"ඉර්කුට්ස්ක්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සමාජවාදී සෝවියට් සමූභාණ්ඩු සංගමයේ රුසියානු ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | සමාජවාදී සෝවියට් සමූභාණ්ඩු සංගමයේ රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුවේ නැගෙනහිර - මැද සයිබීරියාවේ පිහිටි | + | සමාජවාදී සෝවියට් සමූභාණ්ඩු සංගමයේ රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුවේ නැගෙනහිර-මැද සයිබීරියාවේ පිහිටි 'ඔබ්ලාස්ට්' පළාතකි. ව.සැ. 301,930ක් විශාල වූ ද මුහුදු මට්ටමේ සිට අඩි 1,500ක් පමණ උසින් පිහිටි සානුවක් වූ එහි ගිනිකොනින් බයිකාල් කඳුවැටිය (6,890') සහ බයිකාල් විලය; නිරිතදිගින් සායාන් කඳුවැටිය (11,453')ය. යෙනිසේ ගංගාවේ අතු වන උඩා (චූනා), [[අංගරා]] (බ.) සහ ටූරා උතුරු දෙසට ද ලේනා ගඟ ඊශාන දෙසට ද මේ සානුව ඔස්සේ ගලයි. මෙහි දේශගුණය සාමාන්‍යයෙන් ශීතය, වියළිය. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැ. 9° සිට 65.1° දක්වා වෙනස් වෙයි; වර්ෂාපතනය අඟල් 14·5කි. ලාච්, ෆ'ර්, ස්ප්රූස් සහ පයින් ගස්වලින් යුත් සරු කැළෑ බිමක් වන මෙහි දැව කර්මාන්තය ද සිනිඳු ලොම් සඳහා දඩයම් කිරීම ද ප්‍රධාන රැකීරක්ෂාය. කෘෂිකර්මය දියුණු වී නැත. තවද, දකුණේ චිරෙම්කෝවෝ (65,907) නගරය අවට සෝවියට් රාජ්‍යයේ පිහිටි විශාලත්වයෙන් තෙවැනි අඟුරු ආකරය ද ඊශානදිග බොදයිබෝ (20,000) නගරය අවට සෝවියට් රාජ්‍යයේ රන් නිෂ්පාදනයෙන් 1/3ක් උපදවන රන් ආකරය ද ඇත. තලාතු මිනිරන් සහ ලුණු මෙහි හාරා ගැනෙන වෙනත් ඛනිජය. |
| − | මේ පළාතේ පළමු ජනාවාස ඇති වූයේ 17 වැනි සියවසේ දීය. පසුව, රටින් පිටුවහල් කරනු ලැබූ සිරකරුවන්ගේ වාසභූමියක් වූ එහි දැන් රුසියානු, කොසැක්, මොංගොල් සහ ටුංගු යන වර්ගවල ජනයා වෙසෙති. ජනගහනය (1954) | + | මේ පළාතේ පළමු ජනාවාස ඇති වූයේ 17 වැනි සියවසේ දීය. පසුව, රටින් පිටුවහල් කරනු ලැබූ සිරකරුවන්ගේ වාසභූමියක් වූ එහි දැන් රුසියානු, කොසැක්, මොංගොල් සහ ටුංගු යන වර්ගවල ජනයා වෙසෙති. ජනගහනය (1954) 1,750,000කි. |
| − | ඉර්කුට්ස්කි පළාතේ ප්‍රධාන නගරය ද ඉර්කුට්ස්කි නමි. අංගරා ගඟ අසල පිහිටි ඒ නගරයෙහි සාමාන්‍යයෙන් ජනවාරි උෂ්ණත්වය ෆැ. | + | ඉර්කුට්ස්කි පළාතේ ප්‍රධාන නගරය ද ඉර්කුට්ස්කි නමි. අංගරා ගඟ අසල පිහිටි ඒ නගරයෙහි සාමාන්‍යයෙන් ජනවාරි උෂ්ණත්වය ෆැ.−5.4°කි; ජූලි උෂ්ණත්වය පැ. 65.1°කි. මහා සයිබීරියානු දුම්රිය මාර්ගයෙහි ප්‍රධාන නැවතුම් පොළක් වන එහි සිට මොස්කව් නගරයට දුර සැතැපුම් 3,225කි; ව්ලඩිවොස්ටොක් නගරයට දුර සැතැපුම් 2,572කි. සරු කැළෑවෙන් වැසුණු පෙදෙසක පිහිටි නිසා එහි ප්‍රධාන කර්මාන්ත දැව, සිනිඳු ලොම් සහ සම් ආශ්‍රිතව පවතී. දකුණු ඉර්කුට්ස්ක් අඟුරු ආකර පිහිටියේ ද මේ නගරයට ආසන්නවය. විශ්වවිද්‍යාලයක් ද තිබෙන මෙය නැගෙනහිර සයිබීරියානු සභ්‍යත්වයේ මධ්‍යස්ථානයකි. |
| − | 1625 දී ලොම් | + | 1625 දී ලොම් වෙළෙඳපොළක් සේ ආරම්භ වුණු මේ නගරය චීනය සහ අමූර් පළාත හා කළ වෙළෙඳාම හේතුකොටගෙන දියුණු විය. දුම්රිය නැවතුම්පොළක් වීමෙන් පසු ප්‍රධාන ගණයේ ව්‍යාපාරික ස්ථානයක් වූ එය අභ්‍යන්තර යුද්ධ සමයේ (1918–21) දී බොහෝ දුරට විනාශ විය. එහි ජනගහනය (1965) 401,000කි. |
| − | (සංස්කරණය: | + | (සංස්කරණය: 1970) |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
13:01, 29 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
සමාජවාදී සෝවියට් සමූභාණ්ඩු සංගමයේ රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුවේ නැගෙනහිර-මැද සයිබීරියාවේ පිහිටි 'ඔබ්ලාස්ට්' පළාතකි. ව.සැ. 301,930ක් විශාල වූ ද මුහුදු මට්ටමේ සිට අඩි 1,500ක් පමණ උසින් පිහිටි සානුවක් වූ එහි ගිනිකොනින් බයිකාල් කඳුවැටිය (6,890') සහ බයිකාල් විලය; නිරිතදිගින් සායාන් කඳුවැටිය (11,453')ය. යෙනිසේ ගංගාවේ අතු වන උඩා (චූනා), අංගරා (බ.) සහ ටූරා උතුරු දෙසට ද ලේනා ගඟ ඊශාන දෙසට ද මේ සානුව ඔස්සේ ගලයි. මෙහි දේශගුණය සාමාන්‍යයෙන් ශීතය, වියළිය. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැ. 9° සිට 65.1° දක්වා වෙනස් වෙයි; වර්ෂාපතනය අඟල් 14·5කි. ලාච්, ෆ'ර්, ස්ප්රූස් සහ පයින් ගස්වලින් යුත් සරු කැළෑ බිමක් වන මෙහි දැව කර්මාන්තය ද සිනිඳු ලොම් සඳහා දඩයම් කිරීම ද ප්‍රධාන රැකීරක්ෂාය. කෘෂිකර්මය දියුණු වී නැත. තවද, දකුණේ චිරෙම්කෝවෝ (65,907) නගරය අවට සෝවියට් රාජ්‍යයේ පිහිටි විශාලත්වයෙන් තෙවැනි අඟුරු ආකරය ද ඊශානදිග බොදයිබෝ (20,000) නගරය අවට සෝවියට් රාජ්‍යයේ රන් නිෂ්පාදනයෙන් 1/3ක් උපදවන රන් ආකරය ද ඇත. තලාතු මිනිරන් සහ ලුණු මෙහි හාරා ගැනෙන වෙනත් ඛනිජය.
මේ පළාතේ පළමු ජනාවාස ඇති වූයේ 17 වැනි සියවසේ දීය. පසුව, රටින් පිටුවහල් කරනු ලැබූ සිරකරුවන්ගේ වාසභූමියක් වූ එහි දැන් රුසියානු, කොසැක්, මොංගොල් සහ ටුංගු යන වර්ගවල ජනයා වෙසෙති. ජනගහනය (1954) 1,750,000කි.
ඉර්කුට්ස්කි පළාතේ ප්‍රධාන නගරය ද ඉර්කුට්ස්කි නමි. අංගරා ගඟ අසල පිහිටි ඒ නගරයෙහි සාමාන්‍යයෙන් ජනවාරි උෂ්ණත්වය ෆැ.−5.4°කි; ජූලි උෂ්ණත්වය පැ. 65.1°කි. මහා සයිබීරියානු දුම්රිය මාර්ගයෙහි ප්‍රධාන නැවතුම් පොළක් වන එහි සිට මොස්කව් නගරයට දුර සැතැපුම් 3,225කි; ව්ලඩිවොස්ටොක් නගරයට දුර සැතැපුම් 2,572කි. සරු කැළෑවෙන් වැසුණු පෙදෙසක පිහිටි නිසා එහි ප්‍රධාන කර්මාන්ත දැව, සිනිඳු ලොම් සහ සම් ආශ්‍රිතව පවතී. දකුණු ඉර්කුට්ස්ක් අඟුරු ආකර පිහිටියේ ද මේ නගරයට ආසන්නවය. විශ්වවිද්‍යාලයක් ද තිබෙන මෙය නැගෙනහිර සයිබීරියානු සභ්‍යත්වයේ මධ්‍යස්ථානයකි.
1625 දී ලොම් වෙළෙඳපොළක් සේ ආරම්භ වුණු මේ නගරය චීනය සහ අමූර් පළාත හා කළ වෙළෙඳාම හේතුකොටගෙන දියුණු විය. දුම්රිය නැවතුම්පොළක් වීමෙන් පසු ප්‍රධාන ගණයේ ව්‍යාපාරික ස්ථානයක් වූ එය අභ්‍යන්තර යුද්ධ සමයේ (1918–21) දී බොහෝ දුරට විනාශ විය. එහි ජනගහනය (1965) 401,000කි.
(සංස්කරණය: 1970)