"ටාටර්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ටාටර් ක්‍රීම්) (Tatar). මිදිවල අන්තර්ගත වූ ළා හෝ තද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

16:05, 13 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

(ටාටර් ක්‍රීම්) (Tatar). මිදිවල අන්තර්ගත වූ ළා හෝ තද දුඹුරු-රතු පැහැයෙන් යුත් යුෂ ද වයින් පීප්පවල යීස්ට් හෝ වෙනත් අවලම්බිත ද්‍රව්‍ය සමග තැන්පත් වන ළා හෝ තද දුඹුරු-රතු පැහැති අවසාදිතය හෝ කබල මෙනමින් හැඳින්වේ. මෙය ටාටරික් අම්ලයේ පොටෑසියම් ලවණය වූ අශුද්ධ පොටෑසියම් බයිටාටරේටය වේ.

බේකරි කර්මාන්තයේ දී පාන්, කේක් වැනි දේ පිපීමට ගන්නා ද්‍රව්‍යයක් ලෙස ටාටර් ප්‍රයෝජනයට ගැනේ.

දත්වල කබොලක් ලෙස තැන්පත් වන ස්කන්ධය ද ටාටර් නමින් හැඳින්වේ. එහි ඛේටමය ශ්ලේශ්මල (salivary inheus), ආහාර අවශේෂ හා කැල්සියම් පොස්පේට් අන්තර්ගත ව ඇත. එමගින් විදුරුමස් මත යාන්ත්‍රික ඝර්ෂණය ඇතිවීමෙන් පයිරියාව (pyorrhea) දත්මුල් දියවීයාම නමැති රෝගය ඇති කරයි.

(කර්තෘ: ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වලිසිංහ)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටාටර්&oldid=6619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි