"ඉඹුරු" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(අකාසියා පාර්නෙසියානා - Acacia farnesiana Willd). කටු සහිත කුඩ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:10, 2 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
(අකාසියා පාර්නෙසියානා - Acacia farnesiana Willd). කටු සහිත කුඩා ගසකි. එහි ශාඛාවල අළු පාට තිත් තිබේ. කොළය ද්විපක්ෂවත්ය. පක්ෂක (pinnae) 8 සිට 16 දක්වා විය හැකිය. පක්ෂකයක තිබෙන පත්‍ර සංඛ්‍යාව 20 සිට 40 දක්වා වේ. ශීර්ෂකයක සුවඳැති කහ පාට මල් බොහෝ ගණනක් හටගනියි. ශීර්ෂකයක විෂ්කම්භය අඟල් 1 ½ක් පමණය. අඟල් 3ක් පමණ දිග කරල තද දුඹුරු පාටය.
නිවර්තන ප්‍රදේශවල මේ ශාකය දක්නට ලැබේ. ලංකාවේ පාතරට ප්‍රදේශවල එය දේශානුකූලකෘත වී (naturalised) ඇත.
ඉඹුරු ලෙගුමිනෝසේ කුලයෙහි මිමෝසොයිඩෙ උපකුලයට අයත්ය.
ආයුර්වේද මතය
තෙත් බිම් ආශ්‍රිතව හටගන්නා ගස් විශේෂයකි. ඕවිටි වැනි තෙතමන රඳා පවත්නා භූමි ප්‍රදේශවල මේ ගස් නොයෙක් විට දක්නා ලැබේ.
ඉඹුරු දත්වල හටගන්නා රෝග පහ කිරීමට ද සෙලවෙන දත් සවි කිරීමට ද යොදන ඖෂධයකි. ඉඹුරු සහ වෙනත් ඖෂධ වර්ග කකාරාගත් ජලය දත්වල උවදුරු පහ කරයි. මිරිස් කෑ විසට ප්‍රතිකාරයක් වශයෙන් ද මෙය වෙනත් ඖෂධ වර්ග සමග යොදන බව යෝගරත්නාකරයෙහි දැක්වේ.
(සංස්කරණය: 1970)