"ආදීනවඥානය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ආදීනවඥානය හෙවත් ආදීනවානුපස්සනාව වනාහි පටිපද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:22, 4 නොවැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

ආදීනවඥානය හෙවත් ආදීනවානුපස්සනාව වනාහි පටිපදාඤාණදස්සන නම් විසුද්ධියට අයත් ඤාණ විශේෂයෙකි. විදර්ශනාව වඩන්නහුගේ විදර්ශනාව මේරෙන්නට ඤාණ නවයක් අදාළ වේ. එයින් හතරවැන්න ආදීනවානුපස්සනා ඤාණය වේ. විදසුන් වඩන්නා සියලු සංස්කාර ඇතිවන නැතිවන හැටි විමසත් ම බිඳෙන හැටි වටහා ගනුත් ම හැම සංස්කාරයන්ගේ භයානකභාවය වටහා ගනුත් ම සංස්කාර ඇතිවීම් නැතිවීම් පැවතීම් ආදියෙහි ආදීනවය දුක හිරිහැරය ඔහුට වැටහෙයි. ඒ ආදීනවානුපස්සනාඤාණය නමි. මෙයින් වන්නේ සසර ඇල්ම පංචස්කන්ධාදිය සුභ සුඛ වශයෙන් ගැන්ම ලිහිල් වීමයි. එවිට ඔහුට ත්‍රිභවය ම එපා වේ. (විසුද්ධිමාර්ගයෙහි පටිපදාඤාණදස්සන විසුද්ධිය බලනු.)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආදීනවඥානය&oldid=6471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි