"ඉබ්න් කුස්මාන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(? -1160). ස්පාඤ්ඤයේ උපන් අරාබි ජාතික කවියෙකි. බාල ක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

09:21, 5 මැයි 2025 තෙක් සංශෝධනය

(? -1160). ස්පාඤ්ඤයේ උපන් අරාබි ජාතික කවියෙකි. බාල කාලයෙහි පටන් අරාබි සාහිත්‍යය හා පද්‍යරසය කෙරෙහි ඇල්මක් දැක්වූ හෙතෙම බර්බර් රාජවංශයට අයත් අල් මුතවක්කිලි රජු යටතේ සේවය කෙළේය. ඔහුගේ ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු ඉබ්න් කුස්මාන් ස්වකීය ජන්මභූමිය වූ කෝර්දෝවා ප්‍රදේශයෙන් පිටත්ව ස්පාඤ්ඤයේ විවිධ ප්‍රදේශයන්හි සැරිසැරීමෙහි නිරත විය. ග්රැනඩා ප්‍රදේශයෙහි සංචාරය කළ සමයේ දී දක්ෂ කිවිවරියක් වූ නස්හූන් ඔහුට හමු වූවාය. ඇය ඇසුරු කිරීමෙන් කාව්‍ය පිළිබඳ ඔහුගේ දැනීම දියුණු තියුණු වී යයි කියත්.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_කුස්මාන්&oldid=7974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි