"ඉබාදාන්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('නයිජීරියාවේ බටහිර ප්‍රාන්ත නම් වූ පාලන කොට්ඨ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | නයිජීරියාවේ බටහිර ප්‍රාන්ත නම් වූ පාලන කොට්ඨාසයෙහි ප්‍රධාන නගරයයි. මෙය පිහිටි කෝරළය ද ඉබාදාන් නමි. අප්‍රිකාවේ ඉතා ම විශාල නීග්‍රෝ නගරය වශයෙන් සැලකෙන ඉබාදාන්හි (1963) | + | නයිජීරියාවේ බටහිර ප්‍රාන්ත නම් වූ පාලන කොට්ඨාසයෙහි ප්‍රධාන නගරයයි. මෙය පිහිටි කෝරළය ද ඉබාදාන් නමි. අප්‍රිකාවේ ඉතා ම විශාල නීග්‍රෝ නගරය වශයෙන් සැලකෙන ඉබාදාන්හි (1963) 600,000ක් පමණ වූ ජනගහනය වැඩි වශයෙන් යොරුබා ගෝත්‍රිකයන්ගෙන් සැදී ඇත. |
| − | ඉබාදාන් වෙළහෙළදාම් බහුල නගරයකි. නයිජීරියාවේ කොකෝවා වගා කරන ප්‍රදේශයෙහි ප්‍රමුඛ මධ්‍යස්ථානය වන මෙහි රැස් කර අලෙවි වන | + | |
| − | ලාගස්හි සිට එන්ගුරු දක්වා වූ දුම්රිය මාර්ගයෙහි | + | ඉබාදාන් වෙළහෙළදාම් බහුල නගරයකි. නයිජීරියාවේ කොකෝවා වගා කරන ප්‍රදේශයෙහි ප්‍රමුඛ මධ්‍යස්ථානය වන මෙහි රැස් කර අලෙවි වන වෙළෙඳ ද්‍රව්‍ය අතුරෙහි ප්‍රධාන වශයෙන් කොකෝ ද ඊළඟට කපු, පාම් ඇට හා තෙල්, රබර් හා දුම්කොළ ආදි ගොවිද්‍රව්‍ය ද වැදගත් වේ. නයිජීරියානු දුම්කොළ සමාගමෙහි කම්හල් ඇතුළු වෙනත් නවීන කම්හල් කීපයක් ද ඉබාදාන්හි ඇත. ආර්ථික වශයෙන් පමණක් නොව අධ්‍යාපන කටයුතු අතින් ද ඉබාදාන් වැදගත් නගරයකි. ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල කොලීජියක් මෙහි ඇත. |
| − | වඩා උස් නොවූ කඳු ගැටිවලින් වට වූ ඉබාදාන්හි 19 වැනි ශතවර්ෂයේ දී | + | |
| + | ලාගස්හි සිට එන්ගුරු දක්වා වූ දුම්රිය මාර්ගයෙහි ඉබාදාන් ද වැදගත් නැවතුම්පොළකි. දුම්රිය මඟින් ලාගස්හි සිට ඉබාදාන් දක්වා දුර සැතපුම් 70කි. දේශීය ගුවන් ගමන් සඳහා වූ ගුවන් තොටුපළක් ද ඉබාදාන්හි ඇත. | ||
| + | |||
| + | වඩා උස් නොවූ කඳු ගැටිවලින් වට වූ ඉබාදාන්හි 19 වැනි ශතවර්ෂයේ දී මඩ පවුරුවලින් වට කරන ලද විශාල හමුදා කඳවුරක් වීල. එකල ගෝත්‍රික සටන්වල දී අල්ලාගනු ලැබූ වහලුන් මෙන් ම ආරක්ෂාව උදෙසා පැමිණියවුන් ද නිසා ඉබාදාන්හි ජනගහනය ශීඝ්‍රව වැඩි වීල. මෙකල නගරයෙහි වර්ධනය රඳා පවත්නේ එහි වාණිජ කටයුතු පිළිබඳ ප්‍රමුඛත්වය පිටය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නවීන ගෘහනිර්මාණ ශිල්පානුකූල ගොඩනැගිලි කීපයක් ම ඉදි වී ඇති හෙයින් ඊට පෙර එහි පැවති දේශීය ස්වරූපය දැන් වෙනස් වී තිබේ. | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
15:54, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
නයිජීරියාවේ බටහිර ප්‍රාන්ත නම් වූ පාලන කොට්ඨාසයෙහි ප්‍රධාන නගරයයි. මෙය පිහිටි කෝරළය ද ඉබාදාන් නමි. අප්‍රිකාවේ ඉතා ම විශාල නීග්‍රෝ නගරය වශයෙන් සැලකෙන ඉබාදාන්හි (1963) 600,000ක් පමණ වූ ජනගහනය වැඩි වශයෙන් යොරුබා ගෝත්‍රිකයන්ගෙන් සැදී ඇත.
ඉබාදාන් වෙළහෙළදාම් බහුල නගරයකි. නයිජීරියාවේ කොකෝවා වගා කරන ප්‍රදේශයෙහි ප්‍රමුඛ මධ්‍යස්ථානය වන මෙහි රැස් කර අලෙවි වන වෙළෙඳ ද්‍රව්‍ය අතුරෙහි ප්‍රධාන වශයෙන් කොකෝ ද ඊළඟට කපු, පාම් ඇට හා තෙල්, රබර් හා දුම්කොළ ආදි ගොවිද්‍රව්‍ය ද වැදගත් වේ. නයිජීරියානු දුම්කොළ සමාගමෙහි කම්හල් ඇතුළු වෙනත් නවීන කම්හල් කීපයක් ද ඉබාදාන්හි ඇත. ආර්ථික වශයෙන් පමණක් නොව අධ්‍යාපන කටයුතු අතින් ද ඉබාදාන් වැදගත් නගරයකි. ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල කොලීජියක් මෙහි ඇත.
ලාගස්හි සිට එන්ගුරු දක්වා වූ දුම්රිය මාර්ගයෙහි ඉබාදාන් ද වැදගත් නැවතුම්පොළකි. දුම්රිය මඟින් ලාගස්හි සිට ඉබාදාන් දක්වා දුර සැතපුම් 70කි. දේශීය ගුවන් ගමන් සඳහා වූ ගුවන් තොටුපළක් ද ඉබාදාන්හි ඇත.
වඩා උස් නොවූ කඳු ගැටිවලින් වට වූ ඉබාදාන්හි 19 වැනි ශතවර්ෂයේ දී මඩ පවුරුවලින් වට කරන ලද විශාල හමුදා කඳවුරක් වීල. එකල ගෝත්‍රික සටන්වල දී අල්ලාගනු ලැබූ වහලුන් මෙන් ම ආරක්ෂාව උදෙසා පැමිණියවුන් ද නිසා ඉබාදාන්හි ජනගහනය ශීඝ්‍රව වැඩි වීල. මෙකල නගරයෙහි වර්ධනය රඳා පවත්නේ එහි වාණිජ කටයුතු පිළිබඳ ප්‍රමුඛත්වය පිටය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නවීන ගෘහනිර්මාණ ශිල්පානුකූල ගොඩනැගිලි කීපයක් ම ඉදි වී ඇති හෙයින් ඊට පෙර එහි පැවති දේශීය ස්වරූපය දැන් වෙනස් වී තිබේ.
(සංස්කරණය: 1970)