"ආර්දබීල්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සුළු (Senasinghe විසින් ආර්ද බීල් සිට ආර්දබීල් වෙත පිටුව ගෙන යන ලදී)
 
1 පේළිය: 1 පේළිය:
වයඹ දිග අයිරානයේ අසර්බෛජාන් පළාතේ පැරණි නගරයකි. උත්තර අක්ෂාංශ 38° 20′ හා නැගෙනහිර දේශාංශ 48° 21′ ආශ්‍රිතව, අඩි 5000ක් පමණ උස් සානුවක කඳුවලින් වටව මෙය පිහිටියේය.
+
වයඹ දිග අයිරානයේ අසර්බෛජාන් පළාතේ පැරණි නගරයකි. උත්තර අක්ෂාංශ 38° 20′ හා නැගෙනහිර දේශාංශ 48° 21′ ආශ්‍රිතව, අඩි 5,000ක් පමණ උස් සානුවක කඳුවලින් වටව මෙය පිහිටියේය.
පස් වැනි සියවස පමණේ දී ඉදි කරනු ලැබූ ආර්දබීල් ක්‍රි.ව. 700 සිට ක්‍රි.ව. 1100 දක්වා පර්සියානු අසර්බෛජානයේ අගනුවර විය. සුප්‍රසිද්ධ සාෆාවිද් රජ පෙළපතෙහි මව්බිම ආර්දබීල් ය. මුළු අයිරානය ම එක්සේසත් කළ ඒ රාජවංශයෙහි පළමුවැනි ඉස්මායිල් ෂා රජුගේ සොහොන් කොත ද ආර්දබීල්හි ඇත. පැරණි පර්සියානු ශිෂ්ටාචාර යෙහි සලකුණු වූ කලාත්මක දේව මන්දිර සොහොන් කොත් ආදි ගොඩනැගිලි රාශියක් ආර්දබීල්හි තිබේ. 14 වැනි ශත වර්ෂයේ දී පමණ ඉදි කරනු ලැබූ යැදුම් හලක් වූ ජාමේ මන්දිරය ඉන් එකකි.
+
 
 +
පස් වැනි සියවස පමණේ දී ඉදි කරනු ලැබූ ආර්දබීල් ක්‍රි.ව. 700 සිට ක්‍රි.ව. 1100 දක්වා පර්සියානු අසර්බෛජානයේ අගනුවර විය. සුප්‍රසිද්ධ සාෆාවිද් රජ පෙළපතෙහි මව්බිම ආර්දබීල් ය. මුළු අයිරානය ම එක්සේසත් කළ ඒ රාජවංශයෙහි පළමුවැනි ඉස්මායිල් ෂා රජුගේ සොහොන් කොත ද ආර්දබීල්හි ඇත. පැරණි පර්සියානු ශිෂ්ටාචාරයෙහි සලකුණු වූ කලාත්මක දේව මන්දිර සොහොන් කොත් ආදි ගොඩනැගිලි රාශියක් ආර්දබීල්හි තිබේ. 14 වැනි ශත වර්ෂයේ දී පමණ ඉදි කරනු ලැබූ යැදුම් හලක් වූ ජාමේ මන්දිරය ඉන් එකකි.
  
බුමුතුරුණු විවීම හා කුඹල් කර්මාන්තය පුරාණයේ පටන් ම ආර්දබීල්හි දියුණු වූ කර්මාන්තයෝය. දැනට ලන්ඩන් නුවර වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති ආර්දබීල් බුමුතුරුණ ලබා ගන්නා ලද්දේ ආර්දබීල්හි දේව මන්දිරයකිනි. මෙම ආර්දබීල් බුමුතුරුණ මෙන් ම ෂේක් සෆීගේ සොහොන් කොත වසා තිබුණු බුමුතුරුණ ද එම විවීම් කලාවෙහි ඉතා ම අනගි කෘති ලෙස පිළිගනු ලැබේ.
 
මැද පෙරදිග හරහා තවලම් මාර්ග දියුණුව පැවැති කාලයේ ආර්දබීල් වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් විය. දැනුදු සෝවියට් දේශය හා අයිරානය අතර පවත්නා ප්‍රාදේශීය වෙළහෙළඳාම් සම්බන්ධයෙන් ආර්දබීල් වැදගත් වෙළඳ නගරයකි.
+
මැද පෙරදිග හරහා තවලම් මාර්ග දියුණුව පැවැති කාලයේ ආර්දබීල් වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. දැනුදු සෝවියට් දේශය හා අයිරානය අතර පවත්නා ප්‍රාදේශීය වෙළෙහෙළඳාම් සම්බන්ධයෙන් ආර්දබීල් වැදගත් වෙළෙඳ නගරයකි.
  
මෙහි ජනගහනය (1956) 65,750 ක.
+
මෙහි ජනගහනය (1956) 65,750කි.
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

14:37, 30 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

වයඹ දිග අයිරානයේ අසර්බෛජාන් පළාතේ පැරණි නගරයකි. උත්තර අක්ෂාංශ 38° 20′ හා නැගෙනහිර දේශාංශ 48° 21′ ආශ්‍රිතව, අඩි 5,000ක් පමණ උස් සානුවක කඳුවලින් වටව මෙය පිහිටියේය.

පස් වැනි සියවස පමණේ දී ඉදි කරනු ලැබූ ආර්දබීල් ක්‍රි.ව. 700 සිට ක්‍රි.ව. 1100 දක්වා පර්සියානු අසර්බෛජානයේ අගනුවර විය. සුප්‍රසිද්ධ සාෆාවිද් රජ පෙළපතෙහි මව්බිම ආර්දබීල් ය. මුළු අයිරානය ම එක්සේසත් කළ ඒ රාජවංශයෙහි පළමුවැනි ඉස්මායිල් ෂා රජුගේ සොහොන් කොත ද ආර්දබීල්හි ඇත. පැරණි පර්සියානු ශිෂ්ටාචාරයෙහි සලකුණු වූ කලාත්මක දේව මන්දිර සොහොන් කොත් ආදි ගොඩනැගිලි රාශියක් ආර්දබීල්හි තිබේ. 14 වැනි ශත වර්ෂයේ දී පමණ ඉදි කරනු ලැබූ යැදුම් හලක් වූ ජාමේ මන්දිරය ඉන් එකකි.

බුමුතුරුණු විවීම හා කුඹල් කර්මාන්තය පුරාණයේ පටන් ම ආර්දබීල්හි දියුණු වූ කර්මාන්තයෝය. දැනට ලන්ඩන් නුවර වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති ආර්දබීල් බුමුතුරුණ ලබා ගන්නා ලද්දේ ආර්දබීල්හි දේව මන්දිරයකිනි. මෙම ආර්දබීල් බුමුතුරුණ මෙන් ම ෂේක් සෆීගේ සොහොන් කොත වසා තිබුණු බුමුතුරුණ ද එම විවීම් කලාවෙහි ඉතා ම අනගි කෘති ලෙස පිළිගනු ලැබේ.

මැද පෙරදිග හරහා තවලම් මාර්ග දියුණුව පැවැති කාලයේ ආර්දබීල් වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. දැනුදු සෝවියට් දේශය හා අයිරානය අතර පවත්නා ප්‍රාදේශීය වෙළෙහෙළඳාම් සම්බන්ධයෙන් ආර්දබීල් වැදගත් වෙළෙඳ නගරයකි.

මෙහි ජනගහනය (1956) 65,750කි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්දබීල්&oldid=6769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි