"ඇතීනී" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රීක දේවකථාවන්හි ඥානයට අධිපති සේ ගැනෙන දෙව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:18, 9 මැයි 2025 වන විට නවතම සංශෝධනය
ග්‍රීක දේවකථාවන්හි ඥානයට අධිපති සේ ගැනෙන දෙවඟනය. රෝමවරුන් මැය හැඳින්වූයේ මිනර්වා (බ.) නාමයෙනි.
“සියුස් මහ දෙවියාට තදබල හිස රුජාවක් ඇති විය. එය ක්‍රමයෙන් වැඩි වූයෙන් ඉවසාගත නොහැකි වූ හේ තම පුත්‍ර හීෆෙස්ටස් ලවා පොරවකින් හිස පළවා ගත්තේය. ඒ සමඟ ම යුද ඇඳුමෙන් සැරසුණු ඇතීනී පහළ වූවාය.”
ග්‍රීක දෙවඟනන් අතුරෙහි ඉතා ම දක්ෂ දෙවඟන වූ ඇතීනී පොසෙයිඩොන් දෙවියා හා සමඟ ඇතන්ස් නුවර අයත් කරගැනීමේ තරඟයක යෙදුණාය. අවසානයේ දී එපුර රජු විසින් එම නගරයේ දෙවඟන හැටියට ඇතීනී තෝරා ගන්නා ලද්දීය. එනුවර ඇතන්ස් යනුවෙන් හැඳින්වූයේ එතැන් සිටය.
ඇතන්ස් නගරයෙහි පිහිටා ඇති ඇතීනීට කැප කළ දෙව් මැදුර වූකලි දර්ශනීයතම ග්‍රීක දේවස්ථානයයි. ඇතීනී ලබ්ධියේ මධ්‍යස්ථානය වූයේ ද එයයි.
(සංස්කරණය: 1967)