"ආර්ද" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('දකුණු ඇමෙරිකාවේ ඉන්දියානු ගෝත්‍ර කීපයක් එක්ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:29, 27 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
දකුණු ඇමෙරිකාවේ ඉන්දියානු ගෝත්‍ර කීපයක් එක්කොට මෙනමින් හඳුන්වනු ලැබේ. මෙම ගෝත්‍රික ජනයා ඊශානදිග පීරුහි ඊක්විටෝස් ප්‍රදේශයට බටහිරින් ද මසාන් හා නැනේ යන ගංගාවල ඉහළ ප්‍රදේශවල ද පහළ නපෝ ගංගාවෙහි අතු අසල ප්‍රදේශවල ද විසූහ. ආර්දවරු මෙම ගෝත්‍රිකයන් අතුරෙන් ප්‍රධාන ගෝත්‍රිකයෝයි. ඔවුන්ගේ සංස්කෘතිය අතිශයින් අසංකීර්ණ එකකි. දැනට නෂ්ටප්‍රාය වූ ඔවුන්ගේ භාෂාව වෙන කිසි ම භාෂාවකට සම්බන්ධ නැතැයි කියත්. ඔවුන් ගැන අප දන්නා තොරතුරු ඉතාමත් අල්පය.
(සංස්කරණය: 1965)