"අළු" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 5 පේළිය: | 5 පේළිය: | ||
පොටෑසියම් හැරුණු විට ශාක අළුවල බහුලව ඇති වෙනත් මූලද්‍රව්‍ය නම් සල්ෆර්, මැග්නීසියම්, ෆොස්ෆරස්, සිලිකන්, කැල්සියම්, සෝඩියම්, යකඩ, ක්ලෝරීන් සහ මැංගනීස්ය. නොයෙක් ශාකයන්ට විශේෂ යයි කිවයුතු වූ මූලද්‍රව්‍ය අංශුමාත්‍ර වශයෙන් වුව ද ඒවායේ අළුවල තිබේ. | පොටෑසියම් හැරුණු විට ශාක අළුවල බහුලව ඇති වෙනත් මූලද්‍රව්‍ය නම් සල්ෆර්, මැග්නීසියම්, ෆොස්ෆරස්, සිලිකන්, කැල්සියම්, සෝඩියම්, යකඩ, ක්ලෝරීන් සහ මැංගනීස්ය. නොයෙක් ශාකයන්ට විශේෂ යයි කිවයුතු වූ මූලද්‍රව්‍ය අංශුමාත්‍ර වශයෙන් වුව ද ඒවායේ අළුවල තිබේ. | ||
| − | ශාක හා සත්ව කොටස් භස්ම කිරීමෙන් | + | ශාක හා සත්ව කොටස් භස්ම කිරීමෙන් නොයෙක් ආයුර්වේද ඖෂධ වර්ග සාදා ගනු ලැබේ. |
(කර්තෘ: [[ඩී.ඇස්. වීරසූරිය]]) | (කර්තෘ: [[ඩී.ඇස්. වීරසූරිය]]) | ||
12:03, 11 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය
ශාක ද්‍රව්‍ය ද සත්වයන්ගේ ශරීර කොට්ඨාස ද ගොම වැනි සත්වමල ද අඟුරු ද පිලිස්සී ගිය විට ශේෂ වන ද්‍රව්‍යය අළුයි. රට අඟුරු පවා පුලුස්සා අවසන් වූ විට ශේෂ වශයෙන් අළු ඉතිරි වේ.
ශාකයක අළු කොටස දළ වශයෙන් එහි සංයුතියෙන් සියයට 4ක් පමණ වෙයි. ශාක අළුවල විශේෂයෙන් ම ඇත්තාවූ ද්‍රව්‍යයක් නම් පොටෑෂ්ය. පිදුරු අළුවලින් සියයට 10ක් පමණ පොටෑසියම් ඔක්සයිඩ් (K2O) ලැබෙන අතර ඇතැම් ශාක වලින් සියයට 40ක් පමණ ලැබේ.
පොටෑසියම් හැරුණු විට ශාක අළුවල බහුලව ඇති වෙනත් මූලද්‍රව්‍ය නම් සල්ෆර්, මැග්නීසියම්, ෆොස්ෆරස්, සිලිකන්, කැල්සියම්, සෝඩියම්, යකඩ, ක්ලෝරීන් සහ මැංගනීස්ය. නොයෙක් ශාකයන්ට විශේෂ යයි කිවයුතු වූ මූලද්‍රව්‍ය අංශුමාත්‍ර වශයෙන් වුව ද ඒවායේ අළුවල තිබේ.
ශාක හා සත්ව කොටස් භස්ම කිරීමෙන් නොයෙක් ආයුර්වේද ඖෂධ වර්ග සාදා ගනු ලැබේ.
(කර්තෘ: ඩී.ඇස්. වීරසූරිය)
(සංස්කරණය: 1965)