"ඉයොලිතික යුගය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉයොලිත් (බ.) මෙවලම් අයත් යුගය හෙවත් පාෂාණ යුගය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:12, 2 ජූනි 2025 වන විට නවතම සංශෝධනය

ඉයොලිත් (බ.) මෙවලම් අයත් යුගය හෙවත් පාෂාණ යුගයේ අරුණෝදය අවස්ථාව ඉයොලිතික යුගය යනුවෙන් හැඳින්වෙයි. මේ යුගය ක්‍රි.පූ. 1,000,000-500,000 අතර කාලය වශයෙන් ගැනෙයි. මේ කාල සීමාව භූවිද්‍යාඥයන් දක්වන තෘතීයික සමයේ අවසාන අවධිය වන ප්ලයෝසීන අවධියට අයත් වේ.

ක්‍රිස්තුවර්ෂාරම්භයට පෙර අවුරුදු පන්ලක්ෂයකටත් දසලක්ෂයකටත් අතර කාලයක මිනිසා හෝ මිනිසාට සමාන කිසියම් සත්ව වර්ගයක් ලොව විසූ බවට සාධක වීමෙන් ඉයොලිතික යුගය මිනිසාගේ පරිණාමය පිළිබඳ ඉතිහාසයෙහි වැදගත් තැනක් ගනියි.

ලංකාවේ තැන් තැන්වලින් සොයාගෙන ඇති තිරුවාණ ගල්වලින් සහ චර්ට් ගල්වලින් සාදා ඇති මෙවලම් ඉයොලිතික යුගයට අයත් යයි ලංකාවේ පුරාවිද්‍යා අධිකාරිවරයකු වූ ඒ.ඇම්. හොකාට් මහතා සැලකුවේය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉයොලිතික_යුගය&oldid=8142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි