"ආසාදනය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Infection). පටක තුළට ජීවීන් වැදී ව්‍යථවේදීය විපර්යා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Infection). පටක තුළට ජීවීන් වැදී ව්‍යථවේදීය විපර්යාසයන් ඇති කරනු ලැබූ විට ආසාදනය සිදුවේ යැයි කියනු ලැබේ. එහෙත් ජීවීන් ඇතුළු වූ | + | (Infection). පටක තුළට ජීවීන් වැදී ව්‍යථවේදීය විපර්යාසයන් ඇති කරනු ලැබූ විට ආසාදනය සිදුවේ යැයි කියනු ලැබේ. එහෙත් ජීවීන් ඇතුළු වූ තරමින් ම ආසාදනය සිදු නොවන බව ද සැලැකිය යුතුයි. කිසිදු පටක විපර්යාසයක් ඇති නොකොට අනික් ජීවීන් සමඟ සහජීවන (symbiotic) තත්ත්වයක ජීවත්වීමට එබඳු ජීවීන් සමත් වන බැවිනි. පටක තුළට ජීවීන් ඇතුළුවීමේ හේතුවෙන් ඇතිවන විපාක, එනම් ව්‍යථවේදීය විපර්යාස ඇති වේ ද නැද්ද යන්න, සාමාන්‍යයෙන් රඳා පවත්නේ ධාරකයාගේ ප්‍රතිශක්තිය හා ජීවීන්ගේ ප්‍රචණ්ඩතාව මතය. ධාරකයාගේ ප්‍රතිශක්තිය අධික වූ විට පටකයන්හි විපර්යාස ඇති නොවේ. එසේ ම අඩු ප්‍රචණ්ඩතාවෙන් යුත් ජීවීහු ධාරකයාගේ ආරක්ෂක උපක්‍රම මඟින් පහසුවෙන් ම ඉවත් කරනු ලැබෙත්. මෙසේ ජීවීන් බෝවීමට ඉඩක් නොලැබීම නිසා රිෂ්ටයක් (lesion) ඇති නොවේ. ජීවීන්ගේ ප්‍රචණ්ඩතාව උග්‍ර වූ කල ධාරකයාගේ ආරක්ෂක උපක්‍රම යටපත් වීම කරණකොටගෙන ව්‍යථවේදීය විපර්යාස හටගනී. |
| − | ආසාදනය කරන ජීවීන් ශරීරය තුළට පිවිසෙන්නේ ( 1 ) කෙළින් ම ස්පර්ශ වීම , (2) ආශ්වාස කරන වාතය හා (3) ආමාශගත වන ආහාරපාන මගිනි. එමඟින් ඒවා සමේ මතුපිටට හෝ ශ්ලේෂ්මල පටලයකට හෝ පැමිණ එතැන් සිට ගැඹුරු පටකවලට කාවදියි. ඇතැම්විට සම මගින් ජීවීන් සම්ප්‍රේෂණය වනුයේ සතකු (සාමාන්‍යයෙන් කෘමි සතකු) දෂ්ට කිරීමෙනි. මැලේරියා පරපෝෂිතයන් සම්ප්‍රේෂණය වීම හෝ බල්ලකු සපාකෑම නිසා ජලභීතිකා වයිරසය සම්ප්‍රේෂණය වීම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. සාමාන්‍යයෙන් හම සහ පෘෂ්ඨීය ශ්ලේෂ්මල පටලය ව්‍යථජනක ජීවීන්ට රැකවරණය සලසන බව සැලැකිය යුතුයි. එබඳු තන්හි දී ඇතිවන ඇතැම් ආරක්ෂක උපක්‍රමයන් මඟින් එම ජීවීහු ඉවත් කර හරිනු ලබත්. සමහර විට ධාරකයාගේ ප්‍රතිරෝධනය අඩු වීම හේතුකොටගෙන මේ උපක්‍රම අභිප්‍රේත කාර්යය ඉටු නොකරයි. එවිට ජීවීන් අභ්‍යන්තර පටක තුළට වැදීමෙන් ආසාදනය ඇති වීමට ඉඩ ඇත. | + | |
| − | ආසාදනය ඇතිවීමට ප්‍රබල හේතුවක් වනුයේ | + | ආසාදනය කරන ජීවීන් ශරීරය තුළට පිවිසෙන්නේ (1) කෙළින් ම ස්පර්ශ වීම, (2) ආශ්වාස කරන වාතය හා (3) ආමාශගත වන ආහාරපාන මගිනි. එමඟින් ඒවා සමේ මතුපිටට හෝ ශ්ලේෂ්මල පටලයකට හෝ පැමිණ එතැන් සිට ගැඹුරු පටකවලට කාවදියි. ඇතැම්විට සම මගින් ජීවීන් සම්ප්‍රේෂණය වනුයේ සතකු (සාමාන්‍යයෙන් කෘමි සතකු) දෂ්ට කිරීමෙනි. මැලේරියා පරපෝෂිතයන් සම්ප්‍රේෂණය වීම හෝ බල්ලකු සපාකෑම නිසා ජලභීතිකා වයිරසය සම්ප්‍රේෂණය වීම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. සාමාන්‍යයෙන් හම සහ පෘෂ්ඨීය ශ්ලේෂ්මල පටලය ව්‍යථජනක ජීවීන්ට රැකවරණය සලසන බව සැලැකිය යුතුයි. එබඳු තන්හි දී ඇතිවන ඇතැම් ආරක්ෂක උපක්‍රමයන් මඟින් එම ජීවීහු ඉවත් කර හරිනු ලබත්. සමහර විට ධාරකයාගේ ප්‍රතිරෝධනය අඩු වීම හේතුකොටගෙන මේ උපක්‍රම අභිප්‍රේත කාර්යය ඉටු නොකරයි. එවිට ජීවීන් අභ්‍යන්තර පටක තුළට වැදීමෙන් ආසාදනය ඇති වීමට ඉඩ ඇත. |
| − | + | ||
| − | මරණය ගෙන දෙන ඇතැම් භයානක සංකූල උපද්‍රවයන්ට පවා ආසාදනය තුඩු දෙයි. ඇතැම් විට ජීවීන් රුධිර සංසරණයට ඇතුළු වී රුධිර ධාරාව තුළ බෝවෙමින් පූතිරක්තතාව නමින් හැඳින්වෙන තත්වය උද්ගත කරයි. ඇතැම් විට සමෙහි ගෙඩියක් වැනි විස්ඵෝටයක් හෝ විද්‍රධියක් ( | + | ආසාදනය ඇතිවීමට ප්‍රබල හේතුවක් වනුයේ 'වාහකයෙකි' — එනම්, තමා කෙරෙහි ආසාදක ජීවීන් ඇති නමුත් තමා ආසාදනයට භාජන නොවී ඒවා අනුන් කරා ගෙන යන්නෙකි. |
| − | ජීවීන් ශරීරය ඇතුළත බෝවීමෙන් හා පැතිරීමෙන් හැර තවත් සැලැකිය යුතු ආකාරයකින් ද ආසාදනයෙහි විපාක දක්නට ලැබේ. එනම් ධූලකනිෂ්පාදනය කිරීමෙනි. සැබැවින් ම ආසාදනයේ සෑම ප්‍රධාන විපාකයක් ම ඇතිවනුයේ ධූලක ක්‍රියාකාරිත්වය නිසාය. මේවා ප්‍රත්‍යක්ෂ වනුයේ පටකයන්ගේ විපර්යාසයන්ගෙන් හා රෝග ලක්ෂණයන්ගෙනි. | + | |
| − | උණ ගැනීම ආසාදානය පිළිබඳ ප්‍රධාන රෝග ලක්ෂණයයි. ධූලකවල විපාක ස්නායු පද්ධතිය | + | ජීවීන් ඇතුළු වන ස්ථානයෙහි රිෂ්ටයක් ඇති වීමට ඉඩ ඇත. එහෙත් එය හැමවිට ම සිදු නොවේ. ජීවීන් බෝවීමට පටන් ගෙන තිබුණ ද ධාරකයාගේ ආරක්ෂක උපක්‍රමයන් කරණ කොට ගෙන උන් වහා විනාශ වී යා හැකි බැවිනි. එවැන්නක් සිදුවුවහොත් ස්ටැපිලොකොකුසීය ආසාදනවල දී ගෙඩියක හෝ විස්ඵෝටයක හැඩය ද උපදංශ ආසාදනවල දී මූලික ෂැන්කරයක හැඩය ද ගනී. ඇතැම් අවස්ථාවල දී ස්ථානීය රිෂ්ට හට නොගන්නා නමුත් ජීවියා ශීඝ්‍ර ලෙස පැතිරී යයි. රිකෙට්සියා ප්‍රොවසෙකි (Rickettsia prowazeki) නිසා ඇති වන ආසාදන නිදසුන් වශයෙන් දැක්විය හැකිය. |
| − | මෙහි විස්තර කරන ලද විවිධ සිද්ධීන් එනම් අණ්වීක්ෂීය ජීවීන් ශරීරය තුළට වැදීම, ඔවුන් තවදුරටත් ශරීරයේ ව්‍යාප්තවීම හා ධූලක නිපදවීම යන මේවා හැරුණු විට රුධිරයේ ප්‍රතිදේහයන් ඇතිවීමෙන් දැක්වෙන පරිදි ආසාදනයක් සිදුවී යන අතර | + | |
| − | ජී. එච්. කුරේ | + | මරණය ගෙන දෙන ඇතැම් භයානක සංකූල උපද්‍රවයන්ට පවා ආසාදනය තුඩු දෙයි. ඇතැම් විට ජීවීන් රුධිර සංසරණයට ඇතුළු වී රුධිර ධාරාව තුළ බෝවෙමින් පූතිරක්තතාව නමින් හැඳින්වෙන තත්වය උද්ගත කරයි. ඇතැම් විට සමෙහි ගෙඩියක් වැනි විස්ඵෝටයක් හෝ විද්‍රධියක් (Carbuncle) ඇති කරයි. මේ විස්ඵෝටයන්ගේ ජීවීන් අඩංගු සැරව රුධිර ධාරාව තුළට වැදී ශරීරයේ නොයෙක් තන්හි, විශේෂයෙන් ම ඝන අභ්‍යන්තර අන්තරංගයන්හි (viscera), විස්ඵෝට හට ගන්වන පූයරක්තතාව (pyaemia) නමැති රෝගය ඇති කරයි. තවත් ඇතිවිය හැකි, එතරම් අන්තරායකර නොවූ, සංකුල උපද්‍රවයක් නම් රුධිරයේ ජීවීන්, බෝවීමක් නොමැතිව ම පටක කෙරෙන් රුධිර ධාරාව තුළට වන් අති-ප්‍රවාහයක් වශයෙන් සිටීමයි. මේ තත්ත්වය බැක්ටීරිමියාව නමින් හැඳින්වේ. මෙම උපද්‍රවය ඇති වූ විට ස්ථානීය රිෂ්ට සුව වීමට කලින් පවා, ආසාදනය ඇතිවන අතරතුරේ දී ජීවීහු රුධිරයෙන් අතුරුදන් වෙත්. ආන්ත්‍රික (enteric) ආසාදන හා නියුමෝනියාව මීට හොඳ නිදසුන්ය. |
| + | |||
| + | ජීවීන් ශරීරය ඇතුළත බෝවීමෙන් හා පැතිරීමෙන් හැර තවත් සැලැකිය යුතු ආකාරයකින් ද ආසාදනයෙහි විපාක දක්නට ලැබේ. එනම් ධූලකනිෂ්පාදනය කිරීමෙනි. සැබැවින් ම ආසාදනයේ සෑම ප්‍රධාන විපාකයක් ම ඇතිවනුයේ ධූලක ක්‍රියාකාරිත්වය නිසාය. මේවා ප්‍රත්‍යක්ෂ වනුයේ පටකයන්ගේ විපර්යාසයන්ගෙන් හා රෝග ලක්ෂණයන්ගෙනි. බැක්ටීරියාවලින් උපදින ධූලක දෙවර්ගයකි. පළමු වැන්න බැක්ටීරියා දේහවලින් ව්‍යුත්පන්න වූ අන්තර්ධූලක බැක්ටීරියා පෘථක්කරණය වීමේ දී මිදී යේ. එහෙයින් රිෂ්ට ඇතිවිය හැක්කේ ජීවීන් ඇති වූ තන්හි පමණි. ටයිපොයිඩ් උණ මීට කදිම නිදසුනකි. දෙවැන්න වූකලි ජිවීන් මගින් නිෂ්පාදිතව ශරීරය ඇතුළත පැතිරී යන බහිර්ධූලකයි. ඩිප්තීරියාව හා ටෙටනස් මීට නිදසුන්ය. මෙවැනි ආසාදනවල දී ජීවීන් එක් ප්‍රදේශයක ඇති විය හැකි නමුදු ධූලක එම ප්‍රදේශයේ සිට ශරීරයේ වෙනත් ප්‍රදේශවලට ගොස් පැතිරී විස්තීර්ණ විපාක හටගන්වයි. | ||
| + | |||
| + | උණ ගැනීම ආසාදානය පිළිබඳ ප්‍රධාන රෝග ලක්ෂණයයි. ධූලකවල විපාක ස්නායු පද්ධතිය කෙරෙහි ද බලපායි. මානසික ඉන්ද්‍රියයන්ගේ ස්වල්පමාත්‍ර ව්‍යාකුලතාවේ සිට සම්පූර්‍ණ විසංඥතාව දක්වා විවිධ ප්‍රමාණයේ උපද්‍රව මේ හේතුවෙන් හටගත හැක. | ||
| + | |||
| + | මෙහි විස්තර කරන ලද විවිධ සිද්ධීන් එනම් අණ්වීක්ෂීය ජීවීන් ශරීරය තුළට වැදීම, ඔවුන් තවදුරටත් ශරීරයේ ව්‍යාප්තවීම හා ධූලක නිපදවීම යන මේවා හැරුණු විට රුධිරයේ ප්‍රතිදේහයන් ඇතිවීමෙන් දැක්වෙන පරිදි ආසාදනයක් සිදුවී යන අතර ප්‍රතික්‍රියාවලියක් ද ඇතිවෙයි. මෙසේ ව්‍යුපශමනය මෙන් ම ප්‍රතිශක්ති (immunity) තත්වයක් ද ඇති විය හැක. | ||
| + | |||
| + | (කර්තෘ: [[ජී.එච්. කුරේ]]) | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
14:30, 16 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
(Infection). පටක තුළට ජීවීන් වැදී ව්‍යථවේදීය විපර්යාසයන් ඇති කරනු ලැබූ විට ආසාදනය සිදුවේ යැයි කියනු ලැබේ. එහෙත් ජීවීන් ඇතුළු වූ තරමින් ම ආසාදනය සිදු නොවන බව ද සැලැකිය යුතුයි. කිසිදු පටක විපර්යාසයක් ඇති නොකොට අනික් ජීවීන් සමඟ සහජීවන (symbiotic) තත්ත්වයක ජීවත්වීමට එබඳු ජීවීන් සමත් වන බැවිනි. පටක තුළට ජීවීන් ඇතුළුවීමේ හේතුවෙන් ඇතිවන විපාක, එනම් ව්‍යථවේදීය විපර්යාස ඇති වේ ද නැද්ද යන්න, සාමාන්‍යයෙන් රඳා පවත්නේ ධාරකයාගේ ප්‍රතිශක්තිය හා ජීවීන්ගේ ප්‍රචණ්ඩතාව මතය. ධාරකයාගේ ප්‍රතිශක්තිය අධික වූ විට පටකයන්හි විපර්යාස ඇති නොවේ. එසේ ම අඩු ප්‍රචණ්ඩතාවෙන් යුත් ජීවීහු ධාරකයාගේ ආරක්ෂක උපක්‍රම මඟින් පහසුවෙන් ම ඉවත් කරනු ලැබෙත්. මෙසේ ජීවීන් බෝවීමට ඉඩක් නොලැබීම නිසා රිෂ්ටයක් (lesion) ඇති නොවේ. ජීවීන්ගේ ප්‍රචණ්ඩතාව උග්‍ර වූ කල ධාරකයාගේ ආරක්ෂක උපක්‍රම යටපත් වීම කරණකොටගෙන ව්‍යථවේදීය විපර්යාස හටගනී.
ආසාදනය කරන ජීවීන් ශරීරය තුළට පිවිසෙන්නේ (1) කෙළින් ම ස්පර්ශ වීම, (2) ආශ්වාස කරන වාතය හා (3) ආමාශගත වන ආහාරපාන මගිනි. එමඟින් ඒවා සමේ මතුපිටට හෝ ශ්ලේෂ්මල පටලයකට හෝ පැමිණ එතැන් සිට ගැඹුරු පටකවලට කාවදියි. ඇතැම්විට සම මගින් ජීවීන් සම්ප්‍රේෂණය වනුයේ සතකු (සාමාන්‍යයෙන් කෘමි සතකු) දෂ්ට කිරීමෙනි. මැලේරියා පරපෝෂිතයන් සම්ප්‍රේෂණය වීම හෝ බල්ලකු සපාකෑම නිසා ජලභීතිකා වයිරසය සම්ප්‍රේෂණය වීම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. සාමාන්‍යයෙන් හම සහ පෘෂ්ඨීය ශ්ලේෂ්මල පටලය ව්‍යථජනක ජීවීන්ට රැකවරණය සලසන බව සැලැකිය යුතුයි. එබඳු තන්හි දී ඇතිවන ඇතැම් ආරක්ෂක උපක්‍රමයන් මඟින් එම ජීවීහු ඉවත් කර හරිනු ලබත්. සමහර විට ධාරකයාගේ ප්‍රතිරෝධනය අඩු වීම හේතුකොටගෙන මේ උපක්‍රම අභිප්‍රේත කාර්යය ඉටු නොකරයි. එවිට ජීවීන් අභ්‍යන්තර පටක තුළට වැදීමෙන් ආසාදනය ඇති වීමට ඉඩ ඇත.
ආසාදනය ඇතිවීමට ප්‍රබල හේතුවක් වනුයේ 'වාහකයෙකි' — එනම්, තමා කෙරෙහි ආසාදක ජීවීන් ඇති නමුත් තමා ආසාදනයට භාජන නොවී ඒවා අනුන් කරා ගෙන යන්නෙකි.
ජීවීන් ඇතුළු වන ස්ථානයෙහි රිෂ්ටයක් ඇති වීමට ඉඩ ඇත. එහෙත් එය හැමවිට ම සිදු නොවේ. ජීවීන් බෝවීමට පටන් ගෙන තිබුණ ද ධාරකයාගේ ආරක්ෂක උපක්‍රමයන් කරණ කොට ගෙන උන් වහා විනාශ වී යා හැකි බැවිනි. එවැන්නක් සිදුවුවහොත් ස්ටැපිලොකොකුසීය ආසාදනවල දී ගෙඩියක හෝ විස්ඵෝටයක හැඩය ද උපදංශ ආසාදනවල දී මූලික ෂැන්කරයක හැඩය ද ගනී. ඇතැම් අවස්ථාවල දී ස්ථානීය රිෂ්ට හට නොගන්නා නමුත් ජීවියා ශීඝ්‍ර ලෙස පැතිරී යයි. රිකෙට්සියා ප්‍රොවසෙකි (Rickettsia prowazeki) නිසා ඇති වන ආසාදන නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
මරණය ගෙන දෙන ඇතැම් භයානක සංකූල උපද්‍රවයන්ට පවා ආසාදනය තුඩු දෙයි. ඇතැම් විට ජීවීන් රුධිර සංසරණයට ඇතුළු වී රුධිර ධාරාව තුළ බෝවෙමින් පූතිරක්තතාව නමින් හැඳින්වෙන තත්වය උද්ගත කරයි. ඇතැම් විට සමෙහි ගෙඩියක් වැනි විස්ඵෝටයක් හෝ විද්‍රධියක් (Carbuncle) ඇති කරයි. මේ විස්ඵෝටයන්ගේ ජීවීන් අඩංගු සැරව රුධිර ධාරාව තුළට වැදී ශරීරයේ නොයෙක් තන්හි, විශේෂයෙන් ම ඝන අභ්‍යන්තර අන්තරංගයන්හි (viscera), විස්ඵෝට හට ගන්වන පූයරක්තතාව (pyaemia) නමැති රෝගය ඇති කරයි. තවත් ඇතිවිය හැකි, එතරම් අන්තරායකර නොවූ, සංකුල උපද්‍රවයක් නම් රුධිරයේ ජීවීන්, බෝවීමක් නොමැතිව ම පටක කෙරෙන් රුධිර ධාරාව තුළට වන් අති-ප්‍රවාහයක් වශයෙන් සිටීමයි. මේ තත්ත්වය බැක්ටීරිමියාව නමින් හැඳින්වේ. මෙම උපද්‍රවය ඇති වූ විට ස්ථානීය රිෂ්ට සුව වීමට කලින් පවා, ආසාදනය ඇතිවන අතරතුරේ දී ජීවීහු රුධිරයෙන් අතුරුදන් වෙත්. ආන්ත්‍රික (enteric) ආසාදන හා නියුමෝනියාව මීට හොඳ නිදසුන්ය.
ජීවීන් ශරීරය ඇතුළත බෝවීමෙන් හා පැතිරීමෙන් හැර තවත් සැලැකිය යුතු ආකාරයකින් ද ආසාදනයෙහි විපාක දක්නට ලැබේ. එනම් ධූලකනිෂ්පාදනය කිරීමෙනි. සැබැවින් ම ආසාදනයේ සෑම ප්‍රධාන විපාකයක් ම ඇතිවනුයේ ධූලක ක්‍රියාකාරිත්වය නිසාය. මේවා ප්‍රත්‍යක්ෂ වනුයේ පටකයන්ගේ විපර්යාසයන්ගෙන් හා රෝග ලක්ෂණයන්ගෙනි. බැක්ටීරියාවලින් උපදින ධූලක දෙවර්ගයකි. පළමු වැන්න බැක්ටීරියා දේහවලින් ව්‍යුත්පන්න වූ අන්තර්ධූලක බැක්ටීරියා පෘථක්කරණය වීමේ දී මිදී යේ. එහෙයින් රිෂ්ට ඇතිවිය හැක්කේ ජීවීන් ඇති වූ තන්හි පමණි. ටයිපොයිඩ් උණ මීට කදිම නිදසුනකි. දෙවැන්න වූකලි ජිවීන් මගින් නිෂ්පාදිතව ශරීරය ඇතුළත පැතිරී යන බහිර්ධූලකයි. ඩිප්තීරියාව හා ටෙටනස් මීට නිදසුන්ය. මෙවැනි ආසාදනවල දී ජීවීන් එක් ප්‍රදේශයක ඇති විය හැකි නමුදු ධූලක එම ප්‍රදේශයේ සිට ශරීරයේ වෙනත් ප්‍රදේශවලට ගොස් පැතිරී විස්තීර්ණ විපාක හටගන්වයි.
උණ ගැනීම ආසාදානය පිළිබඳ ප්‍රධාන රෝග ලක්ෂණයයි. ධූලකවල විපාක ස්නායු පද්ධතිය කෙරෙහි ද බලපායි. මානසික ඉන්ද්‍රියයන්ගේ ස්වල්පමාත්‍ර ව්‍යාකුලතාවේ සිට සම්පූර්‍ණ විසංඥතාව දක්වා විවිධ ප්‍රමාණයේ උපද්‍රව මේ හේතුවෙන් හටගත හැක.
මෙහි විස්තර කරන ලද විවිධ සිද්ධීන් එනම් අණ්වීක්ෂීය ජීවීන් ශරීරය තුළට වැදීම, ඔවුන් තවදුරටත් ශරීරයේ ව්‍යාප්තවීම හා ධූලක නිපදවීම යන මේවා හැරුණු විට රුධිරයේ ප්‍රතිදේහයන් ඇතිවීමෙන් දැක්වෙන පරිදි ආසාදනයක් සිදුවී යන අතර ප්‍රතික්‍රියාවලියක් ද ඇතිවෙයි. මෙසේ ව්‍යුපශමනය මෙන් ම ප්‍රතිශක්ති (immunity) තත්වයක් ද ඇති විය හැක.
(කර්තෘ: ජී.එච්. කුරේ)
(සංස්කරණය: 1965)