"අලුත්කඩේ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(හල්ප්ටිස්ප්ඩෝප්). කොළඹ නගරයෙහි එක් කොටසක නමෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | ( | + | (හල්ෆ්ට්ස්ඩෝෆ්). කොළඹ නගරයෙහි එක් කොටසක නමෙකි. හෙල් සහිත බිමක් වූ මේ පෙදෙස දකුණු ස්කිනර් පාර, සන්තබස්තියන් පෙදෙස සහ බඩල් වීදිය යන මේවායින් වට වූයේය. මූදු මට්ටමේ සිට අඩි 40ක් උසින් පිහිටි මේ හෙලට කොළඹ කොටුව මැනැවින් පෙනෙන බැවින් 1655 දී පෘතුගීසි කොටුව වටලෑමට පැමිණි හල්ෆ්ට් නම් ලන්දේසි යුද්ධ නිලධාරියා තමාගේ ප්‍රධාන රැකවල් පිහිටුවූයේ මෙහිය. එහෙයින් එවක් පටන් 'හල්ෆ්ට්ගේ ග්‍රාමය' යන අර්ථය ඇති 'හල්ෆ්ට්ස් ඩෝෆ්' යන ලන්දේසි නාමය මේ පෙදෙසට භාවිත විය. ඊට පෙර මේ ප්‍රදේශය 'ලේඩි ඔෆ් ලයිෆ්' යන නමින් පෘතුගීසීන් විසින් හඳුන්වන ලදි. |
| − | 1655 නොවැම්බර් මාසයේ සිට 1656 මැයි මාසය දක්වා පැවති ඉහතකී වටලෑම අවසානයේ දී එනම් පෘතුගීසීන් ලන්දේසීන්ට යටත්වීමට දෙදවසකට පෙර | + | 1655 නොවැම්බර් මාසයේ සිට 1656 මැයි මාසය දක්වා පැවති ඉහතකී වටලෑම අවසානයේ දී එනම් පෘතුගීසීන් ලන්දේසීන්ට යටත්වීමට දෙදවසකට පෙර හල්ෆ්ට් නමැති නිලධාරියා වෙඩි පහරකින් මළේය. ක්‍රි.ව. 1655 ඔක්තෝබර් මස 17 වැනි දින සන්ධ්‍යා කාලයේ ගැස්පර් ෆිගේරා නමැති ප්‍රතිකාල් යුද්ධ නිලධාරියා මේ ප්‍රදේශයේ තිබුණ බලකොටු දෙකකට ආරක්ෂා සංවිධාන සැලසූ බව ක්වේරෝස් නම් ග්රන්ථ කර්තෘවරයා කියයි. එකල මේ ප්‍රදේශයේ ප්‍රතිකාල්වරුන්ගේ දේවස්ථාන දෙකක් ද පවුරක් ද විය. |
| − | ලන්දේසීන් විසින් මෙහි ගොඩනැඟිලි කීපයක් ම ඉදිකරනු ලැබී ය. | + | ලන්දේසීන් විසින් මෙහි ගොඩනැඟිලි කීපයක් ම ඉදිකරනු ලැබී ය. ෆ්රෙඩ්රික් නෝත් සහ සර් තෝමස් මේට්ලන්ඩ් යන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයන් විසුයේ මේ පෙදෙසෙහි පීටර් ස්ලුයිස්කන් නම් ඕලන්ද ජාතිකයකු සතුව පැවති නිවසකය. |
| − | දැනට | + | දැනට හල්ෆ්ට්ස්ඩෝෆ් හෙවත් අලුත්කඩේ ලෙස හඳුන්වනු ලබන මේ පෙදෙස කොළඹ නගරයේ පමණක් නොව මුළු ලංකාවෙහි ම ඉතා වැදගත් අධිකරණ මධ්‍යස්ථානය වෙයි. ශ්‍රෙෂ්ඨාධිකරණ උසාවි, දිස්ත්‍රික් උසාවි, මහේස්ත්‍රාත් උසාවි ආදියෙන් ද රිමාන්ඩ් බන්ධනාගාරයකින් හා නීතිඥවරුන්ගේ කාර්යාලවලින් ද සැදුණු මේ පෙදෙස අධිකරණාදි කටයුතු සඳහා පැමිණෙන නොයෙක් තරාතිරම්වලට අයත් විවිධ ජනසමූහයක් නිතර ම පාහේ ගැවසෙන කාර්යය බහුල ප්‍රදේශයක් බවට පැමිණ තිබේ. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
10:49, 11 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
(හල්ෆ්ට්ස්ඩෝෆ්). කොළඹ නගරයෙහි එක් කොටසක නමෙකි. හෙල් සහිත බිමක් වූ මේ පෙදෙස දකුණු ස්කිනර් පාර, සන්තබස්තියන් පෙදෙස සහ බඩල් වීදිය යන මේවායින් වට වූයේය. මූදු මට්ටමේ සිට අඩි 40ක් උසින් පිහිටි මේ හෙලට කොළඹ කොටුව මැනැවින් පෙනෙන බැවින් 1655 දී පෘතුගීසි කොටුව වටලෑමට පැමිණි හල්ෆ්ට් නම් ලන්දේසි යුද්ධ නිලධාරියා තමාගේ ප්‍රධාන රැකවල් පිහිටුවූයේ මෙහිය. එහෙයින් එවක් පටන් 'හල්ෆ්ට්ගේ ග්‍රාමය' යන අර්ථය ඇති 'හල්ෆ්ට්ස් ඩෝෆ්' යන ලන්දේසි නාමය මේ පෙදෙසට භාවිත විය. ඊට පෙර මේ ප්‍රදේශය 'ලේඩි ඔෆ් ලයිෆ්' යන නමින් පෘතුගීසීන් විසින් හඳුන්වන ලදි.
1655 නොවැම්බර් මාසයේ සිට 1656 මැයි මාසය දක්වා පැවති ඉහතකී වටලෑම අවසානයේ දී එනම් පෘතුගීසීන් ලන්දේසීන්ට යටත්වීමට දෙදවසකට පෙර හල්ෆ්ට් නමැති නිලධාරියා වෙඩි පහරකින් මළේය. ක්‍රි.ව. 1655 ඔක්තෝබර් මස 17 වැනි දින සන්ධ්‍යා කාලයේ ගැස්පර් ෆිගේරා නමැති ප්‍රතිකාල් යුද්ධ නිලධාරියා මේ ප්‍රදේශයේ තිබුණ බලකොටු දෙකකට ආරක්ෂා සංවිධාන සැලසූ බව ක්වේරෝස් නම් ග්රන්ථ කර්තෘවරයා කියයි. එකල මේ ප්‍රදේශයේ ප්‍රතිකාල්වරුන්ගේ දේවස්ථාන දෙකක් ද පවුරක් ද විය.
ලන්දේසීන් විසින් මෙහි ගොඩනැඟිලි කීපයක් ම ඉදිකරනු ලැබී ය. ෆ්රෙඩ්රික් නෝත් සහ සර් තෝමස් මේට්ලන්ඩ් යන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයන් විසුයේ මේ පෙදෙසෙහි පීටර් ස්ලුයිස්කන් නම් ඕලන්ද ජාතිකයකු සතුව පැවති නිවසකය.
දැනට හල්ෆ්ට්ස්ඩෝෆ් හෙවත් අලුත්කඩේ ලෙස හඳුන්වනු ලබන මේ පෙදෙස කොළඹ නගරයේ පමණක් නොව මුළු ලංකාවෙහි ම ඉතා වැදගත් අධිකරණ මධ්‍යස්ථානය වෙයි. ශ්‍රෙෂ්ඨාධිකරණ උසාවි, දිස්ත්‍රික් උසාවි, මහේස්ත්‍රාත් උසාවි ආදියෙන් ද රිමාන්ඩ් බන්ධනාගාරයකින් හා නීතිඥවරුන්ගේ කාර්යාලවලින් ද සැදුණු මේ පෙදෙස අධිකරණාදි කටයුතු සඳහා පැමිණෙන නොයෙක් තරාතිරම්වලට අයත් විවිධ ජනසමූහයක් නිතර ම පාහේ ගැවසෙන කාර්යය බහුල ප්‍රදේශයක් බවට පැමිණ තිබේ.
(සංස්කරණය: 1965)