"ආකීයා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Achaea). ග්‍රීසියේ පෙලොපොනීසස් අර්ධද්වීපයේ උතුරු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Achaea). ග්‍රීසියේ පෙලොපොනීසස් අර්ධද්වීපයේ උතුරු වෙරළෙහි පිහිටි පුරාණ පෞර රාජ්‍යයකි. කොරින්තියන් බොක්කටත් එරිමැන්තස් හා සයිලීනි (Cyllene) කඳුවලටත් මැදිව පිහිටි මේ රාජ්‍යයෙහි විශාලත්වය වර්ග සැතපුම් 1,141කි. වෙරළබඩ පටු තැනිතලාවකින් ද රට මැද අඩි 7,000ක් පමණ වූ | + | (Achaea). ග්‍රීසියේ පෙලොපොනීසස් අර්ධද්වීපයේ උතුරු වෙරළෙහි පිහිටි පුරාණ පෞර රාජ්‍යයකි. කොරින්තියන් බොක්කටත් එරිමැන්තස් හා සයිලීනි (Cyllene) කඳුවලටත් මැදිව පිහිටි මේ රාජ්‍යයෙහි විශාලත්වය වර්ග සැතපුම් 1,141කි. වෙරළබඩ පටු තැනිතලාවකින් ද රට මැද අඩි 7,000ක් පමණ වූ උස්බිම්වලින් ද යුත් ආකීයාව වැඩි වශයෙන් කඳු සහිත පෙදෙසකි. අඩි 7,727ක් උස් වූ ආරෝවානියා (Aroania) ආකීයාවෙහි ඉතා ම උස් කඳු ශිඛරයයි. මෙහි බලපවත්නා මධ්‍යධරණී දේශගුණය පලතුරු වගාවට ඉතා හිතකරය. |
විශේෂයෙන් ම දියළු පස් සහිත තැනිතලාවන්හි ඔලිව්, මිදි ආදි සෞම්‍ය කලාපික පලතුරු වගා කරනු ලැබේ. | විශේෂයෙන් ම දියළු පස් සහිත තැනිතලාවන්හි ඔලිව්, මිදි ආදි සෞම්‍ය කලාපික පලතුරු වගා කරනු ලැබේ. | ||
| 5 පේළිය: | 5 පේළිය: | ||
ආකීයානු පුර දොළොසක් එක්ව පිහිටුවා ගෙන තිබුණු රාජ්‍ය සංගමය ක්‍රි.පූ. 362 දී ස්පාටාවට විරුද්ධව ඇතන්ස් පුරය හා මිත්‍ර සම්බන්ධය ඇති කොට ගත්තේය. ආකීයා පුරය මැසිඩෝනියාවේ පිලිප්ගේ හා මහා ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක ආක්‍රමණ නැවැත්වීමට ග්රීකවරුන්ට ආධාර දුන්නේය. බයිසන්ටයින් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ මෙපෙදෙස 1460 දී තුර්කීහු යටත් කරගත්හ. | ආකීයානු පුර දොළොසක් එක්ව පිහිටුවා ගෙන තිබුණු රාජ්‍ය සංගමය ක්‍රි.පූ. 362 දී ස්පාටාවට විරුද්ධව ඇතන්ස් පුරය හා මිත්‍ර සම්බන්ධය ඇති කොට ගත්තේය. ආකීයා පුරය මැසිඩෝනියාවේ පිලිප්ගේ හා මහා ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක ආක්‍රමණ නැවැත්වීමට ග්රීකවරුන්ට ආධාර දුන්නේය. බයිසන්ටයින් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ මෙපෙදෙස 1460 දී තුර්කීහු යටත් කරගත්හ. | ||
| − | + | ආකීයා නම් වූ තවත් පළාත් කිහිපයක් ග්‍රීක් ප්‍රදේශයන්හි ඇත්තේය. | |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
13:06, 2 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
(Achaea). ග්‍රීසියේ පෙලොපොනීසස් අර්ධද්වීපයේ උතුරු වෙරළෙහි පිහිටි පුරාණ පෞර රාජ්‍යයකි. කොරින්තියන් බොක්කටත් එරිමැන්තස් හා සයිලීනි (Cyllene) කඳුවලටත් මැදිව පිහිටි මේ රාජ්‍යයෙහි විශාලත්වය වර්ග සැතපුම් 1,141කි. වෙරළබඩ පටු තැනිතලාවකින් ද රට මැද අඩි 7,000ක් පමණ වූ උස්බිම්වලින් ද යුත් ආකීයාව වැඩි වශයෙන් කඳු සහිත පෙදෙසකි. අඩි 7,727ක් උස් වූ ආරෝවානියා (Aroania) ආකීයාවෙහි ඉතා ම උස් කඳු ශිඛරයයි. මෙහි බලපවත්නා මධ්‍යධරණී දේශගුණය පලතුරු වගාවට ඉතා හිතකරය.
විශේෂයෙන් ම දියළු පස් සහිත තැනිතලාවන්හි ඔලිව්, මිදි ආදි සෞම්‍ය කලාපික පලතුරු වගා කරනු ලැබේ.
ආකීයානු පුර දොළොසක් එක්ව පිහිටුවා ගෙන තිබුණු රාජ්‍ය සංගමය ක්‍රි.පූ. 362 දී ස්පාටාවට විරුද්ධව ඇතන්ස් පුරය හා මිත්‍ර සම්බන්ධය ඇති කොට ගත්තේය. ආකීයා පුරය මැසිඩෝනියාවේ පිලිප්ගේ හා මහා ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක ආක්‍රමණ නැවැත්වීමට ග්රීකවරුන්ට ආධාර දුන්නේය. බයිසන්ටයින් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ මෙපෙදෙස 1460 දී තුර්කීහු යටත් කරගත්හ.
ආකීයා නම් වූ තවත් පළාත් කිහිපයක් ග්‍රීක් ප්‍රදේශයන්හි ඇත්තේය.
(සංස්කරණය: 1965)