"ආල්බානෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මධ්‍යම ඉතාලියේ ලේෂියම් (වත්මන් ලාට්සියෝ) කෝරළ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:00, 4 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

මධ්‍යම ඉතාලියේ ලේෂියම් (වත්මන් ලාට්සියෝ) කෝරළයේ මළ යමහල් මුඛයක පිහිටි විලකි. මෙය අඩි 560 ගැඹුරුය. ඉවුරු ජල මට්ටමේ සිට අඩි 400ක් උසය. කෝරළයේ පැරණිතම නගරය වූ ආල්බා ලොංගා පිහිටියේ මෙහි බටහිර ඉවුරේය. පැරණි ඇපියන් මහාමාර්ගය ද මේ විලට නුදුරින් වැටී තිබිණි. රෝම සමයෙහි දී මෙන් ම දැනුදු ආල්බානෝ විල් ප්‍රදේශය ජනප්‍රිය සුඛස්ථානයකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආල්බානෝ&oldid=6584" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි