"ඇට්ටමුරා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(කන්සියෙරා රීඩී-Cansjera rheedi Gmelin). බොහෝ ශාඛා සහිත කුඩා ආ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:27, 7 මැයි 2025 තෙක් සංශෝධනය
(කන්සියෙරා රීඩී-Cansjera rheedi Gmelin). බොහෝ ශාඛා සහිත කුඩා ආරෝහක ශාකයකි. කොළය අඟල් 1, 1/2 සිට 4 දක්වා දිගය; අණ්ඩාකාරය. කොළ නටුව ඉතා කොටය. අඟලක් පමණ දිග ඇති කක්ෂීය (axillary) ශූකිවල (spikes) කුඩා මල් පිපේ. මල නිර්වෘන්තය; ළා කහපාටය. ඵලය අඟල් 1/2ක් පමණ දිග, සිනිඳු, රතුපාට අෂ්ටිලයකි (drupe).
මේ ශාකය ලංකාවේ පාතරට ප්‍රදේශවල තරමක් බහුලය. ඉන්දියාව, චීනය, මලයාව, නිවර්තන ඕස්ට්‍රේලියාව යනාදි රටවලත් මෙය වැවේ.
ඇට්ටමුරා ඕසිලියාසේ කුලයට අයත්ය.
ආයුර්වේද මතය
ඇට්ටමුරා මඳක් තික්තය; උෂ්ණ වීර්යය ඇත්තේය; වාතය නසයි; රේචකය. මනුෂ්‍යයන්ගේ සහ ගවාදි සතුන්ගේ හස්තපාදාදි අවයව බිඳුණු කල ඒවා සන්ධි ගැන්වීම පිණිස ඇට්ටමුරා යොදනු ලැබේ.
(සංස්කරණය: 1967)