"ජිරොන්ඩිස්ට්වරු (Girondists)" හි සංශෝධන අතර වෙනස්කම්
('ජිරොන්ඩිස්ට්වරු (Girondists) ප්රංස විප්ලව සමයේ එක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
|||
12 පේළිය: | 12 පේළිය: | ||
අජන්තා සී. දයාරත්න | අජන්තා සී. දයාරත්න | ||
+ | |||
+ | |||
+ | <!--Categories--> | ||
+ | <!--Interwiki--> | ||
+ | [[ප්‍රවර්ගය: ජ-ජෞ]] |
17:45, 30 අගෝස්තු 2017 තෙක් සංශෝධනය
ජිරොන්ඩිස්ට්වරු (Girondists) ප්රංස විප්ලව සමයේ එක් කාල සීමාවක් තුළ දී ප්රංස ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බලය දැරූ දේශපාලන කණ්ඩායමකි. මුල් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන් ජිරොන්ඞ් ප්‍රදේශයෙන් තේරීපත් නියෝජිතයන් වූ බැවින් පසුව මෙනමින් නම් කරනු ලැබුව ද සමකාලීනයෝ මෙම කණ්ඩායම්හි නායකත්වය දැරූ ජාක් බි්රසෝ (Jacques Brizost), රෝලෑං මැතිනිය (Madame Roland) ආදීන් අනුව බි්රසෝටින්ස් (Brizos-tin) රොලැංඩියන්ස් (Rolandians) ආදි නම්වලින් හඳුන්වනු ලැබූහ.
ජිරොන්ඩිස්ට්වරුන් යැයි හැඳින්වූ බොහෝ අය මධ්‍යම පංතියට අයත්, ධන හා නැණ බලයෙන් හෙබි මධ්‍යස්ථ මත දැරූ අය වූහ. ඔවුනතර ලේඛකයන්, නීතිඥයන් හා වෙළෙන්දෝ ද වූහ. විප්ලව ගැන උනන්දුවක් දැක් වූ මොවුනට රුචි වූයේ ප්‍රංසයේ රාජාණ්ඩුව අහෝසි කර ෆෙඩරල් සමූහාණ්ඩු ක්‍රමයක් වැනි පාලනයක් ක්‍රියාත්මක කිරීමයි. ජිරොන්ඩිස්ට්වරු සංවිධානාත්මක පක්ෂයක් නොව මිත්‍රත්වය හා පොදු ආකල්ප නමැති බැමිවලින් බැඳුණු පුද්ගල කණ්ඩායමක් වූහ.
1791 ඔක්තෝබරයේ සිට 1792 සැප්තැම්බර් දක්වා ප්රංස ව්‍යවස්ථාදායකයේ බලය දැරූ රැඩිකල්වාදියෝ ජිරොන්ඩිස්ට්වරු ය. රාජ්‍ය සභාව විවේචනය කිරීම, රටින් පිටවූ විප්ලව විරෝධීන් මැඬලීම ආදියට අනුබල දෙමින් ප්රංස විප්ලවය මගින් ඇති කරන ලද වෙනස්කම් නිසා ප්රතිවිප්ලවයක් සිදුවීම වළකා ආරක්ෂා කර ගැනීමට වෙහෙසුණ ද දේශපාලන ආයතන සිය ධනය හා තත්ත්වයට අහිතකර අයුරින් අන්තවාදී මුහුණුවරක් ගැනීම ඔවුහු අනුමත නොකළහ.
1792 දී XVI වන ලූවී රජුගේ රාජ සභාවේ මුදල් හා අභ්‍යන්තර කටයුතු භාර ඇමති පදවි දැරුවෝ ද ජිරොන්ඩිස්ට්වරු ය. විප්ලවයේ අරමුණු යටතේ ජනතාව එක්සත් කරනු වස් විදේශීය යුද්ධයකට මැදිහත්වීමට ඔවුන් තුළ වූ අපේක්ෂාව මුදුන් පමුණුවමින් 1792 දී ප්රංස -ඔස්ටි්රයන් යුද්ධය ප්‍රකාශයට පත් විය. සහෝදර ජාතීන්ට නිදහස ලබා දීමේ අභිප්‍රාය නිසා ප්රංසය තුළ ඔවුන් ජනාදරයට පත් වුව ද යුද්ධය නියම අයුරින් මෙහෙයවීමට අසමත් වී එම අරමුණු ව්‍යර්ථ වීමෙන් ජාතික මතය දෙදරා ගොස් විප්ලවයේ නව පරිච්ඡේදයක් ඇරඹුණි. 1792 දී ට්විලරීස් (Tvuleries) මාලිගයට පහරදීම රාජාණ්ඩුවේ මෙන් ම ජිරොන්ඩිස්ට්වරුන්ගේ ද බලයේ බිඳ වැටීමක් වූයේ ඉනික්බිති ජැකොබින්වරුන් වැනි අන්තවාදී වාමාංශික නියෝජිතයන් විප්ලවය මෙහෙයවන්නන් බවට පත් වූ හෙයිනි. ජිරොන්ඩිස්ට්වරුන් හා සම්බන්ධ වූ පැරිස්හි හා පිට පළාත්වල ව්‍යාපාරිකයන් හා පළාත් පරිපාලන නිලධාරීන් අභිභවා අන්තවාදී පැරිස් ශ්‍රමිකයෝ හා කර්මාන්ත ශිල්පීහූ පෙරට ආහ. ආර්ථික කටයුතු කෙරෙහි රජය මැදිහත් නොවීම, අගනුවර මධ්‍යගත වූ බලය විමධ්‍යගත කිරීම වැනි මධ්‍යස්ථ ජිරොන්ඩිස්ට් ප්‍රතිපත්ති හෙළා දුටු ප්‍රතිවාදියෝ ජිරොන්ඩිස්ට්වරුන් නව සමූහාණ්ඩුවේ එක්සත්කම බිඳලීමට තැත් දරන මධ්‍යම පාංතික (Bourgeois) කොට්ඨාසයක් සේ හැඳින්වූහ. රජුගේ ජීවිතය බේරා ගැනීමට තැත් කළ ජිරොන්ඩිස්ට්වරු නව නියෝජිත සභාවේ රාජ්‍ය පාක්ෂික කණ්ඩායම ලෙස හඳුන්වන ලදහ.
විප්ලවය සුරැකීමට අවශ්‍ය හදිසි පියවර නොගැනීම හා පැරිස් ශ්‍රමිකයන් ඉදිරිපත් කළ ආර්ථික ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම මොවුන් බලයෙන් පහවීමට තුඩුදුන් ආසන්න හේතු සේ සැලකේ. පොදු ජන ව්‍යාපාරවලට බිය වීම, සිය අදහස් ජනයාට අවබෝධ කරලීමට අසමත්වීම, පොදු දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම හා විදේශීය යුද්ධ මුල් කරගත් විදේශ ප්‍රතිපත්ති නිසා යුරෝපා රටවල් ප්‍රංසයට විරුද්ධ වීම ඔවුන්ගේ අවාසියට හේතු වූ අන් කරුණු ය.
ඔවුන්ට විරුද්ධ ව පැරිස්හි ඇති වූ කැරැල්ලේ දී නියෝජිත සභාව වැටලූ කැරලිකරුවෝ (1793) ජිරොන්ඩිස්ට් නියෝජිතයන් 29 දෙනකු අත් අඩංගුවට ගත්හ. පලාගිය ජිරොන්ඩිස්ට් නියෝජිතයන් නව පාලකයන්ට විරුද්ධ ව නැගී සිටිය ද ජන සහයෝගය නොලද්දෙන් එම ප්රයත්නය අසාර්ථක විය. පාලන බලය හිමිකරගත් වාමාංශික කොටස් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජිරොන්ඩිස්ට් නායකයෝ මරා දමන ලදහ. සමහරු සිය දිවි නසා ගත්හ. අන්තවාදීන්ට විරුද්ධ ව ඇති වූ ටර්මිඩෝරියන් විප්ලවයෙන් පසුව රටින් පැන ගොස් සිටි සමහර ජිරොන්ඩිස්ට්වරු යළි විත් නියෝජිත සභාවේ නිලතල හිමිකර ගත්හ.
අජන්තා සී. දයාරත්න