"ඇඩෝනිස්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රීක දේවකථාවන්හි දැක්වෙන ඉතා රූපත් තරුණයෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:10, 9 මැයි 2025 වන විට නවතම සංශෝධනය
ග්‍රීක දේවකථාවන්හි දැක්වෙන ඉතා රූපත් තරුණයෙකි. ඇෆ්‍රොඩයිටීගේ ප්‍රියයා වූ මෙතෙමේ සිනිරස් නම් සිරියානු රජුගේ පුත්‍රයාය. බැබිලෝනියානු කථාවන්හි මොහු හැඳින්වෙන්නේ ඉෂ්තාර් නම් භූ දේවතාවියගේ ආලය දිනාගත් තම්මුශ් නම් දෙවියා හැටියටය. මිසර, සිරියානු, සයිප්‍රස් හා මෙසපොටේමියානු දේවකථාවන්හි ද ඇඩෝනිස් ප්‍රවෘත්තියට සමාන කතාපුවත් දක්නා ලැබේ.
දඩයමේ ගිය ඇඩෝනිස් වල් ඌරකු විසින් මරනු ලැබීය. ඇෆ්‍රොඩයිටීගේ ශෝකය අධික වූ හෙයින් සියුස් දෙවියා මොහුට අවුරුද්දෙන් අඩක් ඇය සමඟ ද අනික් අඩ පාතාල ලෝකයෙහි ද වාසය කිරීමට අවසර දුන්නේය.
(සංස්කරණය: 1967)