"අරක්සමණ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
සුළු (Senasinghe විසින් අරක් සමණ සිට අරක්සමණ වෙත පිටුව ගෙන යන ලදී)
(වෙනසක් නොමැත)

13:46, 17 ජනවාරි 2025 තෙක් සංශෝධනය

නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපිවල දක්නට ලැබෙන රජයේ තනතුරු නාමයකි. ඇතැම් සෙල්ලිපියක මේ තනතුරු නාමය "අරක්සැමියා" යනුවෙන් ද යෙදී ඇත. "අරක්මේනා" යනුවෙන් හැඳින්වූයේ ද මේ තනතුර මය යනු කොරිංටන් මහතාගේ අදහසයි.

අරක්සමණ තනතුර දැරූ තැනැත්තන්ට පැවරී තුබුණු සේවය කවරේ දැයි නිශ්චය වශයෙන් කීමට දැනට ලැබී ඇති සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. අර සමණ යන්න සංස්කෘත "ආරක්ෂක ස්වාමි" යන්නට සමාන බවත් එයින් "ප්‍රධාන ආරක්ෂකයා" යන තේරුම ලැබෙන බවත් පරණවිතාන මහතා පවසයි.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරක්සමණ&oldid=6917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි