"ආනන්දාදියෝග" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඒ ඒ දින සමඟ යෙදෙන නැකත්වලට අනුව උදාවන යෝග පඞ්ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:16, 5 නොවැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
ඒ ඒ දින සමඟ යෙදෙන නැකත්වලට අනුව උදාවන යෝග පඞ්ක්තියකට මේ නම ව්‍යවහාර වේ. සතියේ ප්‍රථම දිනය වශයෙන් සැලකෙන ඉරුදිනය නැකත් සත්විස්සෙන් පළමුවැන්න වූ අස්විදයත් සමඟ යෙදුණු විට ආනන්දයෝගය නමින් හඳුන්වනු ලැබේ. එය ම මුල්කර ගැනීමෙන් මේ යෝග ආනන්දාදියෝග යන නමින් හැඳින්වේ. මෙපරිද්දෙන් ඉරුදිනයෙහි අනිකුත් නැකත් යෙදුණු කල ඇතිවන යෝග ද සඳුදින ආදි අනිකුත් දවස්වල ඒ ඒ නැකත් යෙදීමෙන් ඇතිවන යෝග ද සංඛ්‍යා වශයෙන් 189කි. ඒ ඒ යෝගයන්ගේ නම් හා ඒවා යෙදෙන පරිදි ද ශුභාශුභ ද නාරදසංහිතාදි ග්‍රන්ථවල දැක්වේ.
(සංස්කරණය: 1965)