"උග්ගල් කල්‍තොට" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රත්නපුර දිස්ත්‍රික්කයේ හෙල උඩ පළාතේ කඩවතු, මැ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:25, 2 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

රත්නපුර දිස්ත්‍රික්කයේ හෙල උඩ පළාතේ කඩවතු, මැද යන කෝරළ අතර පිහිටි ගමකි. බලන්ගොඩ සිට මීට දුර සැතපුම් කීපයකි. උග්ගල් අලුත්නුවර කතරගම් දේවාලයට අයත් පිදවිලි ගමක් වූ මෙහි ඇතැම් කොටස් දැනට වැසියන් සතු වී ඇත. මෙහි තන්හි තන්හි දක්නට ලැබෙන පැරණි ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ, පුරන්ව තිබෙන විශාල වෙල්යායවල් හා වාරිමාර්ග සහිත වැව් ආදිය දෙස බලන විට මේ ප්‍රදේශය අතීතයේ දී මහත් දියුණුවකින් පැවැති බව හැඟේ. බුදුගල විහාරස්ථානය පිහිටියේ ද මීට නුදුරුවයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උග්ගල්_කල්‍තොට&oldid=8291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි