"ඉම්ඵාල්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉන්දියානු සමූහාණ්ඩුවේ මණිපූර් රාජ්‍ය ප්‍රදේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

10:06, 2 ජූනි 2025 තෙක් සංශෝධනය

ඉන්දියානු සමූහාණ්ඩුවේ මණිපූර් රාජ්‍ය ප්‍රදේශයෙහි අගනුවර ඉම්ඵාල්ය. ඉන්දියා-බුරුම දේශ සීමාවට සැතපුම් 50ක් බටහිර දිගින් ද කල්කටා නගරයට සැ. 375ක් පමණ ඊසාන දිගින් ද මුහුදු මට්ටමේ සිට අඩි 2,620ක් පමණ උස් වූ සානුවක ඉම්ඵාල් නගරය පිහිටා තිබේ. සානුව වටා විහිදි නාග කඳුවැටිවලින් නගරය ආවරණය වී ඇත. අඟල් 40-80ක සා.වා. වර්ෂාපතනයක් සහිත වූ ඉම්ඵාල් නගරය අවට පෙදෙස්හි ප්‍රධාන වශයෙන් වී, දුම්, උක්, අබ ආදි බෝග වගා කරන සශ්‍රීක ගොවිබිම් ඇත. පාලන මධ්‍යස්ථානයක් වශයෙන් මෙන් ම මාර්ග හා වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ද නගරය වැදගත් වේ.

දෙවැනි ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය කඳවුරක් මෙය ජපන් හා බ්‍රිතාන්‍ය සේනාවන් අතර සටන් බිමක් වූයෙන් නගරය තරමක් විනාශ විය. ජනගහනය (1961) 677,117කි. (සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉම්ඵාල්&oldid=8134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි