"අර්ධද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('යම් භූමිභාගයක් මුළුමනින් ම පාහේ මුහුදින් වට ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 2 පේළිය: | 2 පේළිය: | ||
ලෝකයේ විශාලතම අර්ධද්වීපය ඉන්දියානු අර්ධද්වීපයයි. | ලෝකයේ විශාලතම අර්ධද්වීපය ඉන්දියානු අර්ධද්වීපයයි. | ||
| + | |||
| + | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: අ]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
12:32, 21 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
යම් භූමිභාගයක් මුළුමනින් ම පාහේ මුහුදින් වට වී පවතී නම්, එය ප්‍රධාන ගොඩබිමක් හා සම්බන්ධ වන්නේ ඉතා පටු බිම් පෙදෙසකින් හෙවත් දේශ සන්ධියකින් නම්, ඒ භූමිභාගය අර්ධද්වීපයකි. විශාල ගොඩබිමකින් මුහුදක් හෝ වෙනයම් විශාල ජලාශයක් හෝ තුළට නෙරා ගිය භූමිභාගයක් ද අර්ධද්වීපයක් ලෙස සලකනු ලැබේ. ඉරාකය සහ සිරියාව යන දෙරටින් ආසියාවට සම්බන්ධ වී ඇති අරාබිය, තෙනසෙරීම් බිම් තීරයෙන් ප්‍රධාන ආසියානු භූමියට සම්බන්ධ වන මලයාව සහ පටු දේශසන්ධියකින් ලංකා ගොඩබිමට සම්බන්ධ වී ඇති යාපනේ අර්ධද්වීපය ද පළමු වර්ගයට අයත් අර්ධද්වීප වේ. යුරෝපා මහාද්වීපයෙන් මධ්‍යධරණී මුහුද දෙසට නෙරා ඇති අයිබිරියානු සහ ඉතාලි අර්ධද්වීපත් ආසියාවෙන් දකුණු දෙසට නෙරා තිබෙන ඉන්දියාවේ ඩෙකාන් කොටසත් උතුරු ඇමෙරිකාවේ අග්නි දිග්භාගයෙහි පිහිටි ප්ලොරිඩාවත් දෙවැනි වර්ගයට අයත් අර්ධද්වීප වේ.
ලෝකයේ විශාලතම අර්ධද්වීපය ඉන්දියානු අර්ධද්වීපයයි.
(සංස්කරණය: 1965)