"ටසොක් සලබයා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Tussock moth). ලයිමන්ට්‍රයිය (Lymnatriidae) කුලයට අයත් මෙම සලබය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:55, 2 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

(Tussock moth). ලයිමන්ට්‍රයිය (Lymnatriidae) කුලයට අයත් මෙම සලබයාගේ කීට (Larvae) අවධිය දළඹුවෙකි. මොහුගේ විශේෂත්වය, දේහයේ තැනින්තැන ගොඩැලි ආකාරයෙන් විහිදුණු කේශර මිටි පිහිටීමයි. මෙම දේහ විලාසය, තෘණ භූමියක ටසොක් ගහනයකට සමාන නිසා මොවුන්ට මෙ නම භාවිත කෙරේ. මොවුන්ගේ කේෂර කෙරෙන් නිකුත් වන විෂ රසායනික ද්‍රව්‍ය සත්ත්ව දේහයක තැවරුණහොත් එම ප්‍රදේශ බරපතළ ආසාදන තත්ත්වයන්ට පත්විය හැකි ය. මෙම දළඹුවෝ කුඩා පඳුරු සහිත ස්ථානවල ශාක කොටස් ආහාරයට ගනිමින් ජීවත් වෙති. ශ්‍රී ලංකාවේ පිනි පණුවන් යැයි පොදු වහරේ හැඳින්වෙන මෙම විශේෂ ටසොක් සලබයාට උදාහරණයි.

(කර්තෘ: කේ.ඒ.ජේ.එම්. කුරුප්පුආරච්චි)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටසොක්_සලබයා&oldid=6529" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි