"ආලංගා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඉපොමෙයා අල්බා—Ipomoea alba). මෙය කොන්වොල්වුලාසේ (බ.)...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (ඉපොමෙයා අල්බා—Ipomoea alba). මෙය [[කොන්වොල්වුලාසේ]] (බ.) හෙවත් ගිරිතිල්ල කුලයට අයත් බහුවාර්ෂික වල්ලි ශාකයකි. කොළය අඟල් 4 සිට 7 දක්වා දිගය. කොළ නටුව ද එපමණ දිගය. ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය පුෂ්ප හටගන්නා සමයයි. ආලංගා මල සුදුපාටය. තරමක් ලොකුය. නටු මාංසලය. සිලින්ඩරාකාර මුකුට නළය අඟල් | + | (ඉපොමෙයා අල්බා—Ipomoea alba). මෙය [[කොන්වොල්වුලාසේ]] (බ.) හෙවත් ගිරිතිල්ල කුලයට අයත් බහුවාර්ෂික වල්ලි ශාකයකි. කොළය අඟල් 4 සිට 7 දක්වා දිගය. කොළ නටුව ද එපමණ දිගය. ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය පුෂ්ප හටගන්නා සමයයි. ආලංගා මල සුදුපාටය. තරමක් ලොකුය. නටු මාංසලය. සිලින්ඩරාකාර මුකුට නළය අඟල් 3ක් පමණ දිගය. මේ මල් සන්ධ්‍යා කාලයෙහි පිපී පසුදින උදේ පරවෙයි. අඟලක් පමණ දිග ආයත ඵලය ස්ඵෝටිකාවකි. ඇට සිනිඳුය. |
ලංකාවේ පාතරට ප්‍රදේශවල ආලංගා හොඳින් වැඩේ. මේවායේ මාංසල මල්නටු එළවළුවක් ලෙස පාවිච්චි කරනු ලැබේ. බොහෝ නිවර්තන ප්‍රදේශයන්හි මේ ශාකය දක්නට ඇතත් ඇමෙරිකාව එහි ජන්මභූමිය විය හැකිය. | ලංකාවේ පාතරට ප්‍රදේශවල ආලංගා හොඳින් වැඩේ. මේවායේ මාංසල මල්නටු එළවළුවක් ලෙස පාවිච්චි කරනු ලැබේ. බොහෝ නිවර්තන ප්‍රදේශයන්හි මේ ශාකය දක්නට ඇතත් ඇමෙරිකාව එහි ජන්මභූමිය විය හැකිය. | ||
== ආයුර්වේද මතය == | == ආයුර්වේද මතය == | ||
− | ආලංගා සකු බසින් අංකෝට, නිකෝචක යන නම්වලින් හා දෙමළෙන් ආලංගි නමින් ද හැඳින්වේ. ආලංගා මධුර රසයෙන් හා ගීතල ගුණයෙන් ද යුක්තය. කෘමි රෝග, වාත උපද්‍රව, සර්ප විෂ, පිස්සු බලු විෂ ආදිය නසයි. සාමාන්‍යයෙන් සියලු ම විෂ දුරු කිරීමට උපකාරී වේ. එය චර්ම රෝග නසන ඖෂධයක් ද වන්නේය. | + | ආලංගා සකු බසින් අංකෝට, නිකෝචක යන නම්වලින් හා දෙමළෙන් ආලංගි නමින් ද හැඳින්වේ. ආලංගා මධුර රසයෙන් හා ගීතල ගුණයෙන් ද යුක්තය. කෘමි රෝග, වාත උපද්‍රව, සර්ප විෂ, පිස්සු බලු විෂ ආදිය නසයි. සාමාන්‍යයෙන් සියලු ම විෂ දුරු කිරීමට ද උපකාරී වේ. එය චර්ම රෝග නසන ඖෂධයක් ද වන්නේය. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
11:32, 31 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
(ඉපොමෙයා අල්බා—Ipomoea alba). මෙය කොන්වොල්වුලාසේ (බ.) හෙවත් ගිරිතිල්ල කුලයට අයත් බහුවාර්ෂික වල්ලි ශාකයකි. කොළය අඟල් 4 සිට 7 දක්වා දිගය. කොළ නටුව ද එපමණ දිගය. ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය පුෂ්ප හටගන්නා සමයයි. ආලංගා මල සුදුපාටය. තරමක් ලොකුය. නටු මාංසලය. සිලින්ඩරාකාර මුකුට නළය අඟල් 3ක් පමණ දිගය. මේ මල් සන්ධ්‍යා කාලයෙහි පිපී පසුදින උදේ පරවෙයි. අඟලක් පමණ දිග ආයත ඵලය ස්ඵෝටිකාවකි. ඇට සිනිඳුය.
ලංකාවේ පාතරට ප්‍රදේශවල ආලංගා හොඳින් වැඩේ. මේවායේ මාංසල මල්නටු එළවළුවක් ලෙස පාවිච්චි කරනු ලැබේ. බොහෝ නිවර්තන ප්‍රදේශයන්හි මේ ශාකය දක්නට ඇතත් ඇමෙරිකාව එහි ජන්මභූමිය විය හැකිය.
ආයුර්වේද මතය
ආලංගා සකු බසින් අංකෝට, නිකෝචක යන නම්වලින් හා දෙමළෙන් ආලංගි නමින් ද හැඳින්වේ. ආලංගා මධුර රසයෙන් හා ගීතල ගුණයෙන් ද යුක්තය. කෘමි රෝග, වාත උපද්‍රව, සර්ප විෂ, පිස්සු බලු විෂ ආදිය නසයි. සාමාන්‍යයෙන් සියලු ම විෂ දුරු කිරීමට ද උපකාරී වේ. එය චර්ම රෝග නසන ඖෂධයක් ද වන්නේය.
(සංස්කරණය: 1965)