"අශ්වින් දෙදෙන" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
5 පේළිය: 5 පේළිය:
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය: භාරතීය දෙවිදේවතාවෝ]]  
+
[[ප්‍රවර්ගය: භාරතීය විශ්වාස හා ඇදහිලි]]  
  
 
[[ප්‍රවර්ගය: අ]]
 
[[ප්‍රවර්ගය: අ]]

13:15, 28 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය

(අස්වී දේවතාවෝ). ඍග් වේදයෙහි බෙහෙවින් වර්ණනා කරනු ලබන දේවතාවන් අතර අශ්වින් දෙදෙන ද වෙත්. අශ්වින් යන නාමයෙන් කවුරු ගැනෙද්දැයි විචාරන ශාස්ත්‍රාචාරීහු විවිධ මත දක්වමින් ඇතැමුන් ද්‍යුඃපෘථිවී දෙකට අශ්වින් යන නාමය ව්‍යවහාර කරන බවත් ඇතැමුන් සූර්ය චන්ද්‍ර දෙදෙනාට එසේ ව්‍යවහාර කරන බවත් තවත් අය පින් කළ රජුන් දෙදෙනකුට අශ්වින් යන නාමය යොදන බවත් පවසා ස්වමතය වශයෙන් අන්ධකාරය හා සම්මිශ්‍රිත වූ අව්‍යක්ත ජ්‍යෝතිරූපී වූ එක් ව්‍යක්තියක් ද ප්‍රකෘෂ්ට ප්‍රකාශයෙන් යුත් ආදිත්‍යරූපී වූ අනික් ව්‍යක්තියක් දැයි යන ව්‍යක්තීන් දෙදෙන අශ්වි නාමයෙන් හැඳින්වෙන බවත් කියත්. අශ්වි දේවතාවුන්ට නියමිත සමය වශයෙන් හඳුන්වනු ලබන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසුව ආලෝකයෙන් අන්ධකාරය බිඳෙමින් පහන් වී යන අවධිය දක්වා වූ කාලයයි.

ආයුර්වේද ග්‍රන්ථයන්හි දැක්වෙන අයුරු අශ්වින් දෙදෙන වූකලී ආයුර්වේද ශාස්ත්‍රයෙහි පාරප්‍රාප්ත වූ දිව්‍ය වෛද්‍යවරු දෙදෙනෙකි. මොවුහු ආදි ම ශල්‍ය වෛද්‍යවරයෝයි. දෙවියන් හා අසුරයන් අතර ඇති වූ බිහිසුණු සටන්වලින් තුවාළ ලත් දෙවියන් බෙහෙත් යොදා සුවපත් කළ බැවින් මොවුහු දෙවියන්ගේ සම්මානයට පාත්‍ර වූහයි කියත්.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශ්වින්_දෙදෙන&oldid=7525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි