"ඉබ්න් අහමද් අල් ඛලීල්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(718–791). ඔමාන්හි උපන් ඉබ්න් අහමද් අල් ඛලීල් වෛයාක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
3 පේළිය: 3 පේළිය:
 
මොහු පළමු කොට අරාබි ඡන්දස් වර්ග කොට නීතිරීතිගත ඡන්දස් ක්‍රමයක් ඇති කළේය. මෙයින් අරාබි පද්‍යය ක්‍රමිකව හැඩගැසෙන්නට වන.
 
මොහු පළමු කොට අරාබි ඡන්දස් වර්ග කොට නීතිරීතිගත ඡන්දස් ක්‍රමයක් ඇති කළේය. මෙයින් අරාබි පද්‍යය ක්‍රමිකව හැඩගැසෙන්නට වන.
  
කිතාබ් අල් අයින් නම් ශබ්දකෝෂය අල් ඛලිල් ඉබ්න් අහමද්ගේ කෘතියක් දෝයි අනුමාන කෙරෙති. ව්‍යාකරණ ග්‍රන්ථ කිහිපයක් ද මොහුගේ කෘතීන් ලෙස නම් කරතත් ඒ මතය පිළිගැනීමට තරම් වන සාධක විරලය. එහෙත් අරාබි භාෂාව පිළිබඳ ව්‍යාකරණ සිද්ධාන්තයන් ඇතුළත් කොට පළමුවෙන් ම සවිස්තර ව්‍යාකරණ ග්‍රන්ථයක් ලියූ සීබවේ නම් පාරසික වෛයාකරණයා බලීල්ගේ ශිෂ්‍යයෙකි.  
+
කිතාබ් අල් අයින් නම් ශබ්දකෝෂය අල් ඛලිල් ඉබ්න් අහමද්ගේ කෘතියක් දෝයි අනුමාන කෙරෙති. ව්‍යාකරණ ග්‍රන්ථ කිහිපයක් ද මොහුගේ කෘතීන් ලෙස නම් කරතත් ඒ මතය පිළිගැනීමට තරම් වන සාධක විරලය. එහෙත් අරාබි භාෂාව පිළිබඳ ව්‍යාකරණ සිද්ධාන්තයන් ඇතුළත් කොට පළමුවෙන් ම සවිස්තර ව්‍යාකරණ ග්‍රන්ථයක් ලියූ සීබවේ නම් පාරසික වෛයාකරණයා ඛලීල්ගේ ශිෂ්‍යයෙකි.  
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

15:18, 11 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය

(718–791). ඔමාන්හි උපන් ඉබ්න් අහමද් අල් ඛලීල් වෛයාකරණයකු, ඡන්දශ් ශාස්ත්‍රඥයකු, කෝෂකාරයකු සහ වාග් විද්‍යාඥයකු වශයෙන් අරාබි සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි උච්චස්ථානයෙක වැජඹුණේය. පළමුවැනි අරාබි ශබ්දකෝෂය සකස් කරන ලද්දේ මොහු විසිනි.