"අල්පනා චිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්)
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:2-178.jpg|right|600px]]අල්පනා නොහොත් ආලිපනා (ආලිම්පන) යනුවෙන් හැඳින්වෙනුයේ ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල, විශේෂයෙන් වංගදේශයේ (බෙංගාලයේ), සැණකෙළි, ආගමික උත්සව ආදිය පවත්නා අවස්ථාවන්හි දී කාන්තාවන් විසින් අඳිනු ලබන සැරසිලි චිත්‍ර විශේෂයකි. මෙම චිත්‍ර ඇඳීමේ දී සහල් පිටි දියර සායම් වශයෙන් ද කුඩා රෙදි කැබෙල්ලක් තෙලිකූර වශයෙන් ද පාවිච්චි කරනු ලැබේ. ඇතැම් විට සායම් වර්ග ද මේ සඳහා යොදා ගනු ලැබේ. වංග අල්පනා චිත්‍ර සාමාන්‍යයෙන් අඳිනු ලබන්නේ සහල් දියරෙන් හෝ සුදු සායම්වලිනි.
+
[[ගොනුව:2-178.jpg|right|250px]]අල්පනා නොහොත් ආලිපනා (ආලිම්පන) යනුවෙන් හැඳින්වෙනුයේ ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල, විශේෂයෙන් වංගදේශයේ (බෙංගාලයේ), සැණකෙළි, ආගමික උත්සව ආදිය පවත්නා අවස්ථාවන්හි දී කාන්තාවන් විසින් අඳිනු ලබන සැරසිලි චිත්‍ර විශේෂයකි. මෙම චිත්‍ර ඇඳීමේ දී සහල් පිටි දියර සායම් වශයෙන් ද කුඩා රෙදි කැබෙල්ලක් තෙලිකූර වශයෙන් ද පාවිච්චි කරනු ලැබේ. ඇතැම් විට සායම් වර්ග ද මේ සඳහා යොදා ගනු ලැබේ. වංග අල්පනා චිත්‍ර සාමාන්‍යයෙන් අඳිනු ලබන්නේ සහල් දියරෙන් හෝ සුදු සායම්වලිනි.
  
 
අල්පනා චිත්‍ර සටහන් බිතු සිතුවම් මෙන් ස්ථිර නොවේ. ඒවා ඒ ඒ අවස්ථාවන්හි කරනු ලබන තාවකාලික සිතුවම්ය. හුදෙක් අලංකරණය ලක්ෂණ කොට ඇති අල්පනා චිත්‍ර එක ම ආකෘතියක් අනුගමනය කිරීම නිසා බොහෝ දුරට සමානය.
 
අල්පනා චිත්‍ර සටහන් බිතු සිතුවම් මෙන් ස්ථිර නොවේ. ඒවා ඒ ඒ අවස්ථාවන්හි කරනු ලබන තාවකාලික සිතුවම්ය. හුදෙක් අලංකරණය ලක්ෂණ කොට ඇති අල්පනා චිත්‍ර එක ම ආකෘතියක් අනුගමනය කිරීම නිසා බොහෝ දුරට සමානය.

09:01, 17 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය

2-178.jpg
අල්පනා නොහොත් ආලිපනා (ආලිම්පන) යනුවෙන් හැඳින්වෙනුයේ ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල, විශේෂයෙන් වංගදේශයේ (බෙංගාලයේ), සැණකෙළි, ආගමික උත්සව ආදිය පවත්නා අවස්ථාවන්හි දී කාන්තාවන් විසින් අඳිනු ලබන සැරසිලි චිත්‍ර විශේෂයකි. මෙම චිත්‍ර ඇඳීමේ දී සහල් පිටි දියර සායම් වශයෙන් ද කුඩා රෙදි කැබෙල්ලක් තෙලිකූර වශයෙන් ද පාවිච්චි කරනු ලැබේ. ඇතැම් විට සායම් වර්ග ද මේ සඳහා යොදා ගනු ලැබේ. වංග අල්පනා චිත්‍ර සාමාන්‍යයෙන් අඳිනු ලබන්නේ සහල් දියරෙන් හෝ සුදු සායම්වලිනි.

අල්පනා චිත්‍ර සටහන් බිතු සිතුවම් මෙන් ස්ථිර නොවේ. ඒවා ඒ ඒ අවස්ථාවන්හි කරනු ලබන තාවකාලික සිතුවම්ය. හුදෙක් අලංකරණය ලක්ෂණ කොට ඇති අල්පනා චිත්‍ර එක ම ආකෘතියක් අනුගමනය කිරීම නිසා බොහෝ දුරට සමානය.

යම්කිසි දෙවියකු පිදීමේ දී එම දෙවියාගේ මූර්තිය (ප්‍රතිමාව) තැන්පත් කිරීම සඳහා කරනු ලබන වේදිකාවක් වශයෙන් ද අල්පනා චිත්‍ර අඳිනු ලැබේ. ලක්ෂ්මි පූජාවේ දී ඇය පිළිබඳ සංකේතයක් වූ ධාන්‍යපත්‍රය තබනුයේ 'ලක්ෂ්මී පූජා' නමැති අල්පනා චිත්‍රය මතය.

අල්පනා චිත්‍ර සාමාන්‍යයෙන් කවාකාරය. ඇඳීමේ දී උපකරණ පාවිච්චියක් අනවශ්‍යය. එක ම අක්ෂය වටා චිත්‍රශිල්පියාට සිත් වූ පරිදි රේඛාමය සටහන් ඇඳීමට නිදහස ඇත. මල්, මල්වැල්, පක්ෂීන් හා සිවුපාවෝ මෙම සටහන් ඇඳීමේදී විෂය වන වස්තූහුය. ලක්ෂ්මී පූජා අවස්ථාවේ දී අඳින අල්පනා චිත්‍රයන්හි සත්වරූප යොදන්නේ දේවතාවන්ගේ වාහන දැක්වීම් වශයෙන් පමණකි.

ව්‍රත-ආලිපනා නම් වූ චිත්‍ර විශේෂයක් ද බෙංගාලයේ ප්‍රචලිතව ඇත. ඒ අතුරෙහි 'තාරාව්‍රත' ආලිපනා සුප්‍රසිද්ධය. සූර්යය, චන්ද්‍ර, ශිව, දුර්ගා හා විශ්වය පිළිබඳ වූ සංකේත මෙහි දක්නා ලැබේ. බොහෝ සෙයින් මාඝ (ජනවාරි-පෙබරවාරි) මාසයේ දී දිනපතා කුඩා දැරියන් විසින් තාරාව්‍රත ආලිපනා අඳිනු ලැබේ. ව්‍රත-ආලිපනා චිත්‍රවල නොයෙක් කථාවන් ආශ්‍රිත වස්තූන්ගේ සටහන් සිතුවම් කෙරේ. මෙම චිත්‍ර සටහන් මිසරයේ පැරණි චිත්‍රලේඛනයන් (hieroglyphs) හා සමානත්වයක් දක්වයි. ශතවර්ෂ ගණනක් ම ඒ ඒ සංකේතයත් පැරණි ස්වරූපයෙන් ම ඇඳීම හේතුකොට ගෙන ඒවායේ පැරණි ලක්ෂණ මැනැවින් ආරක්ෂා වී ඇත.

පොත්පත්

Mukerjee, A. Folk Art of Bengal

Ray, S.K. The Characteristic Features of Alpana

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්පනා_චිත්‍ර&oldid=7286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි