"අරුණ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සූර්යයාගේ රථාචාර්යයා ලෙසින් මූර්තිමත් කොට ගත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 7 පේළිය: | 7 පේළිය: | ||
ඉසිපතන භූමියෙන් හමු වූ පුරුවස්තුන් අතර පාද රහිතව නෙළා ඇති ශෛලමය අරුණ ප්‍රතිමාවක් විය. | ඉසිපතන භූමියෙන් හමු වූ පුරුවස්තුන් අතර පාද රහිතව නෙළා ඇති ශෛලමය අරුණ ප්‍රතිමාවක් විය. | ||
| − | කර්තෘ: [[ | + | (කර්තෘ: [[ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න]]) |
| − | (සංස්කරණය: 1965) | + | (සංස්කරණය: 1965) |
| + | |||
| + | [[ප්‍රවර්ගය: හින්දු දේවකථා]] | ||
[[ප්‍රවර්ගය: අ]] | [[ප්‍රවර්ගය: අ]] | ||
10:29, 21 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
සූර්යයාගේ රථාචාර්යයා ලෙසින් මූර්තිමත් කොට ගත් අරුණාලෝකය මෙනමින් හැඳින්වේ. ඍග්වේදයෙහි දක්නා ලැබෙන අරුණ යන පදයෙන් හුදෙක් අරුණුවන් පැහැය හෝ අරුණාලෝකය හෝ අදහස් කෙරෙයි. වේදකාලයේ දී උෂස් නමින් මූර්තිමත් වුණු අරුණාලෝකය ඉන් මෑත කලෙකදී අරුණ නමින් මූර්තිමත් කොට ඊට සූර්යයාගේ රථාචාර්ය ධුරය ද ආරෝපණය කොට ඇති සේ පෙනේ.
කාශ්‍යප ඍෂිවරයාට දාව විනතාව විසින් ප්‍රසුත කරනු ලැබූ අණ්ඩයෙකින් අරුණ උපන් බව මහාභාරතයෙහි සඳහන් වෙයි. අණ්ඩය මෝරා අඟපසඟ සම්පූර්ණ වන්නට මත්තෙන් විනතාව එය බිඳ ලූ බැවින් අරුණගේ ඌරු යුග්මය අසම්පූර්ණව තිබිණැයි ද එහෙයින් අනුරු යනුදු ඔහුට නමකැයි ද කියනු ලැබේ.රාහුගෙන් පීඩාවට පත්අවස්ථාවෙහි කිසිවකුගෙනුදු තමාට පිහිටක් නොලැබීම නිසා කෝපයට පත් හිරු ස්වකීය දෘඪ තාපයෙන් ලෝකයා පෙළන්නට වූයෙන් දෙවියන් හා ඍෂීන් බ්‍රහ්මයාට ආයාචනා කොට හිරුගේ රථාචාර්යයා වශයෙන් අරුණ පත් කර තාපය මැඩ පැවැත්වූ බව කිසි තැනෙක සඳහන් වේ.
විෂ්ණුහුගේ වාහනය වූ ගරුඩ අරුණගේ සොහොයුරායි. අරුණගේ භාර්යාව ශ්යෙනී නමි. රාමායණයෙහි එන ජටායු අරුණගේ පුතෙකැයි කියති.
ඉසිපතන භූමියෙන් හමු වූ පුරුවස්තුන් අතර පාද රහිතව නෙළා ඇති ශෛලමය අරුණ ප්‍රතිමාවක් විය.
(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)
(සංස්කරණය: 1965)