"දිලීර" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 6ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව: | + | [[ගොනුව:Fungus-1.jpeg|400px|right]]දිලීර වනාහි සාමාන්‍ය ව්‍යවහාරයේ දී 'පුස්' ලෙස හඳුන්වන ජීවීන් කොටස වේ. මොවුන්, සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇති (සුන්‍යෂ්ටික) විශමපෝෂී, සවායූ ජීවීන් ය. දිලීර ශාක සහ සතුන්ගෙන් පැහැදිලිව වෙනස් වන ලක්ෂණ දරන බැවින් වෙන ම රාජධානියකට අයත්ය. |
දිලීරවල වර්ධක දේහය දිලීර ජාලයක් හෝ මයිසිලියමක් ලෙස හැඳින්වේ. මයිසිලියම ඉතා සියුම් නාලාකාර, ශාඛනය වූ සූත්‍රිකා නම් කෙදි වැනි ව්‍යුහවලින් සමන්විත වේ. | දිලීරවල වර්ධක දේහය දිලීර ජාලයක් හෝ මයිසිලියමක් ලෙස හැඳින්වේ. මයිසිලියම ඉතා සියුම් නාලාකාර, ශාඛනය වූ සූත්‍රිකා නම් කෙදි වැනි ව්‍යුහවලින් සමන්විත වේ. | ||
| 12 පේළිය: | 12 පේළිය: | ||
දිලීරවලින් 98% පමණ ගොඩබිම වාසය කරන අතර 2%ක් පමණ කුඩා කොටසක් ජලජ වේ. | දිලීරවලින් 98% පමණ ගොඩබිම වාසය කරන අතර 2%ක් පමණ කුඩා කොටසක් ජලජ වේ. | ||
| − | + | [[ගොනුව:Fungus-2-1.jpg|350px|left]] | |
දිලීරවලට ජීවත්වීම සඳහා කාබනික උපස්ථරයක් (පෝෂණය සඳහා), තෙතමනය සහ වාතය (oxygen) අවශ්‍ය වේ. වඩා හොඳින් වර්ධනය වන්නේ කාමර උෂ්ණත්වයේ වුව ද ඇතැම් දිලීර ඊට අඩු හෝ වැඩි උෂ්ණත්ව මෙන් ම අධිආම්ලික හෝ අධිසාන්ද්රික සීනි සහිත පරිසර තුළ ද වැඩේ. දිලීර සියල්ල ම විශමපෝෂි වේ. බොහොමයක් මළ ශාක හෝ සත්ව අවශේෂ මත මෘතෝපජීවී ව වැඩෙයි. උදා - පාන් මත වැඩෙන ''Rhizopus'' sp. (රූපය 3) මොවුන් බාහිරව ජීරක එන්සයිම ශ්රාවයකර උපස්ථරය ජීරණය කර එම සරල ද්‍රව්‍ය තම ශරීරය තුළට උරාගනී. | දිලීරවලට ජීවත්වීම සඳහා කාබනික උපස්ථරයක් (පෝෂණය සඳහා), තෙතමනය සහ වාතය (oxygen) අවශ්‍ය වේ. වඩා හොඳින් වර්ධනය වන්නේ කාමර උෂ්ණත්වයේ වුව ද ඇතැම් දිලීර ඊට අඩු හෝ වැඩි උෂ්ණත්ව මෙන් ම අධිආම්ලික හෝ අධිසාන්ද්රික සීනි සහිත පරිසර තුළ ද වැඩේ. දිලීර සියල්ල ම විශමපෝෂි වේ. බොහොමයක් මළ ශාක හෝ සත්ව අවශේෂ මත මෘතෝපජීවී ව වැඩෙයි. උදා - පාන් මත වැඩෙන ''Rhizopus'' sp. (රූපය 3) මොවුන් බාහිරව ජීරක එන්සයිම ශ්රාවයකර උපස්ථරය ජීරණය කර එම සරල ද්‍රව්‍ය තම ශරීරය තුළට උරාගනී. | ||
| 28 පේළිය: | 28 පේළිය: | ||
දිලීරවල වර්ගීකරණය නව දත්ත සලකා බලමින් නිතර යාවත්කාලීන වන ගෝලීය ව්‍යාපෘතියකි. 1973 Ainsworth වර්ගීකරණයට අනුව මික්සොමයිකෝටා (සෛල බිත්ති රහිත සෙවෙල් දිලීර) ඉයුමයිකෝටා (සෛල බිත්ති සහිත) ලෙස වංශ 2කට බෙදිනි. | දිලීරවල වර්ගීකරණය නව දත්ත සලකා බලමින් නිතර යාවත්කාලීන වන ගෝලීය ව්‍යාපෘතියකි. 1973 Ainsworth වර්ගීකරණයට අනුව මික්සොමයිකෝටා (සෛල බිත්ති රහිත සෙවෙල් දිලීර) ඉයුමයිකෝටා (සෛල බිත්ති සහිත) ලෙස වංශ 2කට බෙදිනි. | ||
| − | [[ගොනුව: | + | [[ගොනුව:Fungus-3.jpeg|600px|right]] |
ඉන්පසුව පහත සඳහන් කාණ්ඩ 5කට ඉයුමයිකෝටා බෙදන ලදි. | ඉන්පසුව පහත සඳහන් කාණ්ඩ 5කට ඉයුමයිකෝටා බෙදන ලදි. | ||
12:54, 10 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
දිලීර වනාහි සාමාන්‍ය ව්‍යවහාරයේ දී 'පුස්' ලෙස හඳුන්වන ජීවීන් කොටස වේ. මොවුන්, සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇති (සුන්‍යෂ්ටික) විශමපෝෂී, සවායූ ජීවීන් ය. දිලීර ශාක සහ සතුන්ගෙන් පැහැදිලිව වෙනස් වන ලක්ෂණ දරන බැවින් වෙන ම රාජධානියකට අයත්ය.දිලීරවල වර්ධක දේහය දිලීර ජාලයක් හෝ මයිසිලියමක් ලෙස හැඳින්වේ. මයිසිලියම ඉතා සියුම් නාලාකාර, ශාඛනය වූ සූත්‍රිකා නම් කෙදි වැනි ව්‍යුහවලින් සමන්විත වේ.
දිලීර බහුතරයක් සූත්‍රිකාකාර වුවද සුළු කොටසකගෙන් වෙනස් ජීවන වර්ධක කලා දැකිය හැකිය.
උදාහරණ ලෙස යීස්ට් (yeast = Saccharomyces sp.) නම් තනි සෛලික දිලීරය. (රූපය 1) ප්ලාස්මොඩියම් නම් සෛල බිත්ති රහිත නග්න ප්රාක්ප්ලාස්මීය ස්කන්ධ, බැසිඩියොමය්කොටිනා (Basidiomycotina) උපකාණ්ඩයේ මයිසිලියම් රාශියක් එක් වී සාදන හතු/ බිම්මල් ද දිලීර වේ. (රූපය 2) දිලීර සූත්රිකාවල බිත්ති බොහෝ විට කයිටින් වලින් සෑඳී ඇති අතර ඉතා සුළු දිලීර ප්‍රමාණයක බිත්ති, ශාක සෛල බිත්ති මෙන් සෙලියුලෝස් වලින් සෑදී ඇත.
මෙම බිත්ති මඟින් ප්‍රාක් ප්ලාස්මය වටවේ. ප්‍රාක් ප්ලාස්මය තුළ න්‍යෂ්ටිය, රයිබසෝම, මයිටොකොන්ඩ්‍රියා වැනි ඉන්ද්‍රිකා ඇත. හරිතලව නැත.
පරිනාමිකව නොදියුණු දිලීරවල ප්‍රාක්ප්ලාස්මය අඛණ්ඩ වන අතර ඔවුන් සංසෛලික හෝ නිරාවාර දිලීර ලෙස හඳුන්වයි. පරිනාමිකව දියුණු දිලීරවල දිලීර සූත්‍රිකා හරස් ආවාරවලින් ඛණ්ඩවලට බෙදී ඇත.
දිලීරවලින් 98% පමණ ගොඩබිම වාසය කරන අතර 2%ක් පමණ කුඩා කොටසක් ජලජ වේ.
දිලීරවලට ජීවත්වීම සඳහා කාබනික උපස්ථරයක් (පෝෂණය සඳහා), තෙතමනය සහ වාතය (oxygen) අවශ්‍ය වේ. වඩා හොඳින් වර්ධනය වන්නේ කාමර උෂ්ණත්වයේ වුව ද ඇතැම් දිලීර ඊට අඩු හෝ වැඩි උෂ්ණත්ව මෙන් ම අධිආම්ලික හෝ අධිසාන්ද්රික සීනි සහිත පරිසර තුළ ද වැඩේ. දිලීර සියල්ල ම විශමපෝෂි වේ. බොහොමයක් මළ ශාක හෝ සත්ව අවශේෂ මත මෘතෝපජීවී ව වැඩෙයි. උදා - පාන් මත වැඩෙන Rhizopus sp. (රූපය 3) මොවුන් බාහිරව ජීරක එන්සයිම ශ්රාවයකර උපස්ථරය ජීරණය කර එම සරල ද්‍රව්‍ය තම ශරීරය තුළට උරාගනී.
ඇතැම් දිලීර පරපෝෂී වේ. එනම් සජීවි ශාක හෝ සතුන් තුළ හෝ මත පෝෂණය ලබමින් වර්ධනය වේ. එවිට පෝෂණය සපයන ධාරකයාට හානි පැමිණේ. මෙම හානි රෝග ලක්ෂණ ලෙස ඉස්මතු විය හැක. තවත් ඇතැම් දිලීර ජීවන චක්‍රයේ වැඩි කාලයක් මෘතෝප ජීවි ලෙස සිට මල ද්‍රව්‍ය නැති විට පමණක් පරපෝෂී වේ. මොවුන් වෛකල්පික පරපෝෂින්ය. එලෙස ම වෛකල්පික මෘතෝපජීවීන් ද සිටියි.
එකිනෙකාට හානි නොකර සහජීවනයෙන් ජීවත්වන දිලීර ද ඇත. උදාහරණ ලෙස ලයිකනවල දිලීර සහ නීලහරිත හෝ හරිත ඇල්ගාවක් අතර ඇති සහජීවී සම්බන්ධතාව.
දිලීර ලිංගික හෝ අලිංගික ප්‍රජනනය සිදුකරයි. අලිංගික ප්‍රජනනය මයිසිලියම කඩකඩ වීම, අංකුරනය (යීස්ට් සෛලවල) හෝ මයිසිලියමේ ම කොටසකින් හටගන්නා බීජානුධානියක් තුළ ආවරණය වී සැදෙන බීජානු හෝ සූත්‍රිකා අග නිරාවණය වී සැදෙන කොනිඩියා මගින් සිදුවිය හැක.
අලිංගික ප්‍රජනනයේ දී මාතෘ සෛලවල ජාන සංයුතියම ඇති දුහිතෘ සෛල ඇතිවේ.
ලිංගික ප්‍රජනනයේ දී වෙනස් මයිසිලියම් දෙකක න්‍යෂ්ටි එක්වී ඉන්පසුව ඌනන විභාජනය වන බැවින් ජනිතයාට වෙනස් මාතෘ ජීවීන් දෙදෙනකුගේ ජාන උරුම වේ.
දිලීර බීජානු ඉතා සැහැල්ලු සහ බොහෝවිට විශාල සංඛ්‍යාවලින් නිපදවෙන බැවින් පුළුල් ලෙස ව්‍යාප්ත වේ. ඇස්කොමයිකෝටා සහ බැසිඩියෝමයිකෝටා (Ascomycota) (Basidiomycota) නම් උසස් දිලීර වංශවල ලිංගික ප්‍රජනනයේ සාදන ලිංගික බීජානු සංඛ්‍යාව අඩු අතර පිළිවෙළින් අස්ක බීජානු (4ක්) සහ බැසිඩි බීජානු (8ක්) නම් වේ. අස්ක බීජානු අස්කස නම් ව්‍යූහ තුළත් බැසිඩි බීජානු බැසිඩිඵල (බිම්මල්) මතත් ඇතිවේ.
දිලීරවල වර්ගීකරණය නව දත්ත සලකා බලමින් නිතර යාවත්කාලීන වන ගෝලීය ව්‍යාපෘතියකි. 1973 Ainsworth වර්ගීකරණයට අනුව මික්සොමයිකෝටා (සෛල බිත්ති රහිත සෙවෙල් දිලීර) ඉයුමයිකෝටා (සෛල බිත්ති සහිත) ලෙස වංශ 2කට බෙදිනි.
ඉන්පසුව පහත සඳහන් කාණ්ඩ 5කට ඉයුමයිකෝටා බෙදන ලදි.
• මැස්ටිගෝමයිකෝටීනා (බහුතරයක් ජලජ)
• සයිගෝමයිකෝටීනා (ආවාර රහිත පහත් දිලීර ජාලා)
• ඇස්කොමයිකෝටීනා (ලිංගික ප්‍රජනනයේදී අස්කස/ අස්කඵල Ascus සාදන උසස් දිලීර)
• බැසිඩියෝමයිකෝටීනා (ලිංගික ප්‍රජනනයේදී බැසිඩිඵල සාදන උසස් දිලීර)
• ඩියුටෙරෝමයිකෝටීනා (ලිංගික අවධියක් හඳුනාගෙන නැත)
2024 වර්ෂයේ දත්ත අනුව දිලීර ඇස්කොමයිකෝටා, බැසිඩියෝමයිකෝටා ඇතුළු වංශ (phylum) 19කට බෙදා ඇත.
දිලීර වංශ (phylum) 19ක් වර්ග (class) 83ක්, කුල (family) 1220ක් (genera) ගණ 10,685ක් සහ විශේෂ (species) 140,000 අලුත්ම වර්ගීකරණය අනුව විස්තර කෙරෙන අතර මෙම හඳුනාගත් විශේෂ ලොව පවතින දිලීරවලින් 10%ක් වැනි කුඩා ප්‍රමාණයක් බවත් සැලකේ.
දිලීරවල ආර්ථික වැදගත්කම සැලකීමේ දී, පහත කරුණු වැදගත් වේ.
• මෘතෝපජීවී දිලීර පෘථිවිය මත ඇති මළ ද්‍රව්‍ය/ අපද්‍රව්‍ය වියෝජනය කර එමගින් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණයට දායක වේ.
• මස්, මාළු, එළවළු, පළතුරු සහ වෙනත් ආහාර, පාන මත වැඩෙමින් ආහාර 'නරක් වීම' සිදුකරයි.
• ලී, හම්, රෙදි මත වැඩෙමින් ඒවා දිරාපත් කරයි.
• මිනිසා ඇතුළු සතුන්ට සහ ශාකවලට ලෙඩරෝග සාදයි
• මධ්‍යසාර නිපදවීමට අවශ්‍ය වේ.
උදා - බියර්, වයින් සෑදීමට යීස්ට් විශේෂ දායක වේ. Saccharomyces sp.
• සාකේ සෑදීමට Aspergillus oryzae
• පාන්, කේක් වැනි බේකරි ආශ්රිත ආහාර පිපීමටත් යීස්ට් අවශ්‍ය වේ.
• ඇතැම් ප්‍රතිජීවක (antibiotics) නිපදවීමට
උදා- Penicillin
• ආහාරයක් ලෙස ගන්නා හතු/ බිම්මල් වර්ග
උදා - Agaricus sp., Pleurotus sp.
(කර්තෘ: කේ.ඕ.එල්.සී. කරුණානායක)
(සංස්කරණය නොකළ-2025)


