"ඉබ්න් කුතේබා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(828 – 889). අරාබි ලේඛකයකු වූ මොහු අයිරේනියානු පරපුර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
(828 – 889). අරාබි ලේඛකයකු වූ මොහු අයිරේනියානු පරපුරකින් පැවත ආවෙකි.
+
(828–889). අරාබි ලේඛකයකු වූ මොහු අයිරේනියානු පරපුරකින් පැවත ආවෙකි.
අරාබි ගද්‍ය සාහිත්‍යයෙහි ආදිකර්තෘවරයකු ලෙස සැලකෙන මොහු බැග්ඩෑඩ්හි හෝ කූෆා නගරයෙහි උපන්නෙකැයි යනු පිළිගැනීමයි. පළමුවෙන් දිනවාර්හි විනිශ්චයකාර පදවිය ඉසිලූ ඉබ්න් කුතේබා පසුව සේවය කෙළේ බැග්ඩෑඩ් නගරයෙහි ආචාර්ර්‍ය්‍යවරයකු වශයෙනි. බැග්ඩෑඩ් වාග්විද්‍යාඥයන්ගේ විද්‍යාපීඨයෙහි පුරෝගාමියකු වූ මොහු දේවධර්මාත්මක වාදවිවාදයන්ට ද සහභාගී වූයේය.
+
 
අරාබීන්ගේ ලේඛන ශෛලිය හැඩ ගැස්සීම සඳහා ලියන ලද '' අදබ් අල් කාතිබ් " නම් ග්‍රන්ථය සහ නීති උපදේශ හා ආචාර විද්‍යාව පිළිබඳ දෑ ඇතුළත් කොට ලියන ලද '' උයූන් අල් අඛ්බර් '' නම් ග්‍රන්ථය ද ඉබ්න් කුතේබාගේ කෘතීන් අතුරෙහි ප්‍රධාන තැන් ගනී.
+
අරාබි ගද්‍ය සාහිත්‍යයෙහි ආදිකර්තෘවරයකු ලෙස සැලකෙන මොහු බැග්ඩෑඩ්හි හෝ කූෆා නගරයෙහි උපන්නෙකැයි යනු පිළිගැනීමයි. පළමුවෙන් දිනවාර්හි විනිශ්චයකාර පදවිය ඉසිලූ ඉබ්න් කුතේබා පසුව සේවය කෙළේ බැග්ඩෑඩ් නගරයෙහි ආචාර්‍ය්‍යවරයකු වශයෙනි. බැග්ඩෑඩ් වාග්විද්‍යාඥයන්ගේ විද්‍යාපීඨයෙහි පුරෝගාමියකු වූ මොහු දේවධර්මාත්මක වාදවිවාදයන්ට ද සහභාගී වූයේය.
 +
 
 +
අරාබීන්ගේ ලේඛන ශෛලිය හැඩ ගැස්සීම සඳහා ලියන ලද 'අදබ් අල් කාතිබ්' නම් ග්‍රන්ථය සහ නීති උපදේශ හා ආචාර විද්‍යාව පිළිබඳ දෑ ඇතුළත් කොට ලියන ලද 'උයූන් අල් අඛ්බර්' නම් ග්‍රන්ථය ද ඉබ්න් කුතේබාගේ කෘතීන් අතුරෙහි ප්‍රධාන තැන් ගනී.
 +
 
මොහු විසින් සකස් කරන ලද කවීන්ගේ ජීවන චරිත සංග්‍රහය රචනා කරණය, සාහිත්‍ය විචාරය හා ඉතිහාසය පිළිබඳ අත්පොතක් සේ පිළිගැනේ. අරාබි ශාස්ත්‍රීය සම්ප්‍රදායයේ අවසාන පුරුක වශයෙන් සැලැකෙන ඔහු මියගියේ බැග්ඩෑඩ් නුවර දීය.
 
(සංස්කරණය: 1970)
 +
 +
[[ප්‍රවර්ගය: පුද්ගල චරිත - ගත්කතුවරු]]
 +
 +
[[ප්‍රවර්ගය: ඉ]]

11:22, 5 මැයි 2025 වන විට නවතම සංශෝධනය

(828–889). අරාබි ලේඛකයකු වූ මොහු අයිරේනියානු පරපුරකින් පැවත ආවෙකි.

අරාබි ගද්‍ය සාහිත්‍යයෙහි ආදිකර්තෘවරයකු ලෙස සැලකෙන මොහු බැග්ඩෑඩ්හි හෝ කූෆා නගරයෙහි උපන්නෙකැයි යනු පිළිගැනීමයි. පළමුවෙන් දිනවාර්හි විනිශ්චයකාර පදවිය ඉසිලූ ඉබ්න් කුතේබා පසුව සේවය කෙළේ බැග්ඩෑඩ් නගරයෙහි ආචාර්‍ය්‍යවරයකු වශයෙනි. බැග්ඩෑඩ් වාග්විද්‍යාඥයන්ගේ විද්‍යාපීඨයෙහි පුරෝගාමියකු වූ මොහු දේවධර්මාත්මක වාදවිවාදයන්ට ද සහභාගී වූයේය.

අරාබීන්ගේ ලේඛන ශෛලිය හැඩ ගැස්සීම සඳහා ලියන ලද 'අදබ් අල් කාතිබ්' නම් ග්‍රන්ථය සහ නීති උපදේශ හා ආචාර විද්‍යාව පිළිබඳ දෑ ඇතුළත් කොට ලියන ලද 'උයූන් අල් අඛ්බර්' නම් ග්‍රන්ථය ද ඉබ්න් කුතේබාගේ කෘතීන් අතුරෙහි ප්‍රධාන තැන් ගනී.

මොහු විසින් සකස් කරන ලද කවීන්ගේ ජීවන චරිත සංග්‍රහය රචනා කරණය, සාහිත්‍ය විචාරය හා ඉතිහාසය පිළිබඳ අත්පොතක් සේ පිළිගැනේ. අරාබි ශාස්ත්‍රීය සම්ප්‍රදායයේ අවසාන පුරුක වශයෙන් සැලැකෙන ඔහු මියගියේ බැග්ඩෑඩ් නුවර දීය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_කුතේබා&oldid=8000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි