"ආසන දෙව්මැදුර" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රිස්තියානි සභාවන්හි බිෂොප්වරයකු විසින් ය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | ක්‍රිස්තියානි සභාවන්හි බිෂොප්වරයකු විසින් යම් පෙදෙසක ආගමික පාලනය ගෙනයෑම සඳහා මධ්‍යස්ථානය වශයෙන් යොදා ගනු ලබන දේවස්ථානයයි. එතුමාගේ | + | ක්‍රිස්තියානි සභාවන්හි බිෂොප්වරයකු විසින් යම් පෙදෙසක ආගමික පාලනය ගෙනයෑම සඳහා මධ්‍යස්ථානය වශයෙන් යොදා ගනු ලබන දේවස්ථානයයි. එතුමාගේ 'ආසනය' පිහිටි දේවමන්දිරය වන හෙයින් එය 'ආසන දෙව්මැදුර' නම් වේ. මෙම දෙව්මැදුරු උසස් තැනක් උසුලනුයේ ගොඩනැඟිල්ලේ ලොකු කුඩා බව හෝ විසිතුරු බව හෝ නිසා නොව යට කී කරුණු නිසාය. |
| − | ආසන දෙව් මැදුරු තැනීම ආරම්භ වූයේ ප්‍රංසයෙහිය. පසුව යුරෝපයේ සෑම රටක ම වාගේ ආසන දෙව්මැදුරු | + | |
| − | + | ආසන දෙව් මැදුරු තැනීම ආරම්භ වූයේ ප්‍රංසයෙහිය. පසුව යුරෝපයේ සෑම රටක ම වාගේ ආසන දෙව්මැදුරු ඉදිකරවන ලදි. උසස් ම දෙව් මැදුරු තනනු ලැබූයේ දහතුන්වන සියවස පමණේ දීය. මෙම වකවානුවේ දී ඉදිකරන ලද ආසන දෙව්මැදුරු ගොතික් ගෘහනිර්මාණ ශිල්පය පිළිබිඹු කරවන විශිෂ්ට නිදසුන් වේ. ඉතා උස කුලුනුවලින් යුත් විශාල ආසන දෙව්මැදුරු බොහෝ විට නගරවල කැපී පෙනෙන ගොඩනැඟිලි විය. | |
| − | වර්තමාන ආසන දෙව්මැදුරු අතර ප්‍රංසයේ ආමියාං , ෂාර්ට්ර් , පැරිස් , රීම්ස් සහ ස්ට්‍රාස්බර්ග් ,එංගලන්තයේ කැන්ටබරි, ලින්කන් , වෙස්ට්මින්ස්ටර් ඇබේ , වින්චෙස්ටර් , සාන්ත පාවුලු සහ යෝක් , බැල්ජියමේ බ්‍රසල්ස් සහ ලුවේන්, ඉතාලියේ සාන්ත පේදුරු , ෆ්ලොරන්ස් , මිලාන් සහ පීසා , ස්පාඤ්ඤයේ සෙවිල් සහ තොලේදෝ ස්වීඩනයේ අප්සාලා යන | + | |
| − | කොටහේනේ සාන්ත | + | මුල දී ආසන දෙව්මැදුරක් සාමාන්‍ය වශයෙන් පිහිටුවනු ලැබූයේ නගරවල පමණි. එහෙත් ඇතැම් රටවල ගම්බද පෙදෙස්වල ද මෙම දේවස්ථාන පිහිටුවා තිබුණි. |
| + | |||
| + | වර්තමාන ආසන දෙව්මැදුරු අතර ප්‍රංසයේ ආමියාං, ෂාර්ට්ර්, පැරිස්, රීම්ස් සහ ස්ට්‍රාස්බර්ග්, එංගලන්තයේ කැන්ටබරි, ලින්කන්, වෙස්ට්මින්ස්ටර් ඇබේ, වින්චෙස්ටර්, සාන්ත පාවුලු සහ යෝක්, බැල්ජියමේ බ්‍රසල්ස් සහ ලුවේන්, ඉතාලියේ සාන්ත පේදුරු, ෆ්ලොරන්ස්, මිලාන් සහ පීසා, ස්පාඤ්ඤයේ සෙවිල් සහ තොලේදෝ ස්වීඩනයේ අප්සාලා යන නම්වලින් දන්නා දෙව් මැදුරු ප්‍රධාන වේ. | ||
| + | |||
| + | කොටහේනේ සාන්ත ලූෂියා ආසන දෙව් මැදුර ([[කොටහේනේ පල්ලිය]] බ.) මෙරට සුප්‍රකට කතෝලික දෙව්මැදුරකි. | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
12:53, 15 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
ක්‍රිස්තියානි සභාවන්හි බිෂොප්වරයකු විසින් යම් පෙදෙසක ආගමික පාලනය ගෙනයෑම සඳහා මධ්‍යස්ථානය වශයෙන් යොදා ගනු ලබන දේවස්ථානයයි. එතුමාගේ 'ආසනය' පිහිටි දේවමන්දිරය වන හෙයින් එය 'ආසන දෙව්මැදුර' නම් වේ. මෙම දෙව්මැදුරු උසස් තැනක් උසුලනුයේ ගොඩනැඟිල්ලේ ලොකු කුඩා බව හෝ විසිතුරු බව හෝ නිසා නොව යට කී කරුණු නිසාය.
ආසන දෙව් මැදුරු තැනීම ආරම්භ වූයේ ප්‍රංසයෙහිය. පසුව යුරෝපයේ සෑම රටක ම වාගේ ආසන දෙව්මැදුරු ඉදිකරවන ලදි. උසස් ම දෙව් මැදුරු තනනු ලැබූයේ දහතුන්වන සියවස පමණේ දීය. මෙම වකවානුවේ දී ඉදිකරන ලද ආසන දෙව්මැදුරු ගොතික් ගෘහනිර්මාණ ශිල්පය පිළිබිඹු කරවන විශිෂ්ට නිදසුන් වේ. ඉතා උස කුලුනුවලින් යුත් විශාල ආසන දෙව්මැදුරු බොහෝ විට නගරවල කැපී පෙනෙන ගොඩනැඟිලි විය.
මුල දී ආසන දෙව්මැදුරක් සාමාන්‍ය වශයෙන් පිහිටුවනු ලැබූයේ නගරවල පමණි. එහෙත් ඇතැම් රටවල ගම්බද පෙදෙස්වල ද මෙම දේවස්ථාන පිහිටුවා තිබුණි.
වර්තමාන ආසන දෙව්මැදුරු අතර ප්‍රංසයේ ආමියාං, ෂාර්ට්ර්, පැරිස්, රීම්ස් සහ ස්ට්‍රාස්බර්ග්, එංගලන්තයේ කැන්ටබරි, ලින්කන්, වෙස්ට්මින්ස්ටර් ඇබේ, වින්චෙස්ටර්, සාන්ත පාවුලු සහ යෝක්, බැල්ජියමේ බ්‍රසල්ස් සහ ලුවේන්, ඉතාලියේ සාන්ත පේදුරු, ෆ්ලොරන්ස්, මිලාන් සහ පීසා, ස්පාඤ්ඤයේ සෙවිල් සහ තොලේදෝ ස්වීඩනයේ අප්සාලා යන නම්වලින් දන්නා දෙව් මැදුරු ප්‍රධාන වේ.
කොටහේනේ සාන්ත ලූෂියා ආසන දෙව් මැදුර (කොටහේනේ පල්ලිය බ.) මෙරට සුප්‍රකට කතෝලික දෙව්මැදුරකි.
(සංස්කරණය: 1965)