"අසිත (6)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('අසිත නම් රුසියෙකු ගැන ඉන්ද්‍රිය ජාතකයෙහි පළව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:57, 22 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
අසිත නම් රුසියෙකු ගැන ඉන්ද්‍රිය ජාතකයෙහි පළවෙයි. අසිතදේවල හෙවත් කාළදේවල යනු එහි යෙදුණු නමයි. සරභංග නම් සෘෂිවරයෙකු වෙත තවුස් පැවිදිව සිටි නාරද නම් ඍෂිවරයකු වෙසඟනක විසින් පොලඹවා ගත් බව අසිතදේවල ඍෂිවරයාට දැනගන්ට ලැබිණ. එතුමාත් එතුමාගේ සහෝදර ඍෂිවරුත් නාරදහට අවවාද කළහ. එයිනුත් ප්‍රයෝජනයක් නුවූයෙන් අසිත දේවල ස්වකීය ශාස්තෘ වූ සරභංග ඍෂිහු ලවා අවවාද දෙවීය. ඒ උත්සාහය සඵල විය. යට සඳහන් අසිතදේවල හෙවත් කාළදේවල නම් කච්චායන තෙරුන් වහන්සේගේ පූර්වජන්මයක් බව පළ වෙයි.
(සංස්කරණය: 1965)