"අළුහම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය ටිනෙයා ෆලාවා (Tinea flava) නමැති දිලීර (බ.) විශේෂය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
2 පේළිය: 2 පේළිය:
  
 
වෙනත් ටිනෙයා විශේෂ හේතුකොට ගෙන චර්ම රෝග කිහිපයක් සෑදේ. මේවා සාමාන්‍යයෙන් පණුකැවිලි නමින් හැඳින්වේ ([[පණුකැවිල්ල]] බලන්න).
 
වෙනත් ටිනෙයා විශේෂ හේතුකොට ගෙන චර්ම රෝග කිහිපයක් සෑදේ. මේවා සාමාන්‍යයෙන් පණුකැවිලි නමින් හැඳින්වේ ([[පණුකැවිල්ල]] බලන්න).
 +
 +
(කර්තෘ: [[ඊ.ඇම්. විජේරාම]])
  
 
== ආයුර්වේද මතය ==
 
== ආයුර්වේද මතය ==

12:15, 11 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය

මෙය ටිනෙයා ෆලාවා (Tinea flava) නමැති දිලීර (බ.) විශේෂය හේතු කොට ගෙන සෑදෙන චර්ම රෝගයකි. මේ රෝගය හමේ නොයෙක් තැන්වල සෑදෙන්නට පුළුවන. අළුහම් සෑදෙන ස්ථානවල හම ස්වල්පයක් ඉස්සී මඳක් රතුපාට වේ. රෝගය වැඩි වශයෙන් සෑදෙන්නේ කුඩා ළමයින්ටත් තරුණයන්ටත්ය.

වෙනත් ටිනෙයා විශේෂ හේතුකොට ගෙන චර්ම රෝග කිහිපයක් සෑදේ. මේවා සාමාන්‍යයෙන් පණුකැවිලි නමින් හැඳින්වේ (පණුකැවිල්ල බලන්න).

(කර්තෘ: ඊ.ඇම්. විජේරාම)

ආයුර්වේද මතය

සම අළුපාට වී යන හෙයින් මෙම ආබාධය අළුහම් යන නාමයෙන් හැඳින්වේ. මෙය චර්ම රෝගයක් වුවත් දරුණු උපද්‍රව රහිතයි. අළුහම්වලින් ඇතිවන පීඩාව නම් ඩහදිය දැමූ කල මඳක් කැසීම පමණකි. සමෙහි මල වැඩි වීමට ද අළුහම් උපකාරි වේ. මෙය පිළියම් කළ යුතු රෝගයක් හැටියට සාමාන්‍ය පිළිගැනීමක් නැත. කොකුම්පොතු දියෙහි ගටා සමෙහි ඇතිල්ලීමෙන් අළුහම් අඩු වේ. වියළි කහ ද ඇතැම් විට අළුහම් මැකීමට ආලේපනය කරති.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අළුහම්&oldid=7600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි