"ඉයොසීන්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Eosine). මේ රසායන සංයෝගයේ රසායනික සූත්‍රය C20H8O5Br4 ය. එහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:15, 2 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
(Eosine). මේ රසායන සංයෝගයේ රසායනික සූත්‍රය C20H8O5Br4 ය. එහි අණුක භාරය 648.84කි. ඉයොසීන් ස්ඵටික සංයෝගයකි. එහි සූචි හැඩැති ත්‍රියානති (triclinic) ස්ඵටික රතුපාටය; ජලයේ අද්‍රාව්‍යය. එහෙත් මේ ස්ඵටික ඇල්කොහොලයෙහි ද ක්ෂාරවල ද අම්ලවල ද ද්‍රාව්‍යය. සායමක් වශයෙන් ද පරිමාමිතික විශ්ලේෂණයේ (volumetric analysis) දී උපයෝගී කොට ගන්නා දර්ශකයක් (indicator) වශයෙන් ද ඉයොසීන් යොදනු ලැබේ. ක්ෂාරයකට ඉයොසීන් එකතු කළ විට කොළපාටට හුරු ප්‍රතිදීප්තියක් (fluorescence) ඇති වේ. අම්ලයකට ඉයොසීන් එකතු කළ විට අම්ලය කහපාට වේ. ටෙට්රබ්රොම්ප්ලුවොරෙසීන් (tetrabromfluorescein) යන නාමය ද ඉයොසීන්වලට භාවිතා කෙරේ.
(සංස්කරණය: 1970)