"උඩබුලත්ගම" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පස්බාගේ කෝරළය හා අඹගමුව කෝරළය යන ආදායම් පාලක ක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:40, 2 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

පස්බාගේ කෝරළය හා අඹගමුව කෝරළය යන ආදායම් පාලක කොට්ඨාස දෙක ඇතුළත් පෙදෙස සාමාන්‍යයෙන් හැඳින්වෙනුයේ උඩබුලත්ගම නමිනි. 1963 දී මෙම ආදායම් පාලක කොට්ඨාස ද්වය වෙන් කිරීමට පෙර එම මුළු ප්‍රදේශය ම උඩබුලත්ගම වශයෙන් හැඳින්වුණු තනි ආදායම් පාලක කොට්ඨාසයක් විය. කන්ද උඩරට රාජ්‍යයෙහි කොටසක් වූ මෙම පෙදෙස එකල උඩබුලත්ගම රට නම් විය. 1833 දී ඉංග්‍රීසි පාලනය යටතෙහි ලංකාව පළාත් පහකට බෙදූ අවස්ථාවේ දී මධ්‍යම පළාතෙහි වයඹ දිග කොටසට මෙම පෙදෙස ඇතුළත් විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩබුලත්ගම&oldid=8308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි