය. එහෙත් එංගලන්තයේ මෙන් අග්‍රාමාත්‍යවරයා විසින් මේ අය පෞද්ගලිකව තෝරාගනු නොලැබෙති. උත්තරීතර සෝවියට් සභාව විසින් පත් කරනු ලැබුවාවූ ද එම සභාවේ සභාවාර නොපවත්නා කාලය අතරතුර කටයුතු කරන්නා වූ ද උත්තරීතර සෝවියට් සභාවේ ප්‍රෙසීඩියම හෙවත් සභාපති මණ්ඩලය විසින් අමාත්‍යවරු පත්කරනු ලැබෙත්. අමාත්‍ය මණ්ඩලය ඒකාන්තයෙන් නොකඩවාම සභාපති මණ්ඩලයට වග කිවයුතුය. ඒ එසේ වනුයේ උත්තරීතර සෝවියට් සභාව වර්ෂයක් තුළ දී රැස්වන්නේ දෙවරක් පමණක් බැවිනුත් එය ද ඉතා කෙටි කාලයකට බැවිනුත්ය. සෝවියට් ක්‍රමය හැඳින ගැනීමට කොමියුනිස්ට් පක්ෂ සංවිධානය හැඳින ගැනීම උපකාරී වේ. සෝවියට් ආණ්ඩුව්‍යවස්ථාවේ නොයෙක් අංගයන් එකට පුරුද්දන්නේ කොමියුනිස්ට් පක්ෂයයි. පක්ෂයේ සර්වබලධාරී තත්වය ඉවත් කළහොත් සෝවියට් පාලන යන්ත්‍රය සිඳී බිඳී යනු හෝ එසේ නැතහොත් එය හිර වී ක්‍රියාවිරහිත තත්වයකට පත්වනු නොඅනුමානය. සෝවියට් ක්‍රමය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය තරම්වත් ඒකාධිපති ස්වරූපයක් නොදරන බවක් බැලූ බැල්මට පෙනී යා හැකිය. එහි කැබිනට් මණ්ඩලය හෙවත් අමාත්‍ය මණ්ඩලය වරින් වර නොව නොකඩවා දිගටම ඡන්දයෙන් තේරුණු පාර්ලිමේන්තු මණ්ඩලයකට නැතහොත් උත්තරීතර සෝවියට් සභාවට ඉඳුරා වගකිව යුතු බැවිනි. එහෙත් සිදු වන්නේ අනිකකි. ප්‍රෙසිඩියමේ හෙවත් සභාපති මණ්ඩලයේ ප්‍රධානීහු අමාත්‍ය මණ්ඩලයේ ද ප්‍රධානීහු වෙති. ඒ දෙගොල්ල ම නායකයාට (ස්ටාලින්, ක්රුෂෙෆ් ආදින්ට ) යටත්ය. මේ නායකයා කොමියුනිස්ට් පක්ෂ සංවිධානය ද පාලනය කරන හෙයින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිවරයාට කිසි කලෙකත් අත් කරගත නොහැකි විධියේ ඒකාධිපති බලයක් දරන්නේය. මේ නයින් සලකා බලන විට ආණ්ඩුව පිළිබඳ මූලික සංකල්පයෙන් අද ලෝකය බොහෝ ඈත් වී ඇති බව පෙනේ. අතීතයේ පැවති ඒකාධිපති නායකත්වය හා වැඩවසම් ක්‍රමය නැති වී ගොස් රාජ්‍ය නිර්බාධ ක්‍රමය හෙවත් වන්නාට වාදය (laissez faire) ප්‍රතිපත්තිය කොට ගත් නිෂ්ක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට අයත් කර්තව්‍ය වශයෙන් සලකන ලද්දේ නීතිය හා යථා පැවැත්ම ආරක්ෂා කර ගැනීමය. රටවැසියන්ගේ ආර්ථික කටයුතුවලට ඇඟිලි ගැසීම එයට අයත් වැඩක් නොවීය. දුප්පතුන් හා අසරණයන් සුරා කෑම හා වහල් මෙහෙය පැවතියේ නම් ඒවායේ අනිෂ්ට විපාක ඒ දුගී දුප්පතුන් ම වින්දා විනා ඔවුන්ට අන් පිළිසරණක් නොවීය. මේ අතින් 19 වන ශත වර්ෂයේ මධ්‍ය භාගයේ දී ලෝකයාගේ සිත් සතන් කැළඹෙන්නට විය. වහල් මෙහෙය තහනම් කිරීම හා වහලුන් නිදහස් කිරීම පිළිබඳ සටන සමඟ ම, වැඩෙමින් ආ ධනවාදය යටතේ කම්කරුවන් හුන් වහල් තත්වය නැති කරනු සඳහා සටනක් ද පැන නැංගේය. කම්කරු පන්තියේ තත්වය දියුණු කිරීමට පමණක් ම ආණ්ඩුවේ නීති සම්පාදන කටයුතු සීමාකිරීමට තවදුරටත් නුපුළුවන් විය. නිෂ්ක්‍රිය රාජ්‍ය පිළිබඳ සංකල්පය ලොවින් තුරන්ව යෑමට බොහෝ කල් ගත වුව ද අවසානයේදී එය නැතිවී ගියේය. ධනවාදය වැඩීම පමා වු රටවලට යන්ත්‍ර සූත්‍ර මගින් භාණ්ඩ නිෂ්පාදනය මුලින් ම පටන් ගත් මහා බ්‍රිතාන්‍යයත් සමඟ ආර්ථික තරඟයකට මුහුණ දෙන්නට සිදු විය. ඒ රටවල් පෞද්ගලික ව්‍යාපාර අංශය දියුණු කිරීම සඳහා රාජ්‍යානුග්‍රහය ඉඳුරා ලැබිය යුතු යයි උද්ඝෝෂණය කොට එය ලබාගත්තේය. ආර්ථික හා දේශපාලන බලය අත්පත් කොට ගෙන හුන් සමාජ කොට්ඨාස මගින් ආරක්ෂක බදු, ණය මුදල්. රාජ්‍ය ආධාර, විශේෂ රාජ්‍යාධාර, වරණ සැලකිලි ආදී පහසුකම් රාශියක් සලස්වා ගන්නා ලදි. විසිවන ශත වර්ෂය ආරම්භ වන විට සැබවින් ම සක්‍රිය වූ රාජ්‍ය පහළ වී තිබිණ. සංවිධාන වූ කම්කරුවන් වෘත්තීය සංගමයන් හා ඔවුන්ගේ සමාජවාදී පක්ෂ මඟින්, පඩි වැඩිකිරීම, වැඩ පැය ගණන අඩු කිරීම, වඩා හොඳ සෞඛ්‍ය සේවා සැලසීම ආදිය ගැන නීති සම්පාදනය කරන ලෙස තම ආණ්ඩුවලට එක් අතකින් බලපෑ අතර අනික් අතින් පැරණි ක්‍රම ගරු කළ අය ද තම ආර්ථික ව්‍යාපාරයන්ගේ වැඩි දියුණුව උදෙසා රාජ්‍යානුග්‍රහය දීමෙන් තමන්ට ආධාර කරන ලෙස උද්ඝෝෂණය කිරීමට පසුබට නුවූහ. 1917 රුසියානු විප්ලවය මේ ඉදිරි ගමන සම්බන්ධයෙන් වඩාත් උද්‍යෝගයක් දැනවිය. සමාජවාදී සංවර්ධන වැඩ සැලැස්මවල බලපෑම ලොව පුරා ම දනිණ. ඒ මහා සමාජ විප්ලවය නිසා මතු වුණු අදහස් හා සංකල්ප සෙසු රටවල අඩු වැඩි වශයෙන් පිළිරැව් දෙන්නට විය. අද ලෝකයෙන් තුනෙන් පංගුවකට අධික ප්‍රමාණයක් වූ ආසියාවේ හා යුරෝපයේ රටවල් ගණනක පැරණි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම දුරලා තිබේ. අද සෑම ආණ්ඩුවක්ම තම රටේ ආර්ථික ජීවිතය සම්බන්ධයෙන් කෙළින්ම මැදහත් වෙයි. එකකුගේ දිළිඳු බව හා දුගීබව කෙරෙහි සියල්ලෝ ම සිත යොමු කරති. අසරණාධාර දීමනා ඇතිකිරීම, මහල්ලන්ට පැන්ෂන් (විශ්‍රාම වැටුප්) ගෙවීම, ගැබිනි මවුන්ට හා රෝගීන්ට ආධාර දීමනා සැලසීම, සෞඛ්‍ය ඉන්ෂුවරන්ස් ක්‍රම ඇතිකිරීම, රක්ෂා නොමැත්තන්ට සහනාධාර දීම ආදී නොයෙකුත් විධි වලින් අද ආණ්ඩු සිය රටවැසියන්ට පියකු මෙන් ක්‍රියා කරයි. පෞද්ගලික ව්‍යාපාර මුල් තැන ගන්නා රටවල් පවා අවශ්‍ය මහජන සේවාවන් රජයට ගැනීමට හෝ යම් යම් මූලික ව්‍යාපාර ජාතිය සතු කිරීමට හෝ පසුබට නොවීය. රටක මූලධනයේ සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීමට අනුබල දීමේ අභිලාෂයෙන් හැම රටකම ආණ්ඩුව කෙළින් ම ක්‍රියා කර තිබේ.මේ පිණිස ගවේෂණ මධ්‍යස්ථාන පිහිටුවීම, විශේෂඥ උපදෙස් ලබාදීම ආදි සෑම ආධාරයක් ම දෙනු ලැබේ. වර්තමාන ආණ්ඩු සිය රටවල එක් එක් රටවැසියාගේ ජීවිතය හා ශුභසිද්ධිය ගැන අත්‍යන්තයෙන් සැලකිලිමත්ව සිටී.

ලෝක ආණ්ඩුව

යටකී සක්‍රිය ආණ්ඩුක්‍රමය නොකඩවා ම දියුණු වී ගොස් අද ක්‍රමයෙන් සකල ලෝකයා ම එක් ප්‍රජාවක් සේ සලකනු ලබන තැනට කරුණු සැලසී ගෙන යන බව දක්නට ලැබේ. 1914-18 ප්‍රථම ලෝක සංග්‍රාමය අවසන් වූ විගස ජාතීන්ගේ සංගමය පිහිටුවීමෙන් මේ සම්බන්ධ මුල් පියවර ගන්නා ලදි. එහි ආදි කර්තෘවරුන්ගේ බලාපොරොත්තුව කඩ වී ගියේය. එය කිසිවිටෙක අභිප්‍රේත කාර්යයන් සපුරා ලීමෙහි සමත් නොවීය. එහෙත් එය පිහිටුවනු ලැබීම ම මිනිසුන්ගේ සිත් තුළ කලක් තිස්සේ පැවති උදාර අදහස්වලට දෙස් දෙයි. 1939 දී දෙවන ලෝක සංග්‍රාමය ඇතිවන විටත් ජාතීන්ගේ සංගමය අභාවයට පත්ව තිබුණි. ඒ මහා ළැව්ගින්න නිසා ඇති වූ විනාශයත් පාළුවත් අප ඇස් හමුයේ පෙනෙන්නට තිබිය දී ම වාගේ එක්සත් ජාතීන්ගේ ආයතනය ගොඩනැඟිණ. එය පිහිටුවීමේ දී ජාතීන්ගේ සංගමයෙන් උගත් පාඩම් නොඅඩුව ප්‍රයෝජනයට ගන්නා ලදී. මිනිසුන්ගේ සිත් සතන්හි පැවති අත්‍යුදාර පරමාර්ථයන් මුදුන්පත් කරවීමට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා අතින් එදිනෙදා ඇති වන අතිශයින් පැටලිලි සහිත ගැටලු විසඳීමට ඉවහල් වන ආයතනයක් වශයෙන් එය හැඩගස්වන ලදී. ආණ්ඩුවල ස්වාධිපත්‍යයට ඉඳුරා පහර ගැසීමක් මින් සිදු නොවීය. ආරක්ෂක සභාව මගින් පස් මහා ජාතීන්ට නිෂේධ බලය දීමෙන් එකී ස්වාධිපත්‍යය පැහැදිලිව පිළිගෙන ඇති බව පෙනේ. එහෙත් යම් යම් විවාදශීලී ප්‍රශ්න නිරාකරණය කිරීමේ දී ආණ්ඩු තම ස්වාධිපත්‍යය අත්හළ අවස්ථා ද ඇත. එසේ කරන ලද්දේ ලෝකයේ මහජන මතයට ගරුකිරීමක් වශයෙන් විය හැකිය. අනාගතය සම්බන්ධයෙන් මෙහි වැදගත්කම සුළු කොට තැකිය නොහැක. එක්සත් ජාතීන්ගේ සංවිධානය සර්වසම්පූර්ණ යයි කිව නොහේ. බලාපොරොත්තු වූ පරිදි, විශේෂයෙන්ම කුඩා රටවල් බලාපොරොත්තු ඇතිකර ගත් පරිදි, කර ගත් පරිදි, වැඩි වැඩක් එයින් නොවීය යනු බොහෝ දෙනාගේ ප්‍රකාශයයි. කෙසේ වුව ද එය අවුරුදු ගණනාවක් මුළුල්ලේ බිඳ නොහැළී පැවත එයි. මේ කාලය තුළ ඉතා භාරදුර දුෂ්කර අවස්ථා කීපයක දී එහි සවිශක්තිය උරගා බලන ලදි. එය පැකිලි පැකිලී චකිතව ඒ මේ අත වැනෙමින් සිටි අවස්ථා ද විය. එහෙත් එය නැති නම් වඩා හොඳ යයි කියන කිසිවෙක් නැත.

විශේෂයෙන් එයට සම්බන්ධව ඇති ජාත්‍යන්තර කම්කරු කාර්යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානය, අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වැනි ශාඛා සංවිධාන ඒ ඒ ජාතීන් එකිනෙකට ළංකරවීමෙන් ද පොදු ප්‍රශ්න හැදෑරීමෙන් හා වඩා දුප්පත් රටවලට ආධාර කිරීමෙන් ද ඉතා වැදගත් සේවයක් ඉටු කොට තිබේ. මේ ශාඛා ආයතන ජාතීන් අතර එකඟ බව හා සුහදතාව දියුණු කිරීමෙහි ලා මුඛ්‍ය දේශපාලන සංවිධානය වන එක්සත් ජාතික සංවිධානයට ද වඩා වැදගත් සේවයක් කර ඇතැයි කියන්ට පුළුවන.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාගතයේ දී වඩ වඩා ශක්තිමත්ව වැඩෙතැයි සිතීමට ඉඩ තිබේ.එය වඩා සාර්ථක මණ්ඩලයක් බවට පත් කිරීම පිණිස එහි සංස්ථාගත දෝෂ ක්‍රමයෙන් පහකර දමනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මිනිස් සමාජය ප්‍රාර්ථනය කළ ලෝක පාර්ලිමේන්තුව බවට හැඩ ගැසේද නැද්දැයි යනු කාලය විසින්ම විසඳිය යුත්තකි.




(කර්තෘ: ඇන්.ඇම්. පෙරේරා)

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආණ්ඩුව&oldid=6390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි