"අරහත වන්දනාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බුදුන්ට නමස්කාර කිරීම් වශයෙන් කළ වන්දනා කවිප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
6 පේළිය: 6 පේළිය:
  
 
සාමාන්‍ය ගැමි ජනයාට හුරු පුරුදු බසින් ලියැවී තිබෙන මේ ග්‍රන්ථයෙහි වෘත්ත කීපයක කවි ද ගැමියාට හුරු සංස්කෘත පද ද ඇතුළති.
 
සාමාන්‍ය ගැමි ජනයාට හුරු පුරුදු බසින් ලියැවී තිබෙන මේ ග්‍රන්ථයෙහි වෘත්ත කීපයක කවි ද ගැමියාට හුරු සංස්කෘත පද ද ඇතුළති.
 +
 +
(සංස්කරණය: 1965)
 +
 +
[[ප්‍රවර්ගය: සිංහල සාහිත්‍ය කෘති]]
 +
 +
[[ප්‍රවර්ගය: අ]]

14:43, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

බුදුන්ට නමස්කාර කිරීම් වශයෙන් කළ වන්දනා කවිපොතෙකි. මායාරට සතර කෝරළයෙහි කෑලියපුර දැදිගම සුමංගල නම් තෙර කෙනෙක් මෙහි කර්තෘ වෙති. කවි 618කින් සමන්විත මෙය ශකවර්ෂ 1745 දී හෙවත් ක්‍රි.ව. 1823 දී කරන ලද්දේය.

වාක් ප්‍රණිධානයෙහි පටන් බෝසත් චරිතය, ගෞතම බුද්ධ චරිතය, මාරයුද්ධය, ෂඩායතන, කෙලෙස්, ශීලාදිගුණ, පින්පල, අපායදුක් සඳහන් කෙරෙමින් බුදුගුණයට නමස්කාර කරන කවීහු බුද්ධ පඤ්ජරයක් බැඳ ගනිති. යළි පිරිනිවන දක්වා බුද්ධ චරිතයෙහි පැනෙන පින්බල සලකා බුදුන් සිරිපා වඳිත්. අනතුරුව අහස පොළොව දෙවියන්ටත් ලෝවැසි අන් සියලු සතුන්ටත් පින් දී කරන පැතුම් රාශියෙකි.

දෙවියන්ට පින් දීමේ දී සගම පටන් නම් පොතෙහි දැක්වෙන ලක්දිව වෙහෙර විහාර දේවාලයන්ට අරක් ගත් දෙවි දේවතාවන් සඳහන් කර ඇත්තේය.

සාමාන්‍ය ගැමි ජනයාට හුරු පුරුදු බසින් ලියැවී තිබෙන මේ ග්‍රන්ථයෙහි වෘත්ත කීපයක කවි ද ගැමියාට හුරු සංස්කෘත පද ද ඇතුළති.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරහත_වන්දනාව&oldid=6935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි