"අසිත (2)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('අසිත නමින් පාළි පොත්හි සඳහන් වන පසේබුදුන්වහන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:30, 22 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
අසිත නමින් පාළි පොත්හි සඳහන් වන පසේබුදුන්වහන්සේ පද්මාවතී දේවියගේ පුත්‍ර වූ පන්සියයක් පසේබුදුවරුන් අතුරෙහි කෙනෙකි. බරණැස් රජුට පුත් වූ ඒ කුමාරවරු උයන් කෙළියට ගොස් කෙළි කවට හැර විදසුන් වඩා පසේ බුදුබවට පැමිණියහ. පසුව හිමවත් පෙදෙසෙහි ගන්ධ මාදන පර්වතයට නික්ම ගිය ඒ පසේබුදුවරු පිඬුසිඟා යන අවස්ථායෙහි රජගහනුවර ඉසිගිලි පර්වතයට පැමිණෙන බව ද එහි දී උන්වහන්සේලා අතුරුදහන් වන බව ද ඒ නිසා ජනයා එම පර්වතය ඍෂීන් ගිලගන්නේය යනාර්ථයෙන් ඉසිගිලි පර්වත යයි හැඳින්වූ බව ද සඳහන්ය.
(සංස්කරණය: 1965)