"ආලම්බන" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(පා. ආරම්මණ) අරූපධර්මයක් වූ සිත දුබල පුරුෂයකු ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
(පා. ආරම්මණ) අරූපධර්මයක් වූ සිත දුබල පුරුෂයකු වැන්න. දුබලයකුට නම් සැරයටි ආදි කිසිවක එල්බ ගෙන මිස නොඑල්බ නොසිටිය හැකිය. එසේ ම, සිතට ද යම්කිසි අරමුණක එල්බ මිස නොඑල්බ සිටිය නොහැකිය. සිත් විසින් එල්බ ගනු ලබන රූපාදි ධර්මයන්ට ආලම්බන (ආරම්මණ) යයි කියනු ලැබේ. | (පා. ආරම්මණ) අරූපධර්මයක් වූ සිත දුබල පුරුෂයකු වැන්න. දුබලයකුට නම් සැරයටි ආදි කිසිවක එල්බ ගෙන මිස නොඑල්බ නොසිටිය හැකිය. එසේ ම, සිතට ද යම්කිසි අරමුණක එල්බ මිස නොඑල්බ සිටිය නොහැකිය. සිත් විසින් එල්බ ගනු ලබන රූපාදි ධර්මයන්ට ආලම්බන (ආරම්මණ) යයි කියනු ලැබේ. | ||
− | + | චක්ෂුර්ද්වාරාදියෙහි පවත්නා චිත්තයෝ ඒ ඒ විෂයයන්ගේ රමණය හෙවත් ඇල්ම කෙරෙත් යන අර්ථයෙන් ද ආලම්බන යයි කියනු ලැබෙත්. | |
ආලම්බන වනාහි රූපාලම්බන, ශබ්දාලම්බන ගන්ධාලම්බන, රසාලම්බන, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන, ධර්‍මාලම්බන යයි සවැදෑරුම් වේ. | ආලම්බන වනාහි රූපාලම්බන, ශබ්දාලම්බන ගන්ධාලම්බන, රසාලම්බන, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන, ධර්‍මාලම්බන යයි සවැදෑරුම් වේ. | ||
− | 1. මෙහි රූප නම් : අටවිසි රූපයන් අතුරෙන් විෂය රූපයනට ඇතුළත් වර්ණායතනය හෙවත් පැහැයයි. රූපය ම ආලම්බන වූයේ රූපාලම්බනයි. එය චක්ෂුර්ද්වාරික (ඇස දොරටු කොට උපදනා) සිත්වලට අරමුණු වේ. එහිදු වර්තමාන රූපාලම්බනය හැර අතීත හෝ අනාගත රූපාලම්බනයෙක් චක්ෂුර්ද්වාරික සිත්වලට ගෝචර නොවේ. | + | 1. මෙහි රූප නම්: අටවිසි රූපයන් අතුරෙන් විෂය රූපයනට ඇතුළත් වර්ණායතනය හෙවත් පැහැයයි. රූපය ම ආලම්බන වූයේ රූපාලම්බනයි. එය චක්ෂුර්ද්වාරික (ඇස දොරටු කොට උපදනා) සිත්වලට අරමුණු වේ. එහිදු වර්තමාන රූපාලම්බනය හැර අතීත හෝ අනාගත රූපාලම්බනයෙක් චක්ෂුර්ද්වාරික සිත්වලට ගෝචර නොවේ. |
− | 2. ශබ්ද නම් : විෂය රූපයනට අයත්, කනට ගොදුරුවන දෙයයි. ශබ්දය ම ආලම්බන වූයේ ශබ්දාලම්බනයි. මේ අරමුණු | + | 2. ශබ්ද නම්: විෂය රූපයනට අයත්, කනට ගොදුරුවන දෙයයි. ශබ්දය ම ආලම්බන වූයේ ශබ්දාලම්බනයි. මේ අරමුණු ශ්‍රෝත්‍රද්වාරික සිත්වලට අයත්ය. මෙහි දු වර්තමාන ශබ්දාලම්බනය පමණෙකි අරමුණු වන්නේ. |
3. ගන්ධ නම්: විෂය රූපයනට අයත්, නැහැයට ගෝචර වන ගඳ සුවඳය. ගන්ධය ම ආලම්බන වූයේ ගන්ධාලම්බනයි. එය ඝ්‍රාණද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ අරමුණු වන්නේ වර්තමාන ගන්ධාලම්බනය පමණෙකි. | 3. ගන්ධ නම්: විෂය රූපයනට අයත්, නැහැයට ගෝචර වන ගඳ සුවඳය. ගන්ධය ම ආලම්බන වූයේ ගන්ධාලම්බනයි. එය ඝ්‍රාණද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ අරමුණු වන්නේ වර්තමාන ගන්ධාලම්බනය පමණෙකි. | ||
− | 4. රස නම්: දිවට ගෝචර වන ලුණු ඇඹුල් ආදි රසයයි. රස ම ආලම්බන වූයේ රසාලම්බනයි. එය ජිහ්වාද්වාරික සිත්වලට වශයෙන් ම අරමුණු වේ. | + | 4. රස නම්: දිවට ගෝචර වන ලුණු ඇඹුල් ආදි රසයයි. රස ම ආලම්බන වූයේ රසාලම්බනයි. එය ජිහ්වාද්වාරික සිත්වලට වාර්තමානික වශයෙන් ම අරමුණු වේ. |
− | 5. ස්ප්‍රෂ්ටව්‍ය නම්: විෂය රූපයනට අයත්, කයට ගොදුරුවන දෙයයි. ආපෝධාතුව ස්පර්ශ නොකළ හෙන බැවින් පඨවි, තෙජෝ, වායු යන භූතරූප තුන පමණක් මෙහි ඇතුළත් වේ. ඵොට්ඨබ්බය ම ආලම්බන වූයේ | + | 5. ස්ප්‍රෂ්ටව්‍ය නම්: විෂය රූපයනට අයත්, කයට ගොදුරුවන දෙයයි. ආපෝධාතුව ස්පර්ශ නොකළ හෙන බැවින් පඨවි, තෙජෝ, වායු යන භූතරූප තුන පමණක් මෙහි ඇතුළත් වේ. ඵොට්ඨබ්බය ම ආලම්බන වූයේ ඵොට්ඨබ්බාරම්මණයි. මෙය වනාහි කායද්වාරික සිත්වලට අරමුණු වේ. මෙහිදු වර්තමානය පමණෙකි අරමුණු වන්නේ. පෙර කී ලෙස ම අතීත අනාගත අරමුණු කායද්වාරික සිත්වලට ගොදුරු නොවේ. |
+ | |||
+ | 6. ධර්ම නම්: ප්‍රසාද රූපය, සූක්ෂ්ම රූපය, චිත්තය, චෛතසිකය, නිර්වාණය, ප්‍රඥප්තියයි දක්වන ලද සයාකාර ධර්මයි. මේ ධර්ම මැ ආලම්බන වූයේ ධර්මාලම්බනයි. | ||
− | |||
එහි ප්‍රසාද රූප නම් චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය යන භූතයන්ගේ ප්‍රසාද ලක්ෂණ වූ පඤ්චරූපයෝය. | එහි ප්‍රසාද රූප නම් චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය යන භූතයන්ගේ ප්‍රසාද ලක්ෂණ වූ පඤ්චරූපයෝය. | ||
− | සූක්ෂ්ම රූප නම් ආපෝධාතුය, ස්ත්‍රීභාවය, පුරුෂභාවය, හෘදයවස්තුය, | + | සූක්ෂ්ම රූප නම් ආපෝධාතුය, ස්ත්‍රීභාවය, පුරුෂභාවය, හෘදයවස්තුය, ජිහ්වේන්ද්‍රියය, ඕජාරූපය, පරිච්ඡේදරූපය, පඤ්ඤත්තිරූප දෙකය, ලහුතාදි විකාරරූප තුනය, උපචය ආදි ලක්ෂණ රූප සතරය යන මොහුය. |
− | චිත්ත නම් කාමාදී සිව් බිමට අයත් | + | චිත්ත නම් කාමාදී සිව් බිමට අයත් 89ක් හෝ 121ක් ප්‍රභේද වූ සිතීම ලක්ෂණ කොට ඇති අරූප ධර්ම සමූහයයි. |
චෛතසික නම් සිත හා එක්ව උපදනා ඵස්සාදි දෙපනස් ආකාර වූ චිත්තාංග ධර්මයෝය. | චෛතසික නම් සිත හා එක්ව උපදනා ඵස්සාදි දෙපනස් ආකාර වූ චිත්තාංග ධර්මයෝය. | ||
32 පේළිය: | 33 පේළිය: | ||
රූපාදි පචාරම්මණයෝ අතිමහන්ත, මහන්ත, පරිත්ත, අතිපරිත්තාදි වශයෙන් ප්‍රභේද වෙත්. | රූපාදි පචාරම්මණයෝ අතිමහන්ත, මහන්ත, පරිත්ත, අතිපරිත්තාදි වශයෙන් ප්‍රභේද වෙත්. | ||
− | ධර්මාලම්බනයෙහි අතිමහන්තාදි භේදයෙක් නැත. එහි විභූත, අවිභූත වශයෙන් භේද දෙකක් වෙයි. (අභිධර්මාර්ථ සංග්‍රහ-වීථිපාදය බලන්න.) | + | ධර්මාලම්බනයෙහි අතිමහන්තාදි භේදයෙක් නැත. එහි විභූත, අවිභූත වශයෙන් භේද දෙකක් වෙයි. ([[අභිධර්මාර්ථ සංග්‍රහ-වීථිපාදය]] බලන්න.) |
− | (කර්තෘ: [[කුරුප්පුමුල්ලේ | + | (කර්තෘ: [[කුරුප්පුමුල්ලේ චන්දවිමල හිමි]]) |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
12:19, 31 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
(පා. ආරම්මණ) අරූපධර්මයක් වූ සිත දුබල පුරුෂයකු වැන්න. දුබලයකුට නම් සැරයටි ආදි කිසිවක එල්බ ගෙන මිස නොඑල්බ නොසිටිය හැකිය. එසේ ම, සිතට ද යම්කිසි අරමුණක එල්බ මිස නොඑල්බ සිටිය නොහැකිය. සිත් විසින් එල්බ ගනු ලබන රූපාදි ධර්මයන්ට ආලම්බන (ආරම්මණ) යයි කියනු ලැබේ.
චක්ෂුර්ද්වාරාදියෙහි පවත්නා චිත්තයෝ ඒ ඒ විෂයයන්ගේ රමණය හෙවත් ඇල්ම කෙරෙත් යන අර්ථයෙන් ද ආලම්බන යයි කියනු ලැබෙත්.
ආලම්බන වනාහි රූපාලම්බන, ශබ්දාලම්බන ගන්ධාලම්බන, රසාලම්බන, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන, ධර්‍මාලම්බන යයි සවැදෑරුම් වේ.
1. මෙහි රූප නම්: අටවිසි රූපයන් අතුරෙන් විෂය රූපයනට ඇතුළත් වර්ණායතනය හෙවත් පැහැයයි. රූපය ම ආලම්බන වූයේ රූපාලම්බනයි. එය චක්ෂුර්ද්වාරික (ඇස දොරටු කොට උපදනා) සිත්වලට අරමුණු වේ. එහිදු වර්තමාන රූපාලම්බනය හැර අතීත හෝ අනාගත රූපාලම්බනයෙක් චක්ෂුර්ද්වාරික සිත්වලට ගෝචර නොවේ.
2. ශබ්ද නම්: විෂය රූපයනට අයත්, කනට ගොදුරුවන දෙයයි. ශබ්දය ම ආලම්බන වූයේ ශබ්දාලම්බනයි. මේ අරමුණු ශ්‍රෝත්‍රද්වාරික සිත්වලට අයත්ය. මෙහි දු වර්තමාන ශබ්දාලම්බනය පමණෙකි අරමුණු වන්නේ.
3. ගන්ධ නම්: විෂය රූපයනට අයත්, නැහැයට ගෝචර වන ගඳ සුවඳය. ගන්ධය ම ආලම්බන වූයේ ගන්ධාලම්බනයි. එය ඝ්‍රාණද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ අරමුණු වන්නේ වර්තමාන ගන්ධාලම්බනය පමණෙකි.
4. රස නම්: දිවට ගෝචර වන ලුණු ඇඹුල් ආදි රසයයි. රස ම ආලම්බන වූයේ රසාලම්බනයි. එය ජිහ්වාද්වාරික සිත්වලට වාර්තමානික වශයෙන් ම අරමුණු වේ.
5. ස්ප්‍රෂ්ටව්‍ය නම්: විෂය රූපයනට අයත්, කයට ගොදුරුවන දෙයයි. ආපෝධාතුව ස්පර්ශ නොකළ හෙන බැවින් පඨවි, තෙජෝ, වායු යන භූතරූප තුන පමණක් මෙහි ඇතුළත් වේ. ඵොට්ඨබ්බය ම ආලම්බන වූයේ ඵොට්ඨබ්බාරම්මණයි. මෙය වනාහි කායද්වාරික සිත්වලට අරමුණු වේ. මෙහිදු වර්තමානය පමණෙකි අරමුණු වන්නේ. පෙර කී ලෙස ම අතීත අනාගත අරමුණු කායද්වාරික සිත්වලට ගොදුරු නොවේ.
6. ධර්ම නම්: ප්‍රසාද රූපය, සූක්ෂ්ම රූපය, චිත්තය, චෛතසිකය, නිර්වාණය, ප්‍රඥප්තියයි දක්වන ලද සයාකාර ධර්මයි. මේ ධර්ම මැ ආලම්බන වූයේ ධර්මාලම්බනයි.
එහි ප්‍රසාද රූප නම් චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය යන භූතයන්ගේ ප්‍රසාද ලක්ෂණ වූ පඤ්චරූපයෝය.
සූක්ෂ්ම රූප නම් ආපෝධාතුය, ස්ත්‍රීභාවය, පුරුෂභාවය, හෘදයවස්තුය, ජිහ්වේන්ද්‍රියය, ඕජාරූපය, පරිච්ඡේදරූපය, පඤ්ඤත්තිරූප දෙකය, ලහුතාදි විකාරරූප තුනය, උපචය ආදි ලක්ෂණ රූප සතරය යන මොහුය.
චිත්ත නම් කාමාදී සිව් බිමට අයත් 89ක් හෝ 121ක් ප්‍රභේද වූ සිතීම ලක්ෂණ කොට ඇති අරූප ධර්ම සමූහයයි.
චෛතසික නම් සිත හා එක්ව උපදනා ඵස්සාදි දෙපනස් ආකාර වූ චිත්තාංග ධර්මයෝය.
නිර්වාණ නම් මාර්ග ඵලයනට අරමුණු වන අසංඛත ධාතුවයි.
ප්‍රඥප්ති නම් ඵස්ස, වේදනාදි පරමාර්ථ ව්‍යවහාරයයි. ලොකව්‍යවහාර වශයෙන් සම්මත කළ සංඥා නාමාදිය හා කසිණ නිමිත්ත ද ප්‍රඥප්ති නමි.
මනෝද්වාරික සිත්වලට අතීත, වර්තමාන, අනාගත වශයෙන් ප්‍රභේද වූ රූපාදි පඤ්චාලම්බන ද ප්‍රසාද රූපාදිය ද සුදුසු පරිදි අරමුණු වෙත්.
රූපාදි පචාරම්මණයෝ අතිමහන්ත, මහන්ත, පරිත්ත, අතිපරිත්තාදි වශයෙන් ප්‍රභේද වෙත්.
ධර්මාලම්බනයෙහි අතිමහන්තාදි භේදයෙක් නැත. එහි විභූත, අවිභූත වශයෙන් භේද දෙකක් වෙයි. (අභිධර්මාර්ථ සංග්‍රහ-වීථිපාදය බලන්න.)
(කර්තෘ: කුරුප්පුමුල්ලේ චන්දවිමල හිමි)
(සංස්කරණය: 1965)